Sunday, June 28, 2009


උත්සහය හා උනන්දුව.

මිට කලින් පල වුනු ලිපියකත් මෙගැන සදහන් වෙනවා, නමුත් අද සමාජය අන්දයන් ලෙස ක්‍රියා කරනවා දකිනවිට නැවතත් මේ ගැන සදහන් කිරීමට බලාපොරොත්තුවෙනවා.

අද සමාජයේ ගොඩක් පිරිස් උත්සහය, උනන්දුව, කැපකිරීම පැත්තකට දාලා යාග, යාච්ඤා, දුක් ගැනවිලි ඉතාමත් සතුටින බාරගන්නා බව පේනවා. බුදුදහමින් ඈත්වීම, නොදන්නා කම නිසයි මෙහෙම දෙවල් වෙන්නේ. මිනිසුන් හිතන්නේ සෑම දෙයක්ම ප්‍රාර්තනාවෙන් ඉටුකර ගැනීමට පුලුවන් කියලයි. ඒකත් එක අතකට කම්මැලි කමක්. දෙයක් ලබාගැනීමට උත්සගන්නවාට වඩා එම දේ ලැබෙවා කියලා ප්‍රාර්තනා කරලා උඩබලගෙන ඉදීම ලෙසි වැඩක්. හැබයි ඒක අසාර්ථක දෙයක් මයි.

මේක පොඩිළමයකුට පවා තෙරුම් ගත් හැකි කාරනාවක්. කෙනෙක් ලස්සන ගෙදරක් හදාගැනීමට කැමත්තෙන් ඉන්නවා නමුත් මෙකෙනා කම්මැලියෙක්, මොඩයෙක් ඉතින් මේ කෙනා මට ගෙයක් ලැබේවා ලැබේවා කිය කියා හිටියොත් මෙයාට ගෙයක් ලැබෙවිද...? දෙවියෙක් ගෙයක් අහසින් ගෙනත් දෙයිද...? ඇත්තටම මේ කෙනාට ගෙයක් හදා ගැනීමට උවමනා නම් කරන්න තිබුනේ රස්සාවක් කරලා මුදල් එක් රැස් කරගෙන ගෙයක් හදන එක නේද.

මේක ඇත්තක් බව දැන දැනත් අපි ඒක බාර ගන්න කැමති නෑ. මේක මොඩකමක් නෙමේද. මෙවන් මොඩ මිනිසකුට ලෙඩක් හැදුනම කරන්නෙත් අර මුලින් කරපු මොඩ වැඩම තමයි. ලෙඩේට බෙහෙත් ගැනිම වෙනුවට මෙය කරන්නේ දෙවියන්ට පොල් ගහනවා. දෙවියන්ට යච්ඤා කරනවා, ප්‍රාර්ත්නා කරනවා, අහිංසක සතුන්ව බිලි පුජා දෙනවා. බලන්න මොඩකම නිසා තව තවත් පවු රැස්කරගන්නවා.

සමහරක් මිනිසුන් සිතාගෙන ඉන්නේ දෙවියන් කොප වෙලා තමයි ලෙඩ දුක් හැදෙන්නෙ කියලා. මොන බොලද කතාද මෙවා. කියන්නේ නම් අපි ඉන්නේ 21 වෙනි ශතවර්ශයේ කියලා. එහෙම කිය කියා කරන්නෙම බාලාන්සෙ වැඩ. කෙනෙක් ඒ දෙ කරනවා කියලා අපි ඒ දේ එහෙමම කරන්න ඕනේ නෑ. කෙනෙක් ඒ දේ කියනවා කියලා අපි ඒදේ එහෙමම කරන්න උවමනා නෑ. අපිට මොලයක් කියලා දෙයක් තියෙන්න ටිකක් හිතලා ක්‍රියා කරන්නයි.

අපිට තව කෙනෙක් වෙනුවෙන් ප්‍රාර්තනා කරන්න පුලුවන්. නමුත් තමන්ට උවමනා දෙයක් පිලිබද ප්‍රාර්තනා කරලා තෙරුමක් නෑ. තමන්ට උවමනා දෙයක් ලබාගැනීමටනම් එයට උත්සහ කරන්න ඔනි. අපි මේ අනුවන ක්‍රියා මගහරවාගමු. ඔබ මේ අනුවන ක්‍රියා මගහරවා ගන්න ඔබට එවිට මේ සම්බුදු දහම ඔබට දැකගත හැකියි. හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

සැමට තෙරුවන් සරණයි...!



Saturday, June 27, 2009


අව්ජ්ජා පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණං පච්චයා නාම රූපං, නාම රූප පච්චයා සළායතනං. සළායතන පච්චයා එස්සෝ, එස්සෝ පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා, මරණං, සෝක පරිදෙව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති, ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස ස්මුදයෝ හෝති....!

Friday, June 26, 2009

යැදීමක් නැත...!

යැදීමක් නැත...!

මොකක්ද මේ කියන්නේ කියලා හිතුවද...? හොදයි එහෙනම් හිතන්න කාරනයක් මේක. අපේ බුදු දහමේ කිසිම තැනක යැදීමක්, ඉල්ලීමක් ගැන කියලා නෑ. ස්ව උත්සහයෙන් සසරෙන් මිදීමක් ගැන පමනයි බුදු දහමේ සදහන් වන්නේ. ඒත් අපි නොදැනුවත්වම අපි අතින් මේ වැරද්ද සිදුවෙනවා.බුදු රජානන් වහන්සේ ලගින්ම අපි හිටියත් අපි මේ වැරද්ද හදාගන්න කන් නම් මේ සසරින් මිදෙන්න නම් බැරිවෙවි.

අපි නොදැනුවත්වම කරන එක වැරද්දක් තමයි දෙවියන්ගෙන් පිහිට, උපකාර, ආරක්ශාව පැතීම. මම මේ ගැන කලින් ලිපියක දිර්ගව සදහන් කරා ඒ නිසා අද මම ඒ ගැන කතාකරන්නේ නෑ. එම ලිපිය නොලැබුන කෙනෙක් ඉන්නවානම් මගෙන් ඉල්ලීමක් කරන්න මම ඒ හැම දෙනාටම එම ලිපිය ලැබෙන්න සලස්වන්නම්.

ඉතින් අපි අද අපිටම කරගන්නා ප්‍රාර්ථනාවක් ගැන කතාකරමු. බුදු රජානන් වහන්සේ එහෙම දෙයක් ගැනත් සදහන් කරලා නෑ. අපි අපිට ප්‍රාර්ථනා කිරීමෙන් කිසිදියුනුවක් ලබාගැනීමට බෑ. ඔයහැමෝම මෛත්‍රී භාවනව කරලා ඇතිනෙද..? කොහොද අපි ඒ භාවනාව කරේ කියලා මතකද..? මම නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. කියලා නෙද..? ඔතන පොඩි වැරද්දක් තියනවා කියලා අපිට පෙනුනේ නෑ.

නිකමට හිතලා බලන්න මම නිවන් දකිත්වා දකිත්වා කිය කියා අපි ප්‍රාර්ථනා කර්ගෙන නිකන්ම හිටියොත් අපිට නිවන්දකින්න පුලුවන් වෙයිද. ඒකයි බුදුරජානන් වහන්සේ දෙශනා කරේ තමන්ට තිබිය යුත්තේ උත්සහය සහ අදිශ්ඨානය කියලා. කෙනෙක් අදිශ්ඨානය කරනවනම් මම නිවන් දකිමි කියලා එයා උත්සහ ගන්නවා චතුරාර්ය සත්‍ය අවබොද කර ගන්න එමගින් සන්සාර ගමන නවත්වා ගන්න.

කෙනෙක් මම නිරොගි වෙත්වා වෙත්වා කිය කියා වැස්සේ තෙමුනොත් මොකද වෙන්නේ ඒකෙනාට හෙම්බිරිස්සාව හැදෙනවා. නමුත් මම නිරොගි වෙමි කියලා හිතන කෙනා අඩුමතරමේ වැස්සේ නොයන්නවත් කල්පනා කරනවා. මේ වගේ පුලුල් මනසකින් සිතීමේ හැකියාවක් අපිට තියෙන්න ඔනි. ඒකයි බුදුරජානන් වහන්සේ දෙශනා කරේ "පච්චත්තන් වෙදි තබ්බො විඤ්ඤු හී" නුවනැත්තන් විසින් මේ ධර්මය අවබොද කර ගනී කියලා.

මේ බුදු දහම තියෙන්නේ නුවනැත්තන්ටයි. එත අපි අද පටන් මෛත්‍රී භාවනාව කල යුත්තේ මම නිදුක් වෙමි, සුවපත් වෙමි, දුකින් මිදෙමි, නිවන් දකිමි කියලා එහෙම අදිශ්ඨාන කලාම අපිට එම අදිශ්ඨානය ඉටුකරගන්න උත්සහයක් වත් ගන්න හිතෙනවා. අපිට අපි වෙනුවෙන් අදිශ්ඨාන කලාට අපිට අනිත් අය වෙනුවෙන් අදිශ්ඨාන කරන්න බෑ. මම සුවපත් වෙමි නුබලා සුවපත් වෙහු කියන්න බෑනේ. ඒ නිසා අපි අනිත් අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න ඔනේ. "මා මෙන්ම සියලු සත්වයෝද නිදුක් වෙත්වා, නීරොගිවෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා" කියලා. අපි මෛත්‍රී භාවනාව ගැන තවත් ලිපියකින් දීර්ඝව කතාකරමු.

එතෙක් අපි නොදැනුවත්වම අපි අතින් සිදුවු මේ වැරැද්ද අපි හදාගමු. හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

සැමට තෙරුවන් සරණයි...!

සැප දුක...!

සැප දුක...!

මේ අපි ගත කරන කෙටි ජිවිතය තුල සැමටම සැමවිටම වෙනස් වෙමින් ලැබෙන දෙයක් තමයි සැප හා දුක කියන්නේ.මේ දෙක තමන්ට ලැබෙන විදිහ තීරනය වෙන්නේ තමන් ගිය ආත්මයෙදීත් මේ ආත්මයෙදීත් කරන පින් පව් අනුව තමයි.ලෞකික ජිවිතය සැපවත්ව ගත කිරීමට පින් උපකාරී වෙනවා.ලෞකික ජිවිතයෙන් බැහැරව ලොකෝත්තර සුවය සදහා කුසල් උපකරී වෙනවා.

හුගාක් අය මේ දෙක පටලවාගෙන තියනවා.නමුත් පින් නොකර කුසල් වඩන්න විදිහක් නෑ.ඔබ මිලග ආත්මයේ මීටත් වඩා සැප ලබන්න සැපසේ වාසය කරන්නන කමතිනම් ඔබට හැකි සෑම අවස්තාවකම පින් කරන්න ඔබ කරන පින් ඔබට මේ ආතිමේදීහො මිලග ආතිමයකදී පටිසන්දී සැපවත් ජිවිතයක් ලැබෙනවාමයි ඒක කාටවත් වලක්වන්න බෑ.මේ ආත්මයේදී දුක් විදිනවා කියලා ඔබ පසුතැවෙන්න එපා.දුක සැප කියන්නේ නිරන්තරයෙන් වෙනස්වන දෙයක්. ඔබ හැකි සෑමවිටම පින් කර ඔබේ මීලග ආත්මය සැපවත් කරගැනීමට අඩිතාලම යොදාගන්න.හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

ඔබ මීලග ආත්මයේදී සැපවිදිනවද...?
ඔබ මීලග ආත්මයේදී දුක්විදිනවද...?
තීරනය ඔබෙ අතෙයි...

සැමට තෙරුවන් සරණයි...!

"සල්ල සූත්‍රය"


බුදු රජාණන් වහන්සේ විසින් වදාල "සල්ල සූත්‍රය" සෝක කුල ගැන වදාල දෙසුමයි...!

මේක ඉතාම වැදගත් සූත්‍ර දෙශනාවක්.හැමෝම මේ සුත්‍රය කියවා තෙරුම ජිවිතයට එක්කර ගනී කියා මම හිතනවා.

ගතවෙන ජීවිතය මෙහි මිනිසුන් ගෙවන...
දැකගත නොහැක මරනය අත වනන තැන...
දුක් කරදර මැදින් සුලුසතුටක් ලැබෙන...
දිවියද ගෙවාලිය යුත්තේ මයදුකින...

යුදමින් උපායක් නොමැරී සිටින්නට...
නොහැකිය නැත උපා එලසින් දකින්නට...
දිරමින් සකස්වෙයි මරුවෙතටම යන්නට...
ලෝධහමක්ය ඉපදුන සතුන් හට...

හිමිදිරි උදෑසන ගිලිහී බිම වැටෙනා...
බියමය පවතින්නෙ රුක්ඵලයට ඉදෙනා...
එලෙසින් මේලොවේ ඉපදී සිටිනා...
පෙලෙමින් සිටිති බියකින් මරනය ගෙනෙනා...

කුබලෙක් ඔප දමා තැනු මැටි බදුන් හැම...
බිදෙමින් නිමාවී ඒ හැම වැටෙයි බිම...
මෙලෙසින් ලොවේ ඉපදුන මිනිසුන්ද හැම...
මරනය කරා යති කරමැටි බදුන් සම...

දරුවන් මහලු අය සහ යහපත් අයද...
ගතිගුන නරක උදවිය හා හැම දෙනද...
මරනය නැමති දේ වසගෙට යති නිබද...
මරනය තුලින් නිමවීයයි සැම දෙයද...

මැඩෙමින් මරනයෙන් පරලොව යන කලට...
තම පුතු වලකන්න නොහැකිය පියෙකු හට...
නෑයෙක් දිවිගෙවා යන විට මරනයට...
නොහැකිය වලකන්න එය ඤාතියෙකු හට...

එක එක ගවයාව කැදවා මරනයට...
ගවයන් මරන්නා උන් ගෙන යයි යසට...
එලසම නෑසියන් වැලපෙන හඩන විට...
කැදවන හැටි බලව එකිනෙක මරනයට..

වැටෙමින් ජරා මරනෙට නොසිතූ විලසේ...
මැඩෙමින් පෙලෙති ලෝසත හැම විට දුක සේ...
දකිමින් නැනති උතුමන් ලෝධම මෙලෙසේ...
නිතියෙන් සෝක නොකරත්මය කිසි විලසේ...

මව් කුසවෙත පැමිනි අයුරුද ඔහු නොදනී...
මෙතනින් මැරුනු පසු යන තැන ගැන නොදනී...
මේ දෙක ගැනම නොමදන්නා කෙනාලොවේ...
මේ ගැන වැලෙපෙන්නෙ අරුතක් ඇතිව නොවේ...

හඩමින් වැලපෙමින් සිටිනා කෙනෙකු හට...
යම් කිසි යම් කිසි සෙතක් සැලසේනම් හඩන විට...
නුවනැත්තා පවා සිහියද මුලාකොට...
පෙලෙමින් තමාවද යොමුවෙයි ඒ දෙයට..

හඩමින් සෝකවනවිට කෙනෙකුගේ හිත...
කිසිවිට සහන් සුවයක් ඒ සිතේ නැත...
බොහොදුක් ගොඩක් ඔහුතුල හටගනු නියත...
ඇගපත පවා තැලි පොඩිවී පෙලෙනු ඇත...

ඇගපත දිරාගොස් පෙනුමද නසාගෙන...
තම හට තමා මෙලෙසට දුක හදාගෙන...
හැඩුමෙන් කිසිදිනක මලවුන් නෝඑත්මය...
මෙලෙසින් වැලපීම හරසුන් දෙයක්මය...

සොකය අත්නොහැර බොහොදුක රැස්කරනා...
නිතරම සිත සිතා මලවුන් ගැන තැවෙනා...
කෙනෙකුන් ගතකරයි නම් දිවි මේලෙසිනා...
සොකය වෙතම යනු ඇත හෙතෙමේ නිතිනා...

බියවී සැලෙයි තැතිගෙන මරු පැමිනි විට...
මෙලොවඩි තමා කල දෙය ගෙන පොදියකට...
විදුමට ඒ අනුව ගොස් පරලොවට...
යන හැටි බලව ලෝසත මේ දුක දෙසට...

සිටියද සිතාගෙන ඒ දෙය යසට...
සිදුවන්නේම වෙනකකි නොසිතූ ලෙසට...
පවතී වෙනස්වීමම මේ විලසකට...
දැනගත යුතුයි මේ ලෝධහමක් ලෙසට...

ගෙවනා විටයමෙක් මේ ජිවිතය පුරා...
සියවසරකින් හෝ වැඩිපුර ටිකක් දරා...
නෑසිය මිතුරු හැර ඔහු තනි දිවිය කරා...
යන්නට සිදුවේය මේ දිවිතිබෙන තුරා...

දුටුවිට කෙනෙක් මලවුන් අතරට යාම...
යලිමට නොලැබේය මොහු දැක සැනසීම...
දුරුකර ගනු පිනිස මේ ගැන වැලපීම...
අසමින් ගතයුතුය රහතුන්ගේ ධහම...

ගිනිගත් ගෙයක් ජලයෙන් නිවනා විලසේ...
නුවනැති වෙර වඩන නිති මිනිසා මෙලෙසේ...
දුරුකර දමයි සිතසෝකය දැන සොදසේ...
පුලුනක් පිබහරින මහ සුලගක් විලසේ...

තම සැනසීම සොයනා මිනිසා මෙලොවේ...
වැලපුම ආශාව දුක දුරුකල යුතුවේ...
දිවිමග සැපත වනසන විපතද මෙයවේ...
දැනගෙන සොකහුල උදුරාලිය යුතුවේ...

උදුරා සෝකහුල තන්හාවෙන් තොරවී...
සැනසුම ලබා ගත්විට දුක යයි දුරුවී...
සෝකය නොමැතිවී සැනසිලි සුව මතුවී...
යයි ඒ තැනත්තා පිරිනිවනට යොමුවී...

සැමගේ සිත්තුල ඇති දුක් දුරුවී වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝදවී නිර්වාන සුවය ලබාගැනීමට හැකිවේවායි පතනවා.

සැමට තෙරුවන් සරණයි...!
අරියසාවකෝ සංඝං අනුස්සරති...!

අරියසාවකෝ සංඝං අනුස්සරති කියලා කියන්නේ මාර්ගඵල ලාබී ආර්ය ශ්‍රාවකයා විසින් බුදුරජානන් වහන්සෙගේ ආර්ය ශ්‍රාවක සංඝයාව සිහිකරනවා කියන එකයි. ඒ කොහොමද කියලා අපි බලමු.

"සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නො භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමිචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිධන් චත්තාර් පුරිසයුගානි අඨ්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ අහුනෙයියෝ පාහුනෙයියෝ දක්ඛිනෙයියෝ අඤ්ජලිකරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති"

සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - රාග, ද්වේශ, මෝහ නසන ප්‍රතිපදාවේ සංඝරත්නය සිටින බව සිහිකරනවා

උජුපටිපන්නො භගවතෝ සාවක සංඝෝ - ආර්යශ්ඨාංගික මාර්ගය නම් වූ සෘජු ප්‍රතිපදාවේ සංඝරත්නය සිටින බව සිහිකරනවා

ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - චතුරාර්ය සත්‍යය අවබෝධ වෙන වැඩ පිලිවලක සංඝරත්නය සිටින බව සිහිකරනවා.

සාමිචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - බුදුරජානන් වහන්සෙගේ සංඝරත්නය ඒ ධර්ම මාර්ගය ම මේ ලෝකයේ පතුරනබව සිහිකරනවා.

යදිධන් චත්තාර් පුරිසයුගානි අඨ්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ - මේ ප්‍රතිපදා වලින් යුතු බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවක පිරිස

අහුනෙයියෝ - දුර සිට ගෙනෙන දන් පැන් පුජා කරන්න සුදුසුයි.

පාහුනෙයියෝ - ආගන්තුක ව වැඩම කළ විට උපස්ථාන කරන්නට සුදුසුයි.

දක්ඛිනෙයියෝ - පින් සලකා ගෙන දන් පැන් කරන්නට සුදුසුයි.

අඤ්ජලිකරණියෝ - වැදුම් පිදුම් කරන්නට සුදුසුයි.

අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස - ලෝකයට උසස් වූ පින් කෙතයි.

මේ ආකරයට අපිත් මෙවායේ තේරුම අවබෝදයෙන් සච්ජායනා කරමු.

සැමට තෙරුවන් සරණයි...!

පැහැදීම.

පැහැදීම.

සම්බුදු දහම ජිවිතයට එක් කරගන්නත් බුදු දහම ඉගන ගන්නත්. අපේ මේ සම්බුදු දහම ගැන හොද පැහැදීමක් තියෙන්න ඔනි. ඒ අපි අතිකර ගන්න පැහැදීම කිසිම විටකින් කිසිම කෙනෙකුට වෙනස් කරන්නත් බැරිවෙන්න ඔනි.

සමහරක් අය මේ පැහැදීම වැරදි විදිහට පහදිනවා. ලස්සන හමුදුරුවෝ කෙනෙක් බන කිව්වොත් ඔන්න කියනවා "ල්ස්සන බන ටික නෙද" හබඉ ඒ පැහැදුනේ බන දෙශනාවේ තියන අර්ථයටද..? හමුදුරුවන්ගෙ රුපයටද..? තව හමුදුරුවූ කෙනෙක් විහිලු බනක් කිඋවොත් ඔන්න හිනවෙවී "ශෝක් බන ටික" කියනවා. සමහර විට හාමුදුරුවො බන අතර තුර විහිලුවක් දෙකක් කරන්නේ අහන් ඉන්න අයට කම්මැලිකම නැතිකරන්න වෙන්න පුලුවන්.

හැබැයි අහන් ඉන්න අය අර දර්ම දෙශනාවේ තියන අර්ථය පැත්තකට දාලා විහිලුවලට පහදිනවා. ගෙදර යද්දී මතක අර විහිලු ටික විතරයි. එහෙම නෙමෙයි අපි පහදින්න ඔනි. බුදුරජානන් වහන්සේ සියලු කෙලෙස් නැසුවා කියලා පහදින්න, උන්වහන්සේ නිර්මල මනාකොට දෙශනාකොට වදාල දහමක් අපිට තියනවා නෙද කියලා පහදින්න. අපිට ඒ දර්ම මාර්ගයේ ගමන් කරන මහා සංඝරත්නයන් වහන්සෙලා ඉන්නවා නෙද කියලා පහදින්න.

හැබැයි මේ පැහැදීම කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි එකක් වෙන්න ඔනි. දෙවියන් ඇවිත් කිව්වත් ඒ පැහැදීම එහෙමම තියා ගන්න පුලුවන් වෙන්න ඔනි. ඒකයි නියම පැහැදීම කියන්නේ. තමන් අදහන ධර්මය පිලිබදව නිසි පැහැදීමක් අපිතුල නොතිබුනොත් අපිව ඔනෙම කෙනෙකුට රවට්ටන්න මුලා කරන්න පුලුවන් වෙනවා.

බොරු දර්මයක් අපිට උගන්වලා අපිව මුලා කරන්න පුලුවන් වෙනවා. ඒත් අපි නියම විදිහට අපි අදහන ධර්මයට පැහැදිලා හිටියොත් කාටවත් එහෙම කරන්න බැරිවෙනවා. හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

සැමට තෙරුවන් සරණයි...!

ඔබ ඔබේමද...?

ඔබ ඔබේමද...?

මොකක්ද මම මේ අහන්නේ කියලා හිතුවද..? හොදයි මම තෙරුම් කරලාදෙන්නම්.ටිකක් මේ ගැන ඔයගොල්ලන්ගෙ හිතින්ම හිතලා බලන්න.මේ ඔයාගේ ශරීරය ඔයාගේමද..? දැන් ගොඩදෙනෙක් කියයි "ඔව්" කියලා. හොදයි ඩන් අපේ මේ ශරීරයෙ තියන කොටස් කීපයක් ගැන බලමු.ඇස් දෙකක් තියනවා කන් දෙකක් තියනවා නහයක් තියනවා කටක් තියනවා අත් දෙකක් තියනවා කකුල් දෙකක් තියනවා.

හොදයි මෙහෙම හිතලා බලන්න ඔයා ඔයාගෙ කාර් එක පදවාගෙන යනවා ඉස්සරහා තියෙන්නේ හතරමන් හන්දියක් මෙකෙන් ඔයාට දකුනට යන්න ඔනි ඔයාට දකුනට යන්න පුලුවන්ද..? ඔව් පුලුවන් මොකද මේක ඔයාගෙ කාර් එක මේකෙන් ඔයාට කැමති පැත්තකට යන්න පුලුවන්.හරි එහෙනම් මේ ඔයගේ ඇස් දෙක ඔයගෙ නෙද..? එහෙනම් මෙකෙන් දකින හැම රුපයක්ම ඔයාගෙද...? නෑ ඇයි එහෙම වෙන්නෙ මගේ ඇහැ නම් මෙකෙන් දකින හැම රුපයක්ම මගේ වෙන්න ඔනි නෙද...?

මගේ කන් දෙකෙන් ඇහෙන හැම ශබ්දයක්ම මගෙද...?නිකන් හිතලා බලන්න වෙනකෙනෙකුට තවකෙනෙක් බනිනවා ඔබට ඇහෙනවා එතකොට එකත් මට බැන්නේ කියලා හිතනවද..? නෑ නෙද..?මේ වගෙ ශරීරයෙ තියන හැම අන්ගයකටම එහෙම තමයි.තමන්ගේ මේ ශරීරය ගැන හිතන්න හැමොම හිතන්නේ මෙක මගේ කියලනෙද හොදයි ටිකකට මෙහෙම හිතලා බලන්න

ඔයාට දැන් ලස්සන ශරීරයක් ලැබිල තියනවා ඒත් තව අවුරුදු 20ක් 25ක් 30ක් ගිහාම ඔය ලස්සන ශරීරයටමොකඩ වෙන්නේ හම රැලිවැටිලා කොන්ඩේ සුදු වෙලා අත් කකුල් කෙට්ටු වෙලා යනවා මෙවා වෙන එක නවත්තන්න බැ මිනිසෙක් වයසට යන එක නවත්තන්න බැ එක ලොක දර්මතාවක්.ඉතින් මේක මගේ ශරීරය නම් මට පුලුවන් වෙන්න ඔනි මෙක හැමදාම මෙහෙමම තියාගන්න එහෙම තියාගන්න පුලුවන්ද..?

කොච්චර තොල් ආලෙපන ගෑවත් කොන්ඩෙට කොච්චර ඩයි වර්ග ගෑවත් මුනට තට්ටු ගනන් ආලෙපන ගෑවත් අපිට බෑ වයසට යන එක නවත්තන්න. එහෙනම් මේ ශරීරය මගෙ කියලා ගන්න එක හරිද..?එහෙනම් මේ ශරීරය මම මගේ මායටතේ පවත්තන්න පුලුවන් කියලා ගන්න එක හරිද...? මේ දේ හැමොටම පොදු දෙයක් මේක මට විතරයි මේක අපිට විතරයි මෙක බෞද්දයන්ට විතරක් නෙමේ මෙක හැමොටම හැම සත්වයෙකුටම පොදුවු දෙයක්.

අපිට ගොඩක් දුක් ඇතිවෙලා තියෙන්නේ මෙන්න මේ දේ නිසයි.මම,මගේ,මගේ යටතේ පැවැත්විය හැකියි කියන මතේ ඉන්නකන් අපිට දුකෙන් නම් මිදෙන්න බෑ.හැමදාම දුකම තමයි අපිට ඉතුරු වෙන්න.දැනට නම් දුකක් නැතිවෙන්න පුලුවන් ඒත් කවදා හරි මම මගේ මා යටතේ පැවැත්විය හැකියි කියන මාන්නය නිසා දුකට පත් වෙන්න වෙනවාමයි ඒක කාටවත් නවත්තන්න පුලුවන් කමක් නෑ.

මේක තේරුම් නොගන්නතාක් කල් ඔබ අදුරෙන් අදුරටමයි යන්නෙ.මෙක තෙරුම් ගන්න එක නම් ලේසි කාරනාවක් හැබැයි තෙරුම් ගත්ත දේ තමන්ගෙම හිතින් පිලිගන්න එක නම් එච්චර ලෙසි කරනාවක් නෙමේ.ඒක තමයි පෘතග්ජන මිනිසුන්ගේ හිතෙ හැටි. භවයටමයි හැඩගහෙන්නේ.භවයෙන් මිදෙන දේ පිලිගන්න එක බොහොම අමාරු කාරනාවක්.

කොහොම හරි මේ දේ ඔබ තුලින්ම තෙරුම් ගන්න උත්සහ කරන්න. මේ දේ ඔබේ ජිවිතයට එක්කරගන්න උත්සහ කරන්න අදුරෙන් එලියට එන්න උත්සහ කරන්න.හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

ඔබ අදුරෙන් අදුරටම යනවද...?
ඔබ අදුරෙන් එලියට එනවද...?
තීරනය ඔබෙ අතේ...

සැමට තෙරුවන් සරණයි...!
ඔබ හිගන්නෙක්ද...?

මම දන්නවා මම මෙහෙම අහපුගමන්ම ඔබ හිතනවා ඇති මේකටනම් හොදටම පිස්සු කියලා.එහෙම හිතන එකෙත් වැරද්දක් නෑ.මොකද ඔයාලා හැමොම හිතන් ඉන්න රුපෙන් ඉන්න හිගන්නො නෙමේ ඔයාලා.හැබයි මම මේ කියන්න යන්නෙ ඒ හිගන්නො ගැන නම් නෙමෙයි.එහෙනම් මොකක් ගැනද කියලා බලමු.

හොදයි ඔයාලා දෙවියන් අදහනවද...?කව්ද අදහන දෙවියන් කතරගම,විශ්නු,සරස්වති,ගන දෙවියො...?හොදයි මොනවද මේ දෙවියන් ලගට ගිහින් කරන්නේ...?කරදරයක්,ලෙඩක් හැදුනම දුවනව දේවාලෙට. දේවාලෙට දුවලා මොකද කරන්නේ දෙවියන්ගෙන් ඉල්ලනවා මට මගේ කරදරය,ලෙඩේ නැතිකරලා දෙන්න කියලා.එහෙම නේද...? හරි එහෙමනම් ඉල්ලනවා කියන එකට සමාන වචනයක් කියන්න බලන්න..? ඉල්ලනවා කියන එකට සමාන වචනයක් තමයි යදිනවා ඒකට සමාන වචනයක් තමයි යාඤ්ඤා කරනවා.

හිගන්නා මොකද කරන්නේ...?හිගාකනවා ඒ කියන්නේ කාගෙන් හරි කැමට යමක් හෝ කැමට යමක් ගැනීමට මුදලක් ඉල්ලා ගන්නවා.හිගන්නාට කියන හරි නම මොකක්ද...?හිගන්නාට කියන හරිනම තමයි යාචකයා.
ඉල්ලගන්නා = යාචකයා = හිගන්නා එහෙනම් අපි දෙවියන් ලගට ගිහින් ඉල්ලනවා ඒ කියන්නේ හිගාකනවා බුදුදහමේ නෑ හිගාකෑමක් ගැන.බුදු දහමේ යැදීමක් ගැන කියවෙන්නෙ නෑ.බුදුදහමේ කියන්නේ යැදීම නිශ්ප්‍රභ දෙයක් හැටියටයි.

ඇත්තටම දෙවියන් කියලා කට්ටියක් ඉන්නවාද...? ඔව් ඉන්නවා දෙවියන්ගේ ලොකේ දෙවියො කියලා කට්ටියක් ඉන්නවා.හබැයි මේ අයනම් අන්ගවිකල දෙවියෝ නම් නෙමෙයි අත් කකුල් වැඩිත් නෑ අලි ඔලුත් නෑ බෙල්ල වටේට නයිත් නෑ.එහෙනම් මෙ අය කොඉ වගෙද...? දෙවියන් කියන්නේ පින් දහම් වඩලා කුසල් වඩලා ඒ ජිවිතය ඉවරවුනාට පස්සේ දෙවියලොකේ දෙවියන් අතර ඉපදුන අයයි.මේ අය පින් කරපු නිසාම මෙ අය ගොඩාක් ලස්සනයි.

ගොඩාක් අය හිතන දෙයක් තමයි ලෙඩක් හැදුනම එක දෙවියන්ගේ සාපයක් කියලා.දෙවියො දන්නවා ඒ අය පින් රැස් කරපු නිසා දෙවියන් අතර ඉපදුනේ කියලා එවගෙම ඒ අය දන්නවා පව් කරොත් ඉලගට කොහෙද යන්න වෙන්නෙ කියලත්.ඉතින් ඒ නිසා ඒ අය කාටවත් සාප කරන්නේ නෑ.ඉතින් එහෙනම් කතරගම,ගන,කාලි කියන්නේ දෙවියොද යක්ශයොද...? මොකඩ බුදු දහමට අනුව නම් අන්ගවිකල දෙවියන් ඉන්න විදිහක් නෑ.

එහෙනම් මේ ගොඩක් අය හදා ගත්ත මනස්ගාත පස්සේ අපි තාමත් දුවනවා. දෙවියන්ට යැදීම පලක් තියනවද...? නෑ යැදීම පලක් නෑ. ලොකේ තියන ඔක්කොම පව් කර කර දෙවියන් ගෙන් මාව ආරක්ශා කරලා දෙන්න කිව්වට දෙවියන් ආරක්ශා කරන්නේ නෑ. එහෙනම් ඇත්තටම දෙවියන්ගෙන් ආරක්ශාව ලබන්න නම් පින් කරන්න ඒ පින් දෙවියන්ට අනුමොදනා කරන්න.මෙත්තා භාවනාව වඩන්න.මෙත්තා භාවනාවේ තියන එක අනුසසක් තමයි "දේවතා රක්කන්ති" දෙවියන් විසින් ආරක්ශා කරනවා.

හැමටම මෙත් සිත පතුරවන්න එතකොට දෙවියන් ආරක්ශා කරනවා නැතුව බොරුවට දෙවියන්ට යැද්දා කියලා ඇතිවැඩක් නෑ.හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

ඔබ හිගන්නෙක් වෙනවද...?
ඔබ හිගන්නෙක් නොවෙනවද...?
තීරනය ඔබ අතේ...?

සැමට තෙරුවන් සරණයි...!
නව අරහාදී බුදුගුන...!

අපි පන්සල් ගිහිල්ලා නිකාම්ම ගාථා ටික මන්තරයක් වගේ කියාගෙන යනවා එත මේවාගේ තෙරුම අපි දැනගෙන නෙමෙයි නෙද එහෙම කියන්නේ. මේ විදිහට කියන්නන නම් ගිරවෙකුට උනත් පුලුවන්. ඒත් මනුස්ස අපිට විතරයි ඒකෙ තෙරුම දැනගෙන අවබෝදයෙන් ඒ ගාථා සච්ජායනා කරන්න පුලුවන්. ඒ නිසා අපි එම ගාථාවල තෙරුම ඉතාමත් කෙටියෙන් හරි දැන ගනිමු.

"ඉතිබිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරන සම්පන්නෝ සුගතො ලොකවිදු අනුත්තරො පුරිසදම්ම සාරථී සත්ථා දේවමනුස්සා නං බුද්ධෝ භගවාති"

අරහං - අරහං කියන වචනයේ තේරුම සුදුස්සා කියන එකයි. කෙනෙක් නුවනින්, ශ්‍රද්ධාවෙන් පිලිගන්වන පුජාවන් ලැබීමට බුදුරජානන් වහන්සේ සුදුසුයි.

සම්මා සම්බුද්ධ - සම්මා සම්බුද්ධ කියන්නේ කිසිම ගුරුවරයකුගේ මගපෙන්වීමක් නොමැතිව කිසිම උපදෙශයක් නොමැතිව, කිසිම උපකාරයක් නොමැතිව සියලුම ධර්මයන් සහ සියල්ල ඉතිරි නැතිවම නමන් වහන්සේම අවබොද කලා කියන එකයි.

විජ්ජාචටණ් සම්පන්න - විජ්ජාචටණ් සම්පන්න කියන්නේ චතුරාර්ය්‍ය සත්‍ය නිවරදිව අවබොද කරගෙන ඒ අවබොද කරගත් ධර්මය පැහැදිලිව දෙශනා කිරිමට ඇති හැකියාවයි.

සුගත ගුණය - සුගත කියලා කියන්නේ ශරීර්යට අධික ලෙස සැප දීමත් අධික ලෙස දුක් දීමත් අත් හැරලා මධ්‍යම ප්‍රතිපදා මාර්ගයේ ගමන්කල නිසයි.

ලොක විදු ගුණය - සංස්කාර ලෝකය, අවකාශ ලෝකය හා සත්ව ලොකය කියන තුන්ලොව ගැනම මැනවින් දැනගත් නිසා බුදුරජානන් වහන්සේගේ ඒ ගුණයට ලොකවිදු කිලා කියනවා.

අනුත්තර පුරිසදම්ම සාරථී ගුණය - පුත්ගලයන්ව ධර්මයේ පිහිටුවලා දමනය කිරීමට උන්වහන්සෙට තිබූ හැකියවට අනුත්තර පුරිසදම්ම සාරථී ගුණය කියලා කියනවා.

සත්ථා දේවමනුස්සානං ගුණය - මෙලොවත්, පරලොවත් සුගතිගාමී කරගෙන මේ සසර දුකින් මිදීමට මිනිසුන්ටත්, දිව්‍ය බ්‍රහ්මයන්ටත් අවබොද අනුසාසනා කරන නිසා බුදුරජානන් වහන්සේගේ එම ගුණයට සත්ථා දේවමනුස්සානං ගුණය කියලා කියනවා.

බුද්ධ ගුණය - ලෝකයේ යථාර්ථය තමා විසින්ම දැකලා චතුරාර්ය‍ය සත්‍ය අවබොද කල නිසා බුද්ධ කියලා කියනවා.

භගවා ගුණය - ඕනෑම පුත්ගලයෙක් හෝ වස්තුවක් සිත් පරිදි මෙහෙයවීමට ඇති හැකියාවත් ලෝකයෙන්ම උතුන්ම ශීලාදි ගුණ ධර්ම වල භාග්‍ය ලබූනිසත් බුදුරජානන් වහන්සෙගේ එම ගුණයට භගවා කියා කියනවා

ඉතින් මින්පසු මෙම බුදුගුණ අවබොදයෙන් අපි සජ්ජායනා කරමු.

සැමට තෙරුවන් සරණයි...!

මහා මන්ගල සූත්‍රය.

මහා මන්ගල සූත්‍රය තියෙන්නේ ආරක්ශක පිරිතක් හැටියට සජ්ජායනා කරන්න නෙමේ.මේ සුත්‍රය තියන්නේ අපේ මෙලොව ලෞකික ජීවිතයත් ලොකොත්තර ජීවිතයත් සාර්ථක කරගන්න.
ඉතින් මේ සූත්‍රයේ එන කරුනු ඔබෙ ජීවිතය එක්කර ගනිමින් ඔබෙ මෙලොවත් පරලොවත් ජීවිත සාර්ථක කර ගන්න.

මහා මන්ගල සුත්‍රයේ එන මන්ගල කරුනු 38.

01. බාලයන්,අසත්පුරුශයන් ඇසුරු නොකිරීම.
02. පණ්ඩිත,සත්පුරුශ,නුවනැත්තන් ඇසුරුකිරීම.
03. පිදිය යුත්තන් පිදීම.
04. සුදුසු දේශයක වාසය කිරීම.
05. පෙර කරනලද පින් ඇතිබව.
06. සිත මනාකොට පිහිටුවා ගැනීම.
07. බොහෝ ඇසූපිරූ තැන් ඇතිබව.
08. මැනවින් උගත් ශිල්ප ඇතිබව.
09. මනාකොට හික්මන ලද විනය.
10. යහපත් වචන කතාකිරීම.
11. මව පෝශනය කිරීම.
12. පියා පෝශනය කිරීම.
13. අඹු දරුවන්ට සන්ග්‍රහ කිරීම.
14. නිවරදි කර්මාන්ත කිරීම.
15. දන් දීම.
16. ධර්මයෙහි හැසිරීම.
17. නෑයන්ට සන්ග්‍රහකිරීම.
18. දොස් පැවරිය නොහැකි ක්‍රියා කිරීම.
19. පාපයෙන් වැලකීම.
20. මත්පැනෙන් වෙන්වීම,වැලකීම.
21. කුසල ධර්මයන් කෙරෙහි අප්‍රමාදවීම.
22. ගරුකිරීම.
23. නිහතමානීභව.
24. ලද දෙයින් සතුටුවීම.
25. කලගුන දන්නා බව.
26. සුදුසු කාලයෙදී බණ ඇසීම.
27. ඉවසීම.
28. කීකරු බව.
29. ශ්‍රමණයන් දැකීම.
30. සුදුසු කාලයෙදී ධර්මසාකච්චා පැවැත්වීම.
31. තපස් රැකීම.
32. බඹසර විසීම.
33. ආර්ය සත්‍යයන් දැකීම.
34. නිවන අවබෝධ කර ගැනීම.
35. අටලෝ ධහමින් සිත කම්පා නොවීම.
36. ශෝක රහිත බව.
37. කෙලෙස් නොමැති බව.
38. සිත කෙලෙසුන්ගෙන් නිදහස් වීම.

අපි මීලග ලිපියේ පටන් මේ කරුනු එකින් එක සාකච්චා කරමු.

ඔබ සැමට තෙරුවන් සරණයි...!

හිස් කුබුරක්...!

අපිට කිසියම් උපතක් ලබුනා කියන්නේ අපිට හිස් කුබුරක් ලැබුනා හා සමානයි. අපි මොකද කරන්නේ මේ කුබුර වපුරනවා. ජිවිතේ සාර්ථක කරගන්න උත්සහ ගන්න පුත්ගලයා මේ කුබුරේ වී වපුරනවා වී වපුරලා නිකම්ම බලාගෙන ඉන්නේ නෑ. ඒ කුබුරේ වල් පැල පැලවෙන්න පුලුවන් ඒවා ගලවන්න ඕනෑ. කුබුරට වතුර දාලා පොහොර දාලා හොදට බලා ගන්න ඕනෑ. එහෙම කලොත් තමයි හොද අස්වැන්නක් ලබා ගන්න පුලුවන් වෙන්නේ.

අන්න ඒවාගේ තමයි අපේ ජිවත වලත් හොද දේවල් කලොත් අපිට හොද ප්‍රතිඵල ලැබෙනවා. නරක දේවල් කලොත් නරක ප්‍රතිඵල ලැබෙනවා. අපේ ජිවිත තුල අපි කරන කියන දේ තමයි අපි අස්වැන්න කරගන්නේ. සමහරක් අය ලැබෙන කුබුර නිකම්ම තියෙන්න ඉඩ ඇරලා බලන් ඉන්නවා. ඉතින් මේ කුබුරේ වල් වැදිලා නාස්තිවෙලා යනවා. ඒ කියන්නේ අර පුත්ගලයා නිකන් කකා බිබී ඉදලා තිරිසනෙක් වගේ මැරිලා යනවා.

අපිට මේ ලැබිලා තියෙන්නේ ඉතාමත් කලාතුරකින් ලැබෙන උතුම් අවස්තාවක්. ලංකාව වගෙ රටක ඉපදුනා, සද්දර්මය අහන්න ලැබුනා ඉතින් මෙවගේ අවස්තාවක් මග හරිනවා නම් ඒක මහ මොඩ වැඩක්. ඊලග ආත්මයේ අපි කොහේ කොහොම ඉපදෙයිද කියන්න අපි දන්නේ නෑ. ඒක තීරනය වන්නේත් අපි මේ ආත්මයේ කරන කියන දේ අනුවයි. ඒක තමයි ඉස්සෙල්ලා කිව්වෙ අපි අස්වැන්න කර ගන්නේ අපි වපුරන දෙයමයි.

කෙනෙක් හොද ගති ගුන පුරුදු කරනකොට බාදා කම්කටලු ඇතිවන්න පුලුවන්. හරියට කුබුරක වල් පැල ඇතිවනවා වාගේ. ඒත් අපි ඒ වල් පැල උදුරා දමා සාර්ථක කුබුරක් කරගෙන යනව වගෙම අපි ජිවිත් තුල ඇතිවන බාදා කම්කටලු මැඩගෙන අපි ඉදිරියට යන්න ඔනේ. එහෙම කලොත් අපිට සාර්ථක ජිවිතයක් ගත කරන්න පුලුවන්. ඉතින් අපිට මේ ලැබිලා තියන උතුම් අවස්තාවෙන් අපි උපරිම ප්‍රයොජනය ගමු.

මේ සද්දර්මය අපේ ජිවිත වලට එක්කර ගනිමින්, හොද ගති ගුන පුරුදු කරමින් අපේ ජිවිත අපි ජය ගමු. හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

සැමට තෙරුවන් සරණයි...!

දුකින් මිදීමටයි...!

ගොඩක් අය එල්ල කරන චෝදනාවක් තමයි බුදු දහමේ කතාකරන්නෙම දුකමයි, දුක ගැන විතරමයි කියලා. ඔව් ඒක ඇත්ත හැබැයි එහෙම අපි දුක ගැන කතාකරන්නේ මොකද කියන කාරනාව ඒ අය දන්නේ නෑ. අපි දුක ගැන කතාකරන්නේ හැමදාම දුක් විදින්න නෙමේ අපි දුක ගැන දන්නවාන අපිට ඒ දුකින් මිදිලා ඉන්න පුලුවන්. මෙ මේ දේවල් නිසා දුක් ඇතිවෙනවා කියලා අපි දන්නවානම් අපිට ඒ දෙවල් වලින් ඈත්වෙලා ඉන්න පුලුවන්.

අන්න ඒ කාරනාව නිසයි අපි දුක ගැන කතා කරන්නේ. අපේ සම්බුදු දහමේ මේ දුකින් නිදහස් වෙන මාර්ගය කියා දෙනවා. අපේ බුදු රජානන් වහන්සේ අපිව නොපෙනෙන බලවෙගයක්, නොපෙනෙන දෙවියෙක්, මැවීමක් ගැන කියලා අපිව මුලා කරලා නෑ. අපිට මේ ජිවිතය තුලම අත්දකින්න පුලුවන් මනාකොට දෙශනා කල දහමක් අපිට තියනවා. ඒ දහම අපි හරියට ජිවිතයට එක් කර ගත්තොත් අපිට මේ දුකින් සදහටම මිදෙන්න පුලුවනි.

දැන් හමොම දන්නවා ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියලා බුදු දහමේ කියලා දෙනවා.මෙහෙම අපිට අපේ යහලුවන්ගෙන් වෙන්වන්න වෙන්න අපේම වැරද්දකින් වෙන්න පුලුවනි. කෙනෙක් දර්මයෙ පිහිටලා පන්සිල් රකිනවානම් ඒ කෙනා අතින් ඒ වාගෙ වැරැද්දක් සිදුවන්නේ නෑ. ඒ නිසා එයාව එයාගෙ යහලුවො අත්හරින්නේ නෑ.

මම මේ කිව්වේ සරලම උදාහරනක්.මෙන්න මේ වාගේ හැම දුකකින්ම මිදෙන්නත් අපේ බුදු දහමෙන් අපිට ඉගනගන්න පුලුවන්. ඉතින් අපි අපේ සම්බුදු දහම අපේ ජිවිතයට එක්කරගෙන අපේ දුක් දුරුකරගනිමු. හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

සැමට තෙරුවන් සරණයි...!

Photos







Buddihist Photos

දෙවියො...
අද අපි කතාකරන්න යන්නෙ දෙවියො ගැනයි.හැබැයි වෙනත් ආගමික දෙවියන් ගැන නෙමෙයි අපි කතාකරන්නෙ.අපි බෞද්දයො විදිහට වෙනත් ආගම් වලට ගරුකල යුතුයි.ඒනිසා අපි කතාකරන්නේ බෞද්දයො අදහන දෙවියන් ගැනයි. හොදයි අපිට දෙවියන් කිව්වහම ඉසෙල්ලාම මතක් වෙන්නේ කව්ද...? කතරගම දෙවියන් නේද...? දේව සන්කල්පයේ තියෙන්නේ මොන ඉගැන්වීමක්ද..? නිත්‍යයි, සුකයි, ආත්මයි කියන එක තමයි දෙව සන්කල්පය.

එතකොට බෞද්ද සන්කල්පය කියන්නේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන එකයි. ඒත් අපි අපේ ගෙදර බුදු කුටිය තුල කතරගම, විශ්නු, සරස්වතී දේව රූප තියන්නේ නැද්ද...? එහෙම කරන කෙනෙක් ඉන්නවා නම් ඒ අය හිතාගන්න ඒ අය බෞද්දයො නෙමෙයි කියලා.මොකද ඒ අයගේ හිතේ බුදු රජානන් වහන්සේ ගැන, බුදු රජානන් වහන්සේගේ ශ්‍රි සද්දර්මය ගැන,බුදු රජානන් වහන්සේගේ මහා සන්ඝරත්නය ගැන කිසිම විශ්වාසයක් නෑ කියන එකයි.

එහෙනම් එයා තෙරුවන් සරණ ගිය පුත්ගලයෙක් නෙමෙයි. පන්සලට ගිහින් කොච්චර හයියෙන් කෑගහල පන්සිල් ගත්තත් එයා තෙරුවන් සරණ ගිය පුත්ගලයෙක් නෙමේයි.ඔයොගොල්ලො මෙ අදහන කතරගම දෙවියො විශ්නු දෙවියොත් හින්දු දෙවිවරු එතකොට මෙ හින්දු බෞද්ද සන්කල්ප් එකට එකතුකරන්න අච්චාරු කරන්න යන අපි බෞද්දයොද...? ඔයගොල්ලො මෙ අදහන කතරගම දෙවියන් ගේ කතාව මම දැන් කියන්නම් මේක සොමහාමුදුරුවන්ගෙ දේෂනාවකින් ගත්ත කොටසක් කෙටියෙනුයි කියන්නේ

එකපාරක් විශ්නු දෙවියො ලමයි 7ක් මැව්වලු මෙතනට උමයි ඊශ්වරයි ආවලු මෙ ලමයි දැක්ක උමාට ඇතිවෙච්ච දරු සෙනෙහසට පැනපු ගමන් මොකද අයියේ මේ දරු කන්දක් කියලා මෙ ලමයි ටික බදාගත්තලු මේ අතර හිටපු පොඩිම ලමයා මේකෙන් කොහොමහරි එලියට පැනගත්තලු ඉතින් මේ බදාගෙන හිටපු ලමයි 6 කදමැදදෙන් එකට උනාලු.නිකන් හිතලා බලන්න කදමැදදෙන් එකට වෙන්න උමා කොහොම බැදිල්ලක් බදන්නාත්ද..? ඒක යකාගෙ දරු සෙනෙහසක් නෙද..?

දැන්මේ කදමැද්දෙන් එකතු උනාම අත් 12 කකුල් 12 ඔලු 6 විතරද ඉතුරු උනේ අනිත් අනිත් උපාන්ග වලට මොකද උනේ..? බලන්න දේව සන්කල්ප ගොඩනගන්න ගිහින් කරගෙන තියන දෙය...? එතකොට මේ සන්කල්ප අදහන අපි බෞද්දයොද මේ සන්කල්ප ඇත්තද මේ සන්කල්ප අපේ ජීවිතය තුලින් දකින්න පුලුවන්ද බෑ නෙද ඒත් අපේ බුදුදහමෙ අපේ ජීවිතය තුලින් දකින්න බැරි කිසිම දෙයක් නෑ හැම දේම අපේ ජීවිතය තුලින් දකින්න පුලුවන් ඔපන‍යිකයි කිව්වේ.

එහෙනම් මේ නිර්මල බුදු දහම පැත්තකට දාලා දේව සන්කල්ප බදාගෙන මොකක්ද අපි මේ කරන විකාරය.දේව සන්කල්පය තියෙන්නේ යදින්න, ඉල්ලන්න වෙනත් විදිහකට කියනවනම් දෙවියන්ගෙන් හිගාකන්න.ඒත් බුදු දහම තියෙන්නේ සරන යන්න ඒ බුද්දමාර්ගයේ ගමන් කරන්නයි බුදු දහමේ යදින්න, ඉල්ලන්න නෑ තමන්ගේ මහන්සියෙන්මයි සසරෙන් මිදෙන්න තියෙන්නේ.

මම මීටවඩා මේගැන කියන්න යන්නේ නෑ.මේ ලිපිය වෙනත් ආගමික සහොදරයෙක් කියවනවනම් මම මේ අනිත් ආගම් ගැන කියන්න නෙමේයි උත්සහ කරේ අපේ බෞද්දයොම කරන වැරදි පෙන්වීමක් විතරයි කරේ මේ ගැන වැරදියට තෙරුම් ගතයුතු නෑ.අනික මම හිතනවා මම මේ ගන්න මහන්සියෙන් ඔයාලා මොනවා හරි දෙයක් ජිවිතෙට එකතුකරගෙන ප්‍රයොජනයක් ලබනවා ඇතිකියලා.හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් ඩහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

ඔබ තෙරුවන් සරණයන බෞද්දයෙක් වෙනවාද...?
දෙවියන්ගෙන් යදින, හිගාකන යාචකයෙක් වෙනවාද...?
තීරනය ඔබ අතෙයි....!

සැමට තෙරුවන් සරණයි...!

Thursday, June 25, 2009


බුදු පිලිමය සහ දේව රූපය

අද අපි සමාජයෙන් වෙන අත්වෑරද්දක් ගෑන කතා කරමු අපි අද බුදු පිලිමය පාවිච්චි කරන්නෙ මොකටද..? මල් ටිකක් තියලා වෑදලා ගිරව් වගේ ගාතා ටිකක් කියන්න විතරයි නෙද...? හොදයි දේව පිලිමය ලගට මිනිස්සු ගිහින් මොනවද කරන්නෙ...? දේව පිලිමය ලගට ගිහින් මිනිස්සු යාච්නා කරනවා, යදිනවා තමන්ගේ හිතේ දුක කියලා එයාව දුකින් මුදවලා දෙන්න කියලා ඉල්ලනවා එහෙමත් නෑත්තම් එයාගෙ විභාහගය පාස් කරලා දෙන්න කියලා ඉල්ලනවා.

ඒත් එහෙම දෙවියන්ගෙන් ඉල්ලපු පමනින් එයා ව්භහගය පාස් වෙනවද..? එහෙම හිතනවනම් ඒක මහ මොඩ ක්‍රියාවක්.මොකද එහෙම හිතනවනන් මෙහෙමත් හිතන්න පුලුවන් "හරි මම දෙවියන්ට කිව්වා දෑන් දෙවියො ඇවිත් මගේ විභහගය ලියලා මාව පාස් කරලා දෙයි" ඔහොම හිතලා එයා පාඩම් නොකර හිටියොත් විභහගය පාස් වෙයිද..?

මේවගේ බොලද දේවල්, ක්‍රියාවල් අපේ නිර්මල බුදු දහමේ උගන්නන්නේ නෑ. එහෙමනන් අපි මේ මොනවද කරන්නේ..? බුදු කුටියට ගිහින් පන්සිල් සමාදම් වෙලා පන්සලේම දේවාලෙට ගිහින් දෙවියන්ගෙන් හිගා කනවා.එතකොට අපි බුද්දස්‍රාවකද..? දේවස්‍රාවකද..? මොකද මම එහෙම ඇහුවේ අපේ බුදු දහමේ යැදීමක් ගැන ඉගන් වීමක් නෑ. එතකොට සමහර අයට ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් මොකටද එහෙනම් බුදු පිලිම තියෙන්නේ කියලා..? බුදු පිලිම තියෙන්නෙ අපගේ සම්මා සම්බුදු බුදුරජානන් වහන්සේගේ අප්‍රමාන බුදුගුන සිහිකරන්නයි.

බෞද්දයන්ගේ හිතේ තියෙන කලබලකාරී තත්වය නැතිකර ගෙන තමන්ගේ හිතේ බුද්දාලම්භන ප්‍රීතිය ඇතිකරගන්නත් යන කාරනා වලටයි. දැන් බලන්න අපේ සමහර බෞද්දයො කරන තවත් වැරද්දක් තමා ඒ අය හිතන් ඉන්නේ බෝදින් වහන්සේ කියන්නේ කප් රුකක් කියලා. ඒ අය තමන්ගේ අපල නැති කරන්න කියලා ඉල්ලනවා, තමන්ව ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලනවා. නියම බෞද්දයාට කොහොමත් සද්ධර්මයේ ආරක්ෂාව තියනවා අමුතුවෙන් ඒක ඉල්ලන්න දෙයක් නෑ.

එහෙම අමුතුවෙන් ආරක්ෂාවක් එයා ඉල්ලනව කියන්නෙ එයාගේ ඇත්තම එයා බෞද්දයෙක්ද කියලා එයාට එයාගේ හිතේ සැකයක් තියනවා කියන එකයි. බොදින් වහන්සේ තියෙන්නෙත් මම ඉස්සරවෙලා කිව්වා වගෙ බුදුගුන සිහි කරන්නයි. එහෙනම් මොනවද මේ අපි බෞද්දයො කියාගෙන කරන බොලද වැඩ. මම ඉස්සර වෙලා දෙවියන් ගැන කතා කරා දැන් සමහර අයගෙ හිතේ ඒ ගැන ප්‍රෂ්නයක් ඇතිවෙලා ඇති අපි දෙවියන් ගැන ඊලග ලිපියෙන් කතා කරමු.

මේ අපගේ සම්මා සම්බුදුරජානන් වහන්සේ ඉපදුන, සම්මා සම්බුදු පදවියට පත් උන, පිරිනිවනපා වදාල මාසයයි, මේ මාසයෙදිවත් අපි අපේ තියන බොලද වැඩ, බොලද සිතිවිලි නවතා සද්දර්ම මාර්ගයේ ගමන් කොට නියම බෞද්දයො වෙමු...!

ඔබ බෞද්දයෙක් වෙනවද...?
ඔබ බෞද්දයෙක් නොවෙනවද...?
තීරනය ඔබෙ අතෙයි....!

තෙරුවන් සරනයි...!
සිත

සිත කියන්නේ මහා පුදුම දෙයක්. මේ ලොකේ සියලුම දෙනා වසග වෙලා ඉන්නේ මේ සිතටයි. සිත තමයි හැම කෙනෙක්වම මෙහෙය වන්නේ. සිතින් තමයි හැම දෙයක්ම මෙහෙයවන්නට බලය යෙදෙන්නේ. බුදුරජානන් වහන්සේ සිත ගැන මෙහෙම වදාලා "පින්වත් මහණෙනි දමනය නොකල විට, රැක නොගත් විට, සංවර නොකල විට මහත් විපතක් පිනිස පවතින යම් දෙයක් ඇද්ද, මේ සිත තරම් මහත් විපතක් පිනිස පවතිනන්නා වූ වෙන දෙයක් මම දකින්නේ නෑ" කියලා.

එහෙම නම් මේ සිත දහම තුල මනා කොට හසුරුවා නොතිබීම අනතුරු දායක බව අමුතුවෙන් කියන්න ඔනෙ නෑ.සිත දමනය කර ගැනීම ඉතාමත් අසීරු දෙයක් බව සිතේ ස්වභාවය දන්නා කවුරුත් පිලිගන්නවා. එබදු සිතකට හසු නොවී ජය ගැනීමට නම් තමන් තුල විශෙශ ගුණ දර්ම දියුනු කට ගත යුතුයි. ඇත්තෙන්ම ජිවිතය අවබොද කර ගැනීමට අවශ්‍යය කුසතතා ඇතිවයි බොහොදෙනෙක් උපදින්නේ. නමුත් එවන් පින්වත් උපතක් ලැබූ ගිඩ දෙනෙක් මොකද් කරන්නේ එක එක විකාර පස්සේ දුව දුවා කර්ම රැස් කරගන්නවා සිත්ට වල්වෙලා වැඩ කරනවා. අන්තිමට සිතට කොයි තරම් වහල් වෙලාද, විභහගය පාස් නොවුනු නිසා, අහිමි ආදරෙ නිසා තමන්ගේ ජිවිතය පවා නැතිකර ගන්නවා. සිතට මුලා වෙලා මිය යනවා. මුලා වුනු සිතකින් මිය ගොස් නරක තැනක ඉපදිලා ඒ ආත්මයෙත් දුක් විදිනවා.

අන්න ඒකයි මේ සිත දමනය කර නොගැනීමේ තිබෙන භයානකකම. නුවනැති කෙනා මෙම සිතට වහල් වන්නේ නෑ. සිතට අවවාද කරනවා සිත කීකරු කර ගැනීමට අවශ්‍යය වැඩ වල සිත යොදවනවා. සිත දමනයට භාවනාව ඉතාමත් වැදගත් කාරනයක්. ඔබත සිත දමන කර ගැනීමට උත්සහ ගන්න. මුලින්ම මෛත්‍රි, ආනාපානා සති වැනි භාවනා වල සිත යොදවන්න.මෙවනි ළාමක සිතක් දර්මය තුල පවත්වාගෙන නිවන් මගට සෘජු කරගන්න ඇත්නම් මොන තරම් වාසනාවක්ද. සිතට වහල් නොවී දර්මය තුලම පිහිටුවාගත් සිතකින් මියයන කෙනා සුගතියේමයි උපදින්නේ. ඔබත් සිත දර්මය තුල පිහිටුවීමට උත්සහ ගන්න.

සැමට තෙරුවන් සරණයි...!