Friday, June 26, 2009

පැහැදීම.

පැහැදීම.

සම්බුදු දහම ජිවිතයට එක් කරගන්නත් බුදු දහම ඉගන ගන්නත්. අපේ මේ සම්බුදු දහම ගැන හොද පැහැදීමක් තියෙන්න ඔනි. ඒ අපි අතිකර ගන්න පැහැදීම කිසිම විටකින් කිසිම කෙනෙකුට වෙනස් කරන්නත් බැරිවෙන්න ඔනි.

සමහරක් අය මේ පැහැදීම වැරදි විදිහට පහදිනවා. ලස්සන හමුදුරුවෝ කෙනෙක් බන කිව්වොත් ඔන්න කියනවා "ල්ස්සන බන ටික නෙද" හබඉ ඒ පැහැදුනේ බන දෙශනාවේ තියන අර්ථයටද..? හමුදුරුවන්ගෙ රුපයටද..? තව හමුදුරුවූ කෙනෙක් විහිලු බනක් කිඋවොත් ඔන්න හිනවෙවී "ශෝක් බන ටික" කියනවා. සමහර විට හාමුදුරුවො බන අතර තුර විහිලුවක් දෙකක් කරන්නේ අහන් ඉන්න අයට කම්මැලිකම නැතිකරන්න වෙන්න පුලුවන්.

හැබැයි අහන් ඉන්න අය අර දර්ම දෙශනාවේ තියන අර්ථය පැත්තකට දාලා විහිලුවලට පහදිනවා. ගෙදර යද්දී මතක අර විහිලු ටික විතරයි. එහෙම නෙමෙයි අපි පහදින්න ඔනි. බුදුරජානන් වහන්සේ සියලු කෙලෙස් නැසුවා කියලා පහදින්න, උන්වහන්සේ නිර්මල මනාකොට දෙශනාකොට වදාල දහමක් අපිට තියනවා නෙද කියලා පහදින්න. අපිට ඒ දර්ම මාර්ගයේ ගමන් කරන මහා සංඝරත්නයන් වහන්සෙලා ඉන්නවා නෙද කියලා පහදින්න.

හැබැයි මේ පැහැදීම කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි එකක් වෙන්න ඔනි. දෙවියන් ඇවිත් කිව්වත් ඒ පැහැදීම එහෙමම තියා ගන්න පුලුවන් වෙන්න ඔනි. ඒකයි නියම පැහැදීම කියන්නේ. තමන් අදහන ධර්මය පිලිබදව නිසි පැහැදීමක් අපිතුල නොතිබුනොත් අපිව ඔනෙම කෙනෙකුට රවට්ටන්න මුලා කරන්න පුලුවන් වෙනවා.

බොරු දර්මයක් අපිට උගන්වලා අපිව මුලා කරන්න පුලුවන් වෙනවා. ඒත් අපි නියම විදිහට අපි අදහන ධර්මයට පැහැදිලා හිටියොත් කාටවත් එහෙම කරන්න බැරිවෙනවා. හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

සැමට තෙරුවන් සරණයි...!

No comments:

Post a Comment