Friday, June 26, 2009

ඔබ ඔබේමද...?

ඔබ ඔබේමද...?

මොකක්ද මම මේ අහන්නේ කියලා හිතුවද..? හොදයි මම තෙරුම් කරලාදෙන්නම්.ටිකක් මේ ගැන ඔයගොල්ලන්ගෙ හිතින්ම හිතලා බලන්න.මේ ඔයාගේ ශරීරය ඔයාගේමද..? දැන් ගොඩදෙනෙක් කියයි "ඔව්" කියලා. හොදයි ඩන් අපේ මේ ශරීරයෙ තියන කොටස් කීපයක් ගැන බලමු.ඇස් දෙකක් තියනවා කන් දෙකක් තියනවා නහයක් තියනවා කටක් තියනවා අත් දෙකක් තියනවා කකුල් දෙකක් තියනවා.

හොදයි මෙහෙම හිතලා බලන්න ඔයා ඔයාගෙ කාර් එක පදවාගෙන යනවා ඉස්සරහා තියෙන්නේ හතරමන් හන්දියක් මෙකෙන් ඔයාට දකුනට යන්න ඔනි ඔයාට දකුනට යන්න පුලුවන්ද..? ඔව් පුලුවන් මොකද මේක ඔයාගෙ කාර් එක මේකෙන් ඔයාට කැමති පැත්තකට යන්න පුලුවන්.හරි එහෙනම් මේ ඔයගේ ඇස් දෙක ඔයගෙ නෙද..? එහෙනම් මෙකෙන් දකින හැම රුපයක්ම ඔයාගෙද...? නෑ ඇයි එහෙම වෙන්නෙ මගේ ඇහැ නම් මෙකෙන් දකින හැම රුපයක්ම මගේ වෙන්න ඔනි නෙද...?

මගේ කන් දෙකෙන් ඇහෙන හැම ශබ්දයක්ම මගෙද...?නිකන් හිතලා බලන්න වෙනකෙනෙකුට තවකෙනෙක් බනිනවා ඔබට ඇහෙනවා එතකොට එකත් මට බැන්නේ කියලා හිතනවද..? නෑ නෙද..?මේ වගෙ ශරීරයෙ තියන හැම අන්ගයකටම එහෙම තමයි.තමන්ගේ මේ ශරීරය ගැන හිතන්න හැමොම හිතන්නේ මෙක මගේ කියලනෙද හොදයි ටිකකට මෙහෙම හිතලා බලන්න

ඔයාට දැන් ලස්සන ශරීරයක් ලැබිල තියනවා ඒත් තව අවුරුදු 20ක් 25ක් 30ක් ගිහාම ඔය ලස්සන ශරීරයටමොකඩ වෙන්නේ හම රැලිවැටිලා කොන්ඩේ සුදු වෙලා අත් කකුල් කෙට්ටු වෙලා යනවා මෙවා වෙන එක නවත්තන්න බැ මිනිසෙක් වයසට යන එක නවත්තන්න බැ එක ලොක දර්මතාවක්.ඉතින් මේක මගේ ශරීරය නම් මට පුලුවන් වෙන්න ඔනි මෙක හැමදාම මෙහෙමම තියාගන්න එහෙම තියාගන්න පුලුවන්ද..?

කොච්චර තොල් ආලෙපන ගෑවත් කොන්ඩෙට කොච්චර ඩයි වර්ග ගෑවත් මුනට තට්ටු ගනන් ආලෙපන ගෑවත් අපිට බෑ වයසට යන එක නවත්තන්න. එහෙනම් මේ ශරීරය මගෙ කියලා ගන්න එක හරිද..?එහෙනම් මේ ශරීරය මම මගේ මායටතේ පවත්තන්න පුලුවන් කියලා ගන්න එක හරිද...? මේ දේ හැමොටම පොදු දෙයක් මේක මට විතරයි මේක අපිට විතරයි මෙක බෞද්දයන්ට විතරක් නෙමේ මෙක හැමොටම හැම සත්වයෙකුටම පොදුවු දෙයක්.

අපිට ගොඩක් දුක් ඇතිවෙලා තියෙන්නේ මෙන්න මේ දේ නිසයි.මම,මගේ,මගේ යටතේ පැවැත්විය හැකියි කියන මතේ ඉන්නකන් අපිට දුකෙන් නම් මිදෙන්න බෑ.හැමදාම දුකම තමයි අපිට ඉතුරු වෙන්න.දැනට නම් දුකක් නැතිවෙන්න පුලුවන් ඒත් කවදා හරි මම මගේ මා යටතේ පැවැත්විය හැකියි කියන මාන්නය නිසා දුකට පත් වෙන්න වෙනවාමයි ඒක කාටවත් නවත්තන්න පුලුවන් කමක් නෑ.

මේක තේරුම් නොගන්නතාක් කල් ඔබ අදුරෙන් අදුරටමයි යන්නෙ.මෙක තෙරුම් ගන්න එක නම් ලේසි කාරනාවක් හැබැයි තෙරුම් ගත්ත දේ තමන්ගෙම හිතින් පිලිගන්න එක නම් එච්චර ලෙසි කරනාවක් නෙමේ.ඒක තමයි පෘතග්ජන මිනිසුන්ගේ හිතෙ හැටි. භවයටමයි හැඩගහෙන්නේ.භවයෙන් මිදෙන දේ පිලිගන්න එක බොහොම අමාරු කාරනාවක්.

කොහොම හරි මේ දේ ඔබ තුලින්ම තෙරුම් ගන්න උත්සහ කරන්න. මේ දේ ඔබේ ජිවිතයට එක්කරගන්න උත්සහ කරන්න අදුරෙන් එලියට එන්න උත්සහ කරන්න.හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

ඔබ අදුරෙන් අදුරටම යනවද...?
ඔබ අදුරෙන් එලියට එනවද...?
තීරනය ඔබෙ අතේ...

සැමට තෙරුවන් සරණයි...!

1 comment:

  1. ලිපියට බොහොම ස්තූතියි. ඔබට තෙරුවන් සරණයි !!!

    ReplyDelete