Thursday, June 25, 2009


බුදු පිලිමය සහ දේව රූපය

අද අපි සමාජයෙන් වෙන අත්වෑරද්දක් ගෑන කතා කරමු අපි අද බුදු පිලිමය පාවිච්චි කරන්නෙ මොකටද..? මල් ටිකක් තියලා වෑදලා ගිරව් වගේ ගාතා ටිකක් කියන්න විතරයි නෙද...? හොදයි දේව පිලිමය ලගට මිනිස්සු ගිහින් මොනවද කරන්නෙ...? දේව පිලිමය ලගට ගිහින් මිනිස්සු යාච්නා කරනවා, යදිනවා තමන්ගේ හිතේ දුක කියලා එයාව දුකින් මුදවලා දෙන්න කියලා ඉල්ලනවා එහෙමත් නෑත්තම් එයාගෙ විභාහගය පාස් කරලා දෙන්න කියලා ඉල්ලනවා.

ඒත් එහෙම දෙවියන්ගෙන් ඉල්ලපු පමනින් එයා ව්භහගය පාස් වෙනවද..? එහෙම හිතනවනම් ඒක මහ මොඩ ක්‍රියාවක්.මොකද එහෙම හිතනවනන් මෙහෙමත් හිතන්න පුලුවන් "හරි මම දෙවියන්ට කිව්වා දෑන් දෙවියො ඇවිත් මගේ විභහගය ලියලා මාව පාස් කරලා දෙයි" ඔහොම හිතලා එයා පාඩම් නොකර හිටියොත් විභහගය පාස් වෙයිද..?

මේවගේ බොලද දේවල්, ක්‍රියාවල් අපේ නිර්මල බුදු දහමේ උගන්නන්නේ නෑ. එහෙමනන් අපි මේ මොනවද කරන්නේ..? බුදු කුටියට ගිහින් පන්සිල් සමාදම් වෙලා පන්සලේම දේවාලෙට ගිහින් දෙවියන්ගෙන් හිගා කනවා.එතකොට අපි බුද්දස්‍රාවකද..? දේවස්‍රාවකද..? මොකද මම එහෙම ඇහුවේ අපේ බුදු දහමේ යැදීමක් ගැන ඉගන් වීමක් නෑ. එතකොට සමහර අයට ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් මොකටද එහෙනම් බුදු පිලිම තියෙන්නේ කියලා..? බුදු පිලිම තියෙන්නෙ අපගේ සම්මා සම්බුදු බුදුරජානන් වහන්සේගේ අප්‍රමාන බුදුගුන සිහිකරන්නයි.

බෞද්දයන්ගේ හිතේ තියෙන කලබලකාරී තත්වය නැතිකර ගෙන තමන්ගේ හිතේ බුද්දාලම්භන ප්‍රීතිය ඇතිකරගන්නත් යන කාරනා වලටයි. දැන් බලන්න අපේ සමහර බෞද්දයො කරන තවත් වැරද්දක් තමා ඒ අය හිතන් ඉන්නේ බෝදින් වහන්සේ කියන්නේ කප් රුකක් කියලා. ඒ අය තමන්ගේ අපල නැති කරන්න කියලා ඉල්ලනවා, තමන්ව ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලනවා. නියම බෞද්දයාට කොහොමත් සද්ධර්මයේ ආරක්ෂාව තියනවා අමුතුවෙන් ඒක ඉල්ලන්න දෙයක් නෑ.

එහෙම අමුතුවෙන් ආරක්ෂාවක් එයා ඉල්ලනව කියන්නෙ එයාගේ ඇත්තම එයා බෞද්දයෙක්ද කියලා එයාට එයාගේ හිතේ සැකයක් තියනවා කියන එකයි. බොදින් වහන්සේ තියෙන්නෙත් මම ඉස්සරවෙලා කිව්වා වගෙ බුදුගුන සිහි කරන්නයි. එහෙනම් මොනවද මේ අපි බෞද්දයො කියාගෙන කරන බොලද වැඩ. මම ඉස්සර වෙලා දෙවියන් ගැන කතා කරා දැන් සමහර අයගෙ හිතේ ඒ ගැන ප්‍රෂ්නයක් ඇතිවෙලා ඇති අපි දෙවියන් ගැන ඊලග ලිපියෙන් කතා කරමු.

මේ අපගේ සම්මා සම්බුදුරජානන් වහන්සේ ඉපදුන, සම්මා සම්බුදු පදවියට පත් උන, පිරිනිවනපා වදාල මාසයයි, මේ මාසයෙදිවත් අපි අපේ තියන බොලද වැඩ, බොලද සිතිවිලි නවතා සද්දර්ම මාර්ගයේ ගමන් කොට නියම බෞද්දයො වෙමු...!

ඔබ බෞද්දයෙක් වෙනවද...?
ඔබ බෞද්දයෙක් නොවෙනවද...?
තීරනය ඔබෙ අතෙයි....!

තෙරුවන් සරනයි...!
සිත

සිත කියන්නේ මහා පුදුම දෙයක්. මේ ලොකේ සියලුම දෙනා වසග වෙලා ඉන්නේ මේ සිතටයි. සිත තමයි හැම කෙනෙක්වම මෙහෙය වන්නේ. සිතින් තමයි හැම දෙයක්ම මෙහෙයවන්නට බලය යෙදෙන්නේ. බුදුරජානන් වහන්සේ සිත ගැන මෙහෙම වදාලා "පින්වත් මහණෙනි දමනය නොකල විට, රැක නොගත් විට, සංවර නොකල විට මහත් විපතක් පිනිස පවතින යම් දෙයක් ඇද්ද, මේ සිත තරම් මහත් විපතක් පිනිස පවතිනන්නා වූ වෙන දෙයක් මම දකින්නේ නෑ" කියලා.

එහෙම නම් මේ සිත දහම තුල මනා කොට හසුරුවා නොතිබීම අනතුරු දායක බව අමුතුවෙන් කියන්න ඔනෙ නෑ.සිත දමනය කර ගැනීම ඉතාමත් අසීරු දෙයක් බව සිතේ ස්වභාවය දන්නා කවුරුත් පිලිගන්නවා. එබදු සිතකට හසු නොවී ජය ගැනීමට නම් තමන් තුල විශෙශ ගුණ දර්ම දියුනු කට ගත යුතුයි. ඇත්තෙන්ම ජිවිතය අවබොද කර ගැනීමට අවශ්‍යය කුසතතා ඇතිවයි බොහොදෙනෙක් උපදින්නේ. නමුත් එවන් පින්වත් උපතක් ලැබූ ගිඩ දෙනෙක් මොකද් කරන්නේ එක එක විකාර පස්සේ දුව දුවා කර්ම රැස් කරගන්නවා සිත්ට වල්වෙලා වැඩ කරනවා. අන්තිමට සිතට කොයි තරම් වහල් වෙලාද, විභහගය පාස් නොවුනු නිසා, අහිමි ආදරෙ නිසා තමන්ගේ ජිවිතය පවා නැතිකර ගන්නවා. සිතට මුලා වෙලා මිය යනවා. මුලා වුනු සිතකින් මිය ගොස් නරක තැනක ඉපදිලා ඒ ආත්මයෙත් දුක් විදිනවා.

අන්න ඒකයි මේ සිත දමනය කර නොගැනීමේ තිබෙන භයානකකම. නුවනැති කෙනා මෙම සිතට වහල් වන්නේ නෑ. සිතට අවවාද කරනවා සිත කීකරු කර ගැනීමට අවශ්‍යය වැඩ වල සිත යොදවනවා. සිත දමනයට භාවනාව ඉතාමත් වැදගත් කාරනයක්. ඔබත සිත දමන කර ගැනීමට උත්සහ ගන්න. මුලින්ම මෛත්‍රි, ආනාපානා සති වැනි භාවනා වල සිත යොදවන්න.මෙවනි ළාමක සිතක් දර්මය තුල පවත්වාගෙන නිවන් මගට සෘජු කරගන්න ඇත්නම් මොන තරම් වාසනාවක්ද. සිතට වහල් නොවී දර්මය තුලම පිහිටුවාගත් සිතකින් මියයන කෙනා සුගතියේමයි උපදින්නේ. ඔබත් සිත දර්මය තුල පිහිටුවීමට උත්සහ ගන්න.

සැමට තෙරුවන් සරණයි...!