Thursday, June 25, 2009


බුදු පිලිමය සහ දේව රූපය

අද අපි සමාජයෙන් වෙන අත්වෑරද්දක් ගෑන කතා කරමු අපි අද බුදු පිලිමය පාවිච්චි කරන්නෙ මොකටද..? මල් ටිකක් තියලා වෑදලා ගිරව් වගේ ගාතා ටිකක් කියන්න විතරයි නෙද...? හොදයි දේව පිලිමය ලගට මිනිස්සු ගිහින් මොනවද කරන්නෙ...? දේව පිලිමය ලගට ගිහින් මිනිස්සු යාච්නා කරනවා, යදිනවා තමන්ගේ හිතේ දුක කියලා එයාව දුකින් මුදවලා දෙන්න කියලා ඉල්ලනවා එහෙමත් නෑත්තම් එයාගෙ විභාහගය පාස් කරලා දෙන්න කියලා ඉල්ලනවා.

ඒත් එහෙම දෙවියන්ගෙන් ඉල්ලපු පමනින් එයා ව්භහගය පාස් වෙනවද..? එහෙම හිතනවනම් ඒක මහ මොඩ ක්‍රියාවක්.මොකද එහෙම හිතනවනන් මෙහෙමත් හිතන්න පුලුවන් "හරි මම දෙවියන්ට කිව්වා දෑන් දෙවියො ඇවිත් මගේ විභහගය ලියලා මාව පාස් කරලා දෙයි" ඔහොම හිතලා එයා පාඩම් නොකර හිටියොත් විභහගය පාස් වෙයිද..?

මේවගේ බොලද දේවල්, ක්‍රියාවල් අපේ නිර්මල බුදු දහමේ උගන්නන්නේ නෑ. එහෙමනන් අපි මේ මොනවද කරන්නේ..? බුදු කුටියට ගිහින් පන්සිල් සමාදම් වෙලා පන්සලේම දේවාලෙට ගිහින් දෙවියන්ගෙන් හිගා කනවා.එතකොට අපි බුද්දස්‍රාවකද..? දේවස්‍රාවකද..? මොකද මම එහෙම ඇහුවේ අපේ බුදු දහමේ යැදීමක් ගැන ඉගන් වීමක් නෑ. එතකොට සමහර අයට ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් මොකටද එහෙනම් බුදු පිලිම තියෙන්නේ කියලා..? බුදු පිලිම තියෙන්නෙ අපගේ සම්මා සම්බුදු බුදුරජානන් වහන්සේගේ අප්‍රමාන බුදුගුන සිහිකරන්නයි.

බෞද්දයන්ගේ හිතේ තියෙන කලබලකාරී තත්වය නැතිකර ගෙන තමන්ගේ හිතේ බුද්දාලම්භන ප්‍රීතිය ඇතිකරගන්නත් යන කාරනා වලටයි. දැන් බලන්න අපේ සමහර බෞද්දයො කරන තවත් වැරද්දක් තමා ඒ අය හිතන් ඉන්නේ බෝදින් වහන්සේ කියන්නේ කප් රුකක් කියලා. ඒ අය තමන්ගේ අපල නැති කරන්න කියලා ඉල්ලනවා, තමන්ව ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලනවා. නියම බෞද්දයාට කොහොමත් සද්ධර්මයේ ආරක්ෂාව තියනවා අමුතුවෙන් ඒක ඉල්ලන්න දෙයක් නෑ.

එහෙම අමුතුවෙන් ආරක්ෂාවක් එයා ඉල්ලනව කියන්නෙ එයාගේ ඇත්තම එයා බෞද්දයෙක්ද කියලා එයාට එයාගේ හිතේ සැකයක් තියනවා කියන එකයි. බොදින් වහන්සේ තියෙන්නෙත් මම ඉස්සරවෙලා කිව්වා වගෙ බුදුගුන සිහි කරන්නයි. එහෙනම් මොනවද මේ අපි බෞද්දයො කියාගෙන කරන බොලද වැඩ. මම ඉස්සර වෙලා දෙවියන් ගැන කතා කරා දැන් සමහර අයගෙ හිතේ ඒ ගැන ප්‍රෂ්නයක් ඇතිවෙලා ඇති අපි දෙවියන් ගැන ඊලග ලිපියෙන් කතා කරමු.

මේ අපගේ සම්මා සම්බුදුරජානන් වහන්සේ ඉපදුන, සම්මා සම්බුදු පදවියට පත් උන, පිරිනිවනපා වදාල මාසයයි, මේ මාසයෙදිවත් අපි අපේ තියන බොලද වැඩ, බොලද සිතිවිලි නවතා සද්දර්ම මාර්ගයේ ගමන් කොට නියම බෞද්දයො වෙමු...!

ඔබ බෞද්දයෙක් වෙනවද...?
ඔබ බෞද්දයෙක් නොවෙනවද...?
තීරනය ඔබෙ අතෙයි....!

තෙරුවන් සරනයි...!

No comments:

Post a Comment