Friday, June 26, 2009

සැප දුක...!

සැප දුක...!

මේ අපි ගත කරන කෙටි ජිවිතය තුල සැමටම සැමවිටම වෙනස් වෙමින් ලැබෙන දෙයක් තමයි සැප හා දුක කියන්නේ.මේ දෙක තමන්ට ලැබෙන විදිහ තීරනය වෙන්නේ තමන් ගිය ආත්මයෙදීත් මේ ආත්මයෙදීත් කරන පින් පව් අනුව තමයි.ලෞකික ජිවිතය සැපවත්ව ගත කිරීමට පින් උපකාරී වෙනවා.ලෞකික ජිවිතයෙන් බැහැරව ලොකෝත්තර සුවය සදහා කුසල් උපකරී වෙනවා.

හුගාක් අය මේ දෙක පටලවාගෙන තියනවා.නමුත් පින් නොකර කුසල් වඩන්න විදිහක් නෑ.ඔබ මිලග ආත්මයේ මීටත් වඩා සැප ලබන්න සැපසේ වාසය කරන්නන කමතිනම් ඔබට හැකි සෑම අවස්තාවකම පින් කරන්න ඔබ කරන පින් ඔබට මේ ආතිමේදීහො මිලග ආතිමයකදී පටිසන්දී සැපවත් ජිවිතයක් ලැබෙනවාමයි ඒක කාටවත් වලක්වන්න බෑ.මේ ආත්මයේදී දුක් විදිනවා කියලා ඔබ පසුතැවෙන්න එපා.දුක සැප කියන්නේ නිරන්තරයෙන් වෙනස්වන දෙයක්. ඔබ හැකි සෑමවිටම පින් කර ඔබේ මීලග ආත්මය සැපවත් කරගැනීමට අඩිතාලම යොදාගන්න.හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

ඔබ මීලග ආත්මයේදී සැපවිදිනවද...?
ඔබ මීලග ආත්මයේදී දුක්විදිනවද...?
තීරනය ඔබෙ අතෙයි...

සැමට තෙරුවන් සරණයි...!

No comments:

Post a Comment