Friday, June 26, 2009


මහා මන්ගල සූත්‍රය.

මහා මන්ගල සූත්‍රය තියෙන්නේ ආරක්ශක පිරිතක් හැටියට සජ්ජායනා කරන්න නෙමේ.මේ සුත්‍රය තියන්නේ අපේ මෙලොව ලෞකික ජීවිතයත් ලොකොත්තර ජීවිතයත් සාර්ථක කරගන්න.
ඉතින් මේ සූත්‍රයේ එන කරුනු ඔබෙ ජීවිතය එක්කර ගනිමින් ඔබෙ මෙලොවත් පරලොවත් ජීවිත සාර්ථක කර ගන්න.

මහා මන්ගල සුත්‍රයේ එන මන්ගල කරුනු 38.

01. බාලයන්,අසත්පුරුශයන් ඇසුරු නොකිරීම.
02. පණ්ඩිත,සත්පුරුශ,නුවනැත්තන් ඇසුරුකිරීම.
03. පිදිය යුත්තන් පිදීම.
04. සුදුසු දේශයක වාසය කිරීම.
05. පෙර කරනලද පින් ඇතිබව.
06. සිත මනාකොට පිහිටුවා ගැනීම.
07. බොහෝ ඇසූපිරූ තැන් ඇතිබව.
08. මැනවින් උගත් ශිල්ප ඇතිබව.
09. මනාකොට හික්මන ලද විනය.
10. යහපත් වචන කතාකිරීම.
11. මව පෝශනය කිරීම.
12. පියා පෝශනය කිරීම.
13. අඹු දරුවන්ට සන්ග්‍රහ කිරීම.
14. නිවරදි කර්මාන්ත කිරීම.
15. දන් දීම.
16. ධර්මයෙහි හැසිරීම.
17. නෑයන්ට සන්ග්‍රහකිරීම.
18. දොස් පැවරිය නොහැකි ක්‍රියා කිරීම.
19. පාපයෙන් වැලකීම.
20. මත්පැනෙන් වෙන්වීම,වැලකීම.
21. කුසල ධර්මයන් කෙරෙහි අප්‍රමාදවීම.
22. ගරුකිරීම.
23. නිහතමානීභව.
24. ලද දෙයින් සතුටුවීම.
25. කලගුන දන්නා බව.
26. සුදුසු කාලයෙදී බණ ඇසීම.
27. ඉවසීම.
28. කීකරු බව.
29. ශ්‍රමණයන් දැකීම.
30. සුදුසු කාලයෙදී ධර්මසාකච්චා පැවැත්වීම.
31. තපස් රැකීම.
32. බඹසර විසීම.
33. ආර්ය සත්‍යයන් දැකීම.
34. නිවන අවබෝධ කර ගැනීම.
35. අටලෝ ධහමින් සිත කම්පා නොවීම.
36. ශෝක රහිත බව.
37. කෙලෙස් නොමැති බව.
38. සිත කෙලෙසුන්ගෙන් නිදහස් වීම.

අපි මීලග ලිපියේ පටන් මේ කරුනු එකින් එක සාකච්චා කරමු.

ඔබ සැමට තෙරුවන් සරණයි...!

No comments:

Post a Comment