Friday, June 26, 2009

"සල්ල සූත්‍රය"


බුදු රජාණන් වහන්සේ විසින් වදාල "සල්ල සූත්‍රය" සෝක කුල ගැන වදාල දෙසුමයි...!

මේක ඉතාම වැදගත් සූත්‍ර දෙශනාවක්.හැමෝම මේ සුත්‍රය කියවා තෙරුම ජිවිතයට එක්කර ගනී කියා මම හිතනවා.

ගතවෙන ජීවිතය මෙහි මිනිසුන් ගෙවන...
දැකගත නොහැක මරනය අත වනන තැන...
දුක් කරදර මැදින් සුලුසතුටක් ලැබෙන...
දිවියද ගෙවාලිය යුත්තේ මයදුකින...

යුදමින් උපායක් නොමැරී සිටින්නට...
නොහැකිය නැත උපා එලසින් දකින්නට...
දිරමින් සකස්වෙයි මරුවෙතටම යන්නට...
ලෝධහමක්ය ඉපදුන සතුන් හට...

හිමිදිරි උදෑසන ගිලිහී බිම වැටෙනා...
බියමය පවතින්නෙ රුක්ඵලයට ඉදෙනා...
එලෙසින් මේලොවේ ඉපදී සිටිනා...
පෙලෙමින් සිටිති බියකින් මරනය ගෙනෙනා...

කුබලෙක් ඔප දමා තැනු මැටි බදුන් හැම...
බිදෙමින් නිමාවී ඒ හැම වැටෙයි බිම...
මෙලෙසින් ලොවේ ඉපදුන මිනිසුන්ද හැම...
මරනය කරා යති කරමැටි බදුන් සම...

දරුවන් මහලු අය සහ යහපත් අයද...
ගතිගුන නරක උදවිය හා හැම දෙනද...
මරනය නැමති දේ වසගෙට යති නිබද...
මරනය තුලින් නිමවීයයි සැම දෙයද...

මැඩෙමින් මරනයෙන් පරලොව යන කලට...
තම පුතු වලකන්න නොහැකිය පියෙකු හට...
නෑයෙක් දිවිගෙවා යන විට මරනයට...
නොහැකිය වලකන්න එය ඤාතියෙකු හට...

එක එක ගවයාව කැදවා මරනයට...
ගවයන් මරන්නා උන් ගෙන යයි යසට...
එලසම නෑසියන් වැලපෙන හඩන විට...
කැදවන හැටි බලව එකිනෙක මරනයට..

වැටෙමින් ජරා මරනෙට නොසිතූ විලසේ...
මැඩෙමින් පෙලෙති ලෝසත හැම විට දුක සේ...
දකිමින් නැනති උතුමන් ලෝධම මෙලෙසේ...
නිතියෙන් සෝක නොකරත්මය කිසි විලසේ...

මව් කුසවෙත පැමිනි අයුරුද ඔහු නොදනී...
මෙතනින් මැරුනු පසු යන තැන ගැන නොදනී...
මේ දෙක ගැනම නොමදන්නා කෙනාලොවේ...
මේ ගැන වැලෙපෙන්නෙ අරුතක් ඇතිව නොවේ...

හඩමින් වැලපෙමින් සිටිනා කෙනෙකු හට...
යම් කිසි යම් කිසි සෙතක් සැලසේනම් හඩන විට...
නුවනැත්තා පවා සිහියද මුලාකොට...
පෙලෙමින් තමාවද යොමුවෙයි ඒ දෙයට..

හඩමින් සෝකවනවිට කෙනෙකුගේ හිත...
කිසිවිට සහන් සුවයක් ඒ සිතේ නැත...
බොහොදුක් ගොඩක් ඔහුතුල හටගනු නියත...
ඇගපත පවා තැලි පොඩිවී පෙලෙනු ඇත...

ඇගපත දිරාගොස් පෙනුමද නසාගෙන...
තම හට තමා මෙලෙසට දුක හදාගෙන...
හැඩුමෙන් කිසිදිනක මලවුන් නෝඑත්මය...
මෙලෙසින් වැලපීම හරසුන් දෙයක්මය...

සොකය අත්නොහැර බොහොදුක රැස්කරනා...
නිතරම සිත සිතා මලවුන් ගැන තැවෙනා...
කෙනෙකුන් ගතකරයි නම් දිවි මේලෙසිනා...
සොකය වෙතම යනු ඇත හෙතෙමේ නිතිනා...

බියවී සැලෙයි තැතිගෙන මරු පැමිනි විට...
මෙලොවඩි තමා කල දෙය ගෙන පොදියකට...
විදුමට ඒ අනුව ගොස් පරලොවට...
යන හැටි බලව ලෝසත මේ දුක දෙසට...

සිටියද සිතාගෙන ඒ දෙය යසට...
සිදුවන්නේම වෙනකකි නොසිතූ ලෙසට...
පවතී වෙනස්වීමම මේ විලසකට...
දැනගත යුතුයි මේ ලෝධහමක් ලෙසට...

ගෙවනා විටයමෙක් මේ ජිවිතය පුරා...
සියවසරකින් හෝ වැඩිපුර ටිකක් දරා...
නෑසිය මිතුරු හැර ඔහු තනි දිවිය කරා...
යන්නට සිදුවේය මේ දිවිතිබෙන තුරා...

දුටුවිට කෙනෙක් මලවුන් අතරට යාම...
යලිමට නොලැබේය මොහු දැක සැනසීම...
දුරුකර ගනු පිනිස මේ ගැන වැලපීම...
අසමින් ගතයුතුය රහතුන්ගේ ධහම...

ගිනිගත් ගෙයක් ජලයෙන් නිවනා විලසේ...
නුවනැති වෙර වඩන නිති මිනිසා මෙලෙසේ...
දුරුකර දමයි සිතසෝකය දැන සොදසේ...
පුලුනක් පිබහරින මහ සුලගක් විලසේ...

තම සැනසීම සොයනා මිනිසා මෙලොවේ...
වැලපුම ආශාව දුක දුරුකල යුතුවේ...
දිවිමග සැපත වනසන විපතද මෙයවේ...
දැනගෙන සොකහුල උදුරාලිය යුතුවේ...

උදුරා සෝකහුල තන්හාවෙන් තොරවී...
සැනසුම ලබා ගත්විට දුක යයි දුරුවී...
සෝකය නොමැතිවී සැනසිලි සුව මතුවී...
යයි ඒ තැනත්තා පිරිනිවනට යොමුවී...

සැමගේ සිත්තුල ඇති දුක් දුරුවී වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝදවී නිර්වාන සුවය ලබාගැනීමට හැකිවේවායි පතනවා.

සැමට තෙරුවන් සරණයි...!

No comments:

Post a Comment