Friday, June 26, 2009


දෙවියො...
අද අපි කතාකරන්න යන්නෙ දෙවියො ගැනයි.හැබැයි වෙනත් ආගමික දෙවියන් ගැන නෙමෙයි අපි කතාකරන්නෙ.අපි බෞද්දයො විදිහට වෙනත් ආගම් වලට ගරුකල යුතුයි.ඒනිසා අපි කතාකරන්නේ බෞද්දයො අදහන දෙවියන් ගැනයි. හොදයි අපිට දෙවියන් කිව්වහම ඉසෙල්ලාම මතක් වෙන්නේ කව්ද...? කතරගම දෙවියන් නේද...? දේව සන්කල්පයේ තියෙන්නේ මොන ඉගැන්වීමක්ද..? නිත්‍යයි, සුකයි, ආත්මයි කියන එක තමයි දෙව සන්කල්පය.

එතකොට බෞද්ද සන්කල්පය කියන්නේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන එකයි. ඒත් අපි අපේ ගෙදර බුදු කුටිය තුල කතරගම, විශ්නු, සරස්වතී දේව රූප තියන්නේ නැද්ද...? එහෙම කරන කෙනෙක් ඉන්නවා නම් ඒ අය හිතාගන්න ඒ අය බෞද්දයො නෙමෙයි කියලා.මොකද ඒ අයගේ හිතේ බුදු රජානන් වහන්සේ ගැන, බුදු රජානන් වහන්සේගේ ශ්‍රි සද්දර්මය ගැන,බුදු රජානන් වහන්සේගේ මහා සන්ඝරත්නය ගැන කිසිම විශ්වාසයක් නෑ කියන එකයි.

එහෙනම් එයා තෙරුවන් සරණ ගිය පුත්ගලයෙක් නෙමෙයි. පන්සලට ගිහින් කොච්චර හයියෙන් කෑගහල පන්සිල් ගත්තත් එයා තෙරුවන් සරණ ගිය පුත්ගලයෙක් නෙමේයි.ඔයොගොල්ලො මෙ අදහන කතරගම දෙවියො විශ්නු දෙවියොත් හින්දු දෙවිවරු එතකොට මෙ හින්දු බෞද්ද සන්කල්ප් එකට එකතුකරන්න අච්චාරු කරන්න යන අපි බෞද්දයොද...? ඔයගොල්ලො මෙ අදහන කතරගම දෙවියන් ගේ කතාව මම දැන් කියන්නම් මේක සොමහාමුදුරුවන්ගෙ දේෂනාවකින් ගත්ත කොටසක් කෙටියෙනුයි කියන්නේ

එකපාරක් විශ්නු දෙවියො ලමයි 7ක් මැව්වලු මෙතනට උමයි ඊශ්වරයි ආවලු මෙ ලමයි දැක්ක උමාට ඇතිවෙච්ච දරු සෙනෙහසට පැනපු ගමන් මොකද අයියේ මේ දරු කන්දක් කියලා මෙ ලමයි ටික බදාගත්තලු මේ අතර හිටපු පොඩිම ලමයා මේකෙන් කොහොමහරි එලියට පැනගත්තලු ඉතින් මේ බදාගෙන හිටපු ලමයි 6 කදමැදදෙන් එකට උනාලු.නිකන් හිතලා බලන්න කදමැදදෙන් එකට වෙන්න උමා කොහොම බැදිල්ලක් බදන්නාත්ද..? ඒක යකාගෙ දරු සෙනෙහසක් නෙද..?

දැන්මේ කදමැද්දෙන් එකතු උනාම අත් 12 කකුල් 12 ඔලු 6 විතරද ඉතුරු උනේ අනිත් අනිත් උපාන්ග වලට මොකද උනේ..? බලන්න දේව සන්කල්ප ගොඩනගන්න ගිහින් කරගෙන තියන දෙය...? එතකොට මේ සන්කල්ප අදහන අපි බෞද්දයොද මේ සන්කල්ප ඇත්තද මේ සන්කල්ප අපේ ජීවිතය තුලින් දකින්න පුලුවන්ද බෑ නෙද ඒත් අපේ බුදුදහමෙ අපේ ජීවිතය තුලින් දකින්න බැරි කිසිම දෙයක් නෑ හැම දේම අපේ ජීවිතය තුලින් දකින්න පුලුවන් ඔපන‍යිකයි කිව්වේ.

එහෙනම් මේ නිර්මල බුදු දහම පැත්තකට දාලා දේව සන්කල්ප බදාගෙන මොකක්ද අපි මේ කරන විකාරය.දේව සන්කල්පය තියෙන්නේ යදින්න, ඉල්ලන්න වෙනත් විදිහකට කියනවනම් දෙවියන්ගෙන් හිගාකන්න.ඒත් බුදු දහම තියෙන්නේ සරන යන්න ඒ බුද්දමාර්ගයේ ගමන් කරන්නයි බුදු දහමේ යදින්න, ඉල්ලන්න නෑ තමන්ගේ මහන්සියෙන්මයි සසරෙන් මිදෙන්න තියෙන්නේ.

මම මීටවඩා මේගැන කියන්න යන්නේ නෑ.මේ ලිපිය වෙනත් ආගමික සහොදරයෙක් කියවනවනම් මම මේ අනිත් ආගම් ගැන කියන්න නෙමේයි උත්සහ කරේ අපේ බෞද්දයොම කරන වැරදි පෙන්වීමක් විතරයි කරේ මේ ගැන වැරදියට තෙරුම් ගතයුතු නෑ.අනික මම හිතනවා මම මේ ගන්න මහන්සියෙන් ඔයාලා මොනවා හරි දෙයක් ජිවිතෙට එකතුකරගෙන ප්‍රයොජනයක් ලබනවා ඇතිකියලා.හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් ඩහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

ඔබ තෙරුවන් සරණයන බෞද්දයෙක් වෙනවාද...?
දෙවියන්ගෙන් යදින, හිගාකන යාචකයෙක් වෙනවාද...?
තීරනය ඔබ අතෙයි....!

සැමට තෙරුවන් සරණයි...!

No comments:

Post a Comment