Monday, November 30, 2009

සංඛ්‍යාත්මක දහම් කරුණු


සංඛ්‍යාත්මක දහම් කරුණු

ත්‍රිලක්‍ෂණය – අනිච්ච, දුක්ඛ, අනත්ත යන්නයි. මුළු බුදු දහමම වචන තුනකින් හා අකුරු අටකින් හැඳින්විය හැකි බව පඬිවරු පවසති. බුදුපියාණන් වහන්සේ සතළිස් පස් වසරක් පුරා දෙසූ දහම කැටිකර ගත් කල්හි එය අනිච්ච, දුක්ඛ, අනත්ත යන පද තුන යටතේ ගොණු කළ හැකි ය. අකුරු අටනම් එම පද තුනේ ලඝු, ගුරු සෙයින් ගත් කළ ඇති අකුරු අට ය. අනිච්ච, දුක්ඛ, අනත්ත මේ අකුරු අටයි.

අසූහාර දහසක් ධර්මස්ඛන්ධය -
විනය පිටකය ස්ඛන්ධ 21, 000
සූත්‍ර පිටකය ස්ඛන්ධ 21, 000
අභිධර්ම පිටකය ස්ඛන්ධ 42, 000
එකතුව 84, 000

විනය පිටකයෙන් ශ්‍රද්ධා මාමක ශීලයත් සූත්‍ර පිටකයෙන් උපායමාර්ග චර්යාවත්, අභිධර්ම පිටකයෙන් විද්‍යාත්මක දැනුමත් ලබා ගනිමින් සත්වයාගේ උපතේ සිට මරණය දක්වා ලෞකික හා ලෝකෝත්තර ගුණාංග වර්ධනයත් දිවි කෙළවර නිවන් පසක් කර ගන්නා ආකාරයත් මෙම අසූහාර දහසක් ධර්ම ස්ඛන්ධයන්ගෙන් ප්‍රකාශිත ය.

බුද්ධාදි අටතැන්හි වන සැකය

1. බුද්ධේ කංඛති – බුදුරදුන් කෙරෙහි සැක කිරීම.
2. ධම්මේ කංඛති – ධර්මය කෙරෙහි සැක කිරීම.
3. සංඝෙ කංඛති - සංඝයා කෙරෙහි සැක කිරීම.
4. පුබ්බන්තෙ කංඛති - පෙර අත්බැව් ගැන සැක කිරීම.
5. අපරත්තෙ කංඛති –පෙර පරදෙලොව ගැන සැක කිරීම.
6. පුබ්බත්තා පරන්තේ කංඛති – පරලොව ගැන සැක කිරීම.
7. සික්ඛාය කංඛති - ශික්‍ෂාපද ගැන සැක කිරීම.
8. පටිච්ඡ සමුද්පාදේ කංඛති - හේතුඵල ධර්මය ගැන සැක කිරීම

සදිසා නමස්කාරය

1. පෙරදිග මවුපියන්
2. දකුණ – ගුරුවරුන්
3. බටහිර – අඹුදරුවන්
4. උතුර – හිතමිතුරන්
5. යට – දැසි දස් කම්කරුවන්
6. උඩ - ශ්‍රමණ බ්‍රාහ්මණයින්

චතුරාර්ය සත්‍යය හා එහි දොළොස් ආකාරය – (ඒවං තිපරි වට්ටං ද්වාදසාකාරං)

සතර සත්‍යය – දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග (මෙම සත්‍ය සතර එකක් එකක් තුනෙන් ගුණකළ විට 12 ක් ලැබේ.) එය ද්වාදශාකාරය හෙවත් දොළොස් ආකාරයයි. තුනෙන් ගුණ කිරීම නම්,

1. සත්‍යඤාණ – චතුරාර්ය සත්‍ය ,සත්‍යය බව සිතීම.
2. කෘත්‍ය ඤාණ – එම සත්‍යය එසේම කිරීම හෙවත් ප්‍රගුණ කිරීම.
3. කෘත ඥාන – ප්‍රගුණය අවසානයේ එය ප්‍රගුණ කළා යයි දැන ගැනීම.

මෙසේ එක් එක් සත්‍ය පිළිබඳ සිතා, කර, අවසන් වීමේ ත්‍රිවිධ කාර්යය නිමාවීමත් සමග 12 ක් වේ. තිපරිවට්ටයෙන් සත්‍ය සතර දොළොස් අයුරු වන්නේ එපරිද්දෙනි.

චතුරංග මහා කළුවර -

1. මාසේ පෝය දා
2. මධ්‍යම රාත්‍රියේ
3. මහ ඝන වනයක් මැද
4. පහළවන මොරසූරන වැස්සේ ඇතිවන කළුවර

අට මහ නරකය -

1. සංජීවය,
2. කාලසූත්‍රය,
3. සංඝාතය, 4. රෞරවය,
5. මහා රෞරවය, 6. තාපය,
7. ප්‍රතාපය,
8. අවීචි මහ නරකය.

තිභුවන -

1. දිව්‍ය ලෝකය,
2. මනුෂ්‍යලෝකය,
3. නාග ලෝකය

ත්‍රිවිධ සම්පත් -

1. මනුස්ස සම්පත්තිය,
2. දිව්‍යසම්පත්තිය,
3. නිර්වාණ සම්පත්තිය

තුන් බෝ -

දාගැබ්, බෝරුක්, විහාර

ත්‍රිවිධ මදය -

ජාති මදය, නිරෝගී මදය, යෞවන මදය

ත්‍රිවිධ කෝලාහල -

කල්පකෝලාහල, චක්‍රවර්ති කෝලාහල, බුද්ධ කෝලාහල

සංවේග වස්තු අට -

1. ජාති,
2.ජරා,
3. ව්‍යාධි,
4. චුතී,
5. අපාය,
6. අතීත දුක්ඛ,
7. වර්තමාන දුක්ඛ,
8. අනාගත දුක්ඛ

ආර්ය ශ්‍රාවකයෝ සතර දෙන -

සැරියුත් මහරහතන් තෙරණුවෝ - ධර්මසේනාධිපති
මුගලන් මහ රහතන් තෙරණුවෝ - ධර්ම පුරෝහිත
කාශ්‍යප මහ රහතන් තෙරණුවෝ - ධර්මාධිකාරී
ආනන්ද මහ රහතන් තෙරණුවෝ - ධර්ම භාණ්ඩාගාරික

දස අනුස්සව -

කාලාම සූත්‍රයේ මෙසේ දක්වා ඇත.

1. මා අනුස්සවේන – ඇසීමෙන් පමණක්
2. මා පරම්පරාය – පරම්පරාවෙන් ආ බව කීම
3. මා පිටක සම්පදාය - පොත් පත්වල සඳහන් වූ පමණින්ම
4. මා ඉතිකිරාය - මෙසේ යැයි කී පමණින්
5. මා සමණෙ නොගරු - ශ්‍රමණයින් කී පමණින්
6. මා හම්බරූපතාය - සුදුසුකම් සැලකීමෙන්
7. මා තක්ක හේතු - තර්කයට එකඟ බැවින්
8. මා නය හේතු - න්‍යායට එකඟ බැවින්
9. මා ආකාර පරිවිතක්කාය – එහෙම නිසා
10. මා දිට්ඨි නිජ්ඣානක් වත්තියා - තම දෘෂ්ටියට එකඟ නිසා

මේ අයුරු පිළිනොගෙන සියල්ල පරීක්‍ෂා කර බලා යමක් පිළිගත යුතු බව බුදුදහමෙහි එන මූලික ඉගැන්වීමකි.

(Group)
http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts


(Blog)
http://saveourbuddhism.blogspot.com/


(e-mail)
saveourbuddhism@gmail.com

Thursday, November 19, 2009


යත්‍ථකාම නිපාතිනං - කැමැති යම් අරමුණක වැටෙන සුළු වූ ඇස කණ නාසය දිව ශරීරය මනස යන ෂඩ් ආයතනයෝ දැකීමෙන් ඇසීමෙන් ආඝ්‍රාණයෙන් රසයෙන් ස්පර්ශයෙන් අරමුණු ගැනීමෙන් යන දේවලින් සිතත් සමඟම ඇලී කටයුතු කරති. ඒවායේ ඉක්මනින් ඇලීමට පත් වෙති. ඒ ඉන්ද්‍රියයන් පි‍්‍රය කරන දේ නිතරම ඉල්ලති. ‘චිත්තං රක්ඛේථ මේධාවී - නුවණැත්තා සිත රකින්නේය.

සුදුද්දසං සුනිපුණං යත්‍ථකාම නිපාතිනං
චිත්තං රක්ෙඛීථ මේධාවී - චිත්තං ගුත්තං සුඛවහංන්තී

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි සසුන් බඹසරෙහි නොහැසිරුණු භික්ෂූනමක් උදෙසා මේ ගාථාව වදාළ සේක.

සැවැත් නුවර වාසය කළ එක්තරා සිටු පුත්‍රයෙක් තම හිතවත් ස්වාමීන් වහන්සේ නමක් වෙත ගොස් ස්වාමිනී! මම දුකින් මිදීමට කැමැතියි. ඒ දුකින්මිදීමේ ක්‍රමයක් මට කියන්න යැයි ඉල්ලා සිටියේය. ඔබ දුකින් මිදෙන්න කැමැතිනම් හැකිතාක් දන් දීමෙහි යෙදෙන්න. සිවුරු පිරිකර පිරිනමන්න. තමන්ගේ ධනය කොටස් තුනකට බෙදා එක් කොටසක් කර්මාන්ත සඳහා දියුණුවට ද එක් කොටසක් අඹුදරුවන් රැකීමට ද අනෙක බුදු සසුනෙහි දියුණුවට ද යොදවන්න.

භික්ෂුවගේ අවවාදය පිළිගෙන සියලු දේ සිදුකර නිමවා නැවත දවසක භික්ෂුව දැකීමට ගියේය. ස්වාමිනී! කියු කටයුතු සියල්ල නිම කළෙමි. දැන් කළයුත්තේ කුමක්දැයි විමසීය. පන්සිල් සමාදන් වී මැනවින් රකින්න යැයි භික්ෂුව අවවාද කළේය. උපාසකතුමා එයද ක්‍රියාවට නැංවීය. එය නිමකර භික්ෂුව වෙත ගොස් දැන් කළයුත්තේ කුමක්දැයි ඇසීය. දස සිල් රකින්න යැයි කීවේය. ඒ අවවාදය ඉටුකර දැන් කළ යුත්තේ කුමක්ද? ඇසීය. පැවිදි වන ලෙස කීවේය. උපාසකතුමා පැවිදි විය.

පැවිදි වීමේදී අභිධර්මික භික්ෂුවක් සහ විනයධර භික්ෂුවක් පිළිවෙලින් ඔහුට ආචාර්ය උපධ්‍යාය විය. උපසම්පදාව ලබා ඇති නවක භික්ෂුව ආචාර්යවරයන් ළඟට ගිය කළ අභිධර්මය ද උපාධ්‍යයන් වහන්සේ ළඟට ගිය කල විනය දහමද උගන්වයි. මේ ඉගෙනීම නවක භික්ෂුවට මහත් කරදරයක් සේ දැනිණි. විනය දහම් ඉගෙන ගැනීමේදී ‘බුදු සසුනෙහි’ පැවිදි වූවෝ විසින් මේ දේ කළ යුතුය. මේ දේ නොකළ යුතුය. මේ දේ කැපය. මේ දේ නොකැපය. යනුවෙන් ඉගෙන ගත් පසු නවක භික්ෂුව මා හිතුවා සේ නොවෙයි. විනය දහමට අනුව අත දිගු කිරීමට තරම්වත් ඉඩක් සසුනෙහි නැත. මේ විදියට නම් ගෙදර සිටම දුකින් මිදිය හැකිය.

උපැවිදි වී ගෙදර යාමට සිතා මොහු ඉගෙනිමද නතර කළේ ය. ශරීරය වැහැරී ගියේය. නහර ඉල්පුනේය. අලසකම වැඩුනේය. එක තැනටම වී සිටිනවා දුටු මේ භික්ෂුවගෙන් අනෙක් පැවිද්දෝ එකතැනටම වෙලා ශරීරය සුදුමැලි වෙලා පැහැය වෙනස් වෙලා ඊට හේතුව කුමක්ද? ඇසුවේය. එවිට සියලු කරුණු අනිකුත් ස්වාමීන් වහන්සේට මේ භික්ෂුව කීවේ ය. අනෙක් ස්වාමීන් වහන්සේ මේ බව ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට දන්වා සිටියහ.

උන්වහන්සේලා මේ භික්ෂුව බුදුන් වහන්සේ සමීපයට කැඳවාගෙන ගියහ. මහණෙනි, කුමක් සඳහා මෙහි ආවේද? බුදුන් වහන්සේ වදාළ විට මේ භික්ෂුව සසුනෙහි කලකිරී සිටින බව සැලකළහ. බුදුරජාණන් වහන්සේ සැබෑද මහණ! ඇසූවිට ‘එසේය’ යි පිළිතුරු දුන්නේය. කුමක් නිසා කළකිරුනේද? නැවත ඇසූවිට ‘ස්වාමිනී! මම දුකින් මිදෙනු කැමතිව පැවිදි වුනෙමි. මට ආචාර්යන් වහන්සේ අභිධර්මයත් උපාධ්‍යයන් වහන්සේ විනය දහමත් උගන්වනු ලබනවා. ඒවා ඉගෙන ගන්නා විට මට බුදු සසුනෙහි අත දිගු කිරීමටවත් ඉඩක් නැත යනුවෙන් සිතුනේය. ගිහි ගෙදර ද දුකින් මිදිය හැකි බැවින් උපැවිදි වී යාමට සිතුවෙමි යි කීවේය. එවිට බුදුන් වහන්සේ මහණ! තාගේ සිත රැකිය හැකිදැයි ඇසූහ. ‘එහෙයි ස්වාමිනි! යි ඔහු පිළිතුරු දුන්නේය. ඉන් අනතුරුව බුදුන් වහන්සේ ‘එසේනම්, තමන්ගේ සිත පමණක් රැකගැන්නැයි අවවාද කොට මේ ගාථා ධර්මය දේශනා කළ සේක.

සුදුද්දසං සුනිපුණං යත්‍ථකාමනිපාතිනං
චිත්තං රකේඛීථ මේධාවී චිත්තං ගුත්තං සුඛාවහන්නතී

දැකීමට අපහසු වූ ඉතා සියුම් වූ කැමැති යම් අරමුණක වැටෙන සුළු වූ සිත, නුවණැති පුද්ගලයා රැක ගනී. සිත රැක ගැනීමෙන් සුවගෙන දේ.

සුදුද්දසං - මනාසේ දක්නට අපහසු වූ
සුනිපුණං - ඉතා සියුම් වූ

සිත අරූපී ධර්මයකි. ඇසට නොදැක්ක හැකිය. දුරගමන් කළ හැකි, හුදකලාව හැසිරෙන සිරුරක් නැති ගුහාවක් තුළ පවතින සිතේ. මෙම ගති ඇති බව පෙනේ.

යත්‍ථකාම නිපාතිනං - කැමැති යම් අරමුණක වැටෙන සුළු වූ ඇස කණ නාසය දිව ශරීරය මනස යන ෂඩ් ආයතනයෝ දැකීමෙන් ඇසීමෙන් ආඝ්‍රාණයෙන් රසයෙන් ස්පර්ශයෙන් අරමුණු ගැනීමෙන් යන දේවලින් සිතත් සමගම ඇලී කටයුතු කරති. ඒවායේ ඉක්මනින් ඇලීමට පත් වෙති. ඒ ඉන්ද්‍රියයන් පි‍්‍රය කරන දේ නිතරම ඉල්ලති. ‘චිත්තං රක්ඛීථ මේධාවී - නුවණැත්තා සිත රකින්නේය.

අපේ ඇස් දෙක ලස්සන රූප ඉල්ලනව. කන්දෙක මිහිරි ශබ්ද ඉල්ලනව. නාසය මිහිරි සුවඳ ඉල්ලනව. දිව මිහිරි රස ඉල්ලනවා. ශරීරය සියුම් ස්පර්ශ ඉල්ලනව.

මනස පි‍්‍රය කරන දේවල් ඉල්ලනව. අණුවනයෝ අර ඉන්ද්‍රියයන් ඉල්ලන දේ දෙන්න මහන්සි ගන්නවා. උත්සාහ කරනවා. නමුත් නුවණ ඇති අය එසේ නොකර සිත රැකගනු ලබනවා. සිතට වහල් නොවී කටයුතු කරනවා.

චිත්තං ගුත්තං සුඛාවහං- සිත රැක ගැනීමෙන් සුව ගෙනදේ. සිතට වුවමනා දේ නොව අපට අවශ්‍ය දේ කිරීමෙන් යහපත් සාරධර්ම සිදු කරන අයකු විය හැකි වේ.


(Group)
http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts


(Blog)
http://saveourbuddhism.blogspot.com/


(e-mail)
saveourbuddhism@gmail.com

Tuesday, November 17, 2009

නොපමාවෙන් වැඩෙන යසස


පස්, පව්, දස අකුසල් කෙරෙහි චිත්ත සන්තානයේ නම්‍යතාව වැඩි ය. එසේම එවන් කර්ම කිරීමෙන් ලබන සතුට නසා මොහොතින් මොහොත මිනිස් සිත නීවරණ තුළින් කිළිටි වන්නේ ය. එය මරණින් මතු සතර අපායෝත්පත්තියක් ලැබීමට හේතු කාරක වේ. එම නිසා සමථ විදර්ශනා වඩා දෙලොව සුව සලසා ගැනීමටත් කෙළවර නිවනින් සැනසෙන්නටත් පවිත්‍ර චේතනාව මූලාධාරයක් වේ

උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤ තස්සච ධම්ම ජීවිනෝ
අප්ප මත්තස්ස යසෝභි වඩ්ඩති....


සියලු ලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් හා දයාවෙන් යුක්තව පුරා පන්සාලිස් වසක් මුළුල්ලෙහි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දහම් දෙසූහ. මනසින් උසස් වූ මිනිස් වර්ගයා ඇතුළු සත්වයන්, බුදුන් වහන්සේ මේ බියකරු සසර කතරින් එතෙර කරවීමට ගත් වෙහෙස අපමණය.

ධම්ම පදයේ අප්පමාද වග්ගයේ ගාථා ධර්මයක් මාතෘකා ගාථාව වශයෙන් ඉහතින් සඳහන් කරන ලදී. එහි සරල අදහස නම් නොපසුබස්නා වීර්යය සහ යහපත් සිහිය ඇති නිවැරැදි කාය, වාග් කර්ම ඇති මනා නුවණින් විමසා කටයුතු කරන දැහැමිව දිවි ගෙවන තැනැත්තාගේ යසස කීර්තිය නොපමාව වැඩෙන බවයි.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවන නම් අරමෙහි වැඩ වසන සමයෙහි කුම්භඝෝෂක නම් තරුණ සිටු පුතකු අරභයා ඉහත ගාථා ධර්මය දේශනා කර වදාළ සේක. රජගහ නුවර හතළිස් කෝටියක් ධනයට හිමිකම් කියූ මහා සිටු පවුලක් විය. එකල රජගහනුවර වැසියෝ අභිවාතක නම් දරුණු වසන්ගත රෝගයකින් පෙළෙන්නට වුහ. එම සිටු මැදුරට ද අභිවාතක නමැති එම රෝගය සෙමින් පැතිරිණි.

සිටු දෙමහල්ලෝ මරණාසන්න තත්ත්වයට ද පත් විය. එම පළාතේ පැවති එම පීඩාකාරී රෝගයෙන් මිදී ජීවත් වීමට අවශ්‍ය කෙනෙකු වේ නම් නිවසේ බිත්තියක් හාරා පලා යා යුතු ය. සිටු යුවල එම රෝගයෙන් පීඩිතව වේදනාවෙන් පසුවන අවස්ථාවේදී තම එකම පුතු මරණයෙන් බේරා ගත යුතු යැයි සිතා පුතු අමතා මෙම රෝගයෙන් මිදී ඈත පළාතකට ගොස් ජීවත් වී පසුව නැවත පැමිණ නිදන් කර ඇති මහ ධනස්කන්ධය ගෙන දිවි ගෙවන ලෙස ඉල්ලා සිටියහ. තම මව්පියන් තනිකර දමා යාමට අකැමැති වූවද, පසුව ඔවුන්ගේ කීමට එකඟ වූ කුමරා ඈත පළාතකට ගොස් එම රෝගයෙන් මිදී ජීවත් විය.

වසර ගණනකට පසුව රජගහ නුවරට කුමරු පැමිණිමුත් කිසිවකුට ඔහුව හඳුනා ගැනීමට ද නොහැකි විය. නුවණින් කල්පනා කළ සිටු කුමරා තම මව්පියන් නිදන් කළ ධනස්කන්දය සුරැකිව තිබේදැයි පරීක්‍ෂා කර බලා නිසි කාලය එනතුරු වෙනත් රැකියාවක් කළ යුතු බව තීරණය කළේ ය. කාලයත් සමග මොහුට අපූරු රැකියාවක් ලැබිණි. ගොවියන් කම්කරුවන් මෙන්ම නගරයේ ප්‍රභූ පන්තියේ සැවොමද පහන් දොර අවධි කරවීම මොහු සතු කාර්යය විය.

හිරු උදාවීමට පෙර ඉතා ශබ්ද නගා නගර වැසියන් අවධි කරවන ඝෝෂාවක් නිකුත් කරන නිසා මොහු ‘කුම්භ ඝෝෂක’ නමින් ප්‍රසිද්ධ විය. මෙසේ දින ගණනක් ගතවන කල බිම්බිසාර රජතුමා අලුයම පිබිදී සිටි මොහොතක මෙම කුම්භ ඝෝෂකගේ කටහඬ තම කන වැටී වහා සේවකයන් යවා ඔහු මාළිගාවට කැඳවාගෙන එන ලෙස අණ කරන ලදී. ශබ්ද විද්‍යාව පිළිබඳ හසල දැනුමක් ඇති රජතුමා එම තරුණයා උසස් කුමාරයකු විය හැකි බව දැන තොරතුරු විමසා මහත් සතුටු වී ඔහු සතු සියලුම ධනය වහා මාළිගාවට ගෙන්වා සත්කාර සම්මාන සහිතව සිටුතනතුරක් ද පිරිනමන ලදී. පසුව මහරජතුමා මෙම සිටු තරණයා ද කැටුව බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට වේළුවනාරාමයට ගොස් එම සියලු පවත් පවසන ලදී.

අනතුරුව බුදුරජාණන් වහන්සේ මහරජතුමා අමතා මෙම ඝෝෂක තරුණ සිටු පුත්‍රයාගේ ජීවිතය බොහෝ ධාර්මිකය. නුවණින් යුක්තය, එපමණක් ද නොව වීර්යයෙන් ද යුක්තය. එවැනි අයගේ දිවිය ධනයෙන්, ඉසුරුමත් බවින් ප්‍රභාමත් වන්නේ ය. නොපමාව තම කීර්තිය දසත පැතිරෙන්නේ ය. යනුවෙන් පවසා ඉහත ගාථා ධර්මය දේශනා කරන ලදී.

මෙම ගාථා ධර්මයෙන් අප ජීවිතයට ගත යුතු වැදගත් කරුණු හතක් පමණ විවරණය වෙයි. ඉන් පළමු වැන්න නම් උට්ඨානවතෝ හෙවත් උත්සාහයයි. උත්සාහයෙන් ක්‍රියා කිරීමට නම් තමන් කරන කාර්යය ගැන විශ්වාසය හා ඉන් ලැබෙන ප්‍රතිඵලය ගැන මනා අවබෝධයකින් යුක්තව සිටිය යුතු ය.

අප මහ බෝසතාණන් වහන්සේ පාරමිතාවක් ලෙස නියත විවරණයේ සිට බුද්ධත්වය ලැබීම දක්වා පුරණය කළ වීර්යය පාරමිතාව හේතුවෙන් සියලුම පාරමී ධර්මයන් ක්‍රියාත්මක කිරීමේ දී පැමිණි බාධක අභිබවා ගමන් කිරීමට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනැගිණි. එම නිසා බුදු, පසේ බුදු, මහ රහත් පදවි ලබන්නට නම් තම සිත් සතන් තුළ උපදින නීවරණ ධර්මයන් යටපත් කර ධ්‍යාන විදර්ශනා වඩා මඟඵල ලැබීමට උට්ඨාන වීර්යය අවශ්‍යම අංගයකි.

දෙවන කරුණ නම් සතිමතෝ හෙවත් සිහිය පිහිටුවා ගැනීමයි. සෑම කාර්යයකදීම සිහිය අවශ්‍ය වන අතර, එම සිහිය දීර්ඝකාලීනව පවත්වා ගැනීමත්, චිත්ත සන්තානයේ ලෝභ, ද්වේෂ, මෝහාදී කෙලෙස් ධර්මයන් යටපත් කිරීමටත්, එම කෙලෙස් සිතිවිලි එකිනෙක හඳුනා ගැනීමටත්, ඒ තුළින් කමටහන් වඩා මඟ ඵල ලබා ගැනීමටත්, සතිමතෝ හෙවත් සිහිය අනිවාර්යයෙන්ම තිබිය යුතු ය.

‘සුචිකම්මස්ස’ හෙවත් කයින් වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා පිළිබඳ පිරිසුදු බව කුසලයේ දී අත්‍යවශ්‍යය. විශේෂයෙන් ලෞකික ජීවිතයෙහි සාරවත් බව රඳා පවතින්නේ මෙම කාය, වාග්, කර්මයන්ගේ පවිත්‍රතාවය මතය.

විශේෂයෙන් පස්, පව්, දස අකුසල් කෙරෙහි චිත්ත සන්තානයේ නම්‍යතාව වැඩි ය. එසේම එවන් කර්ම කිරීමෙන් ලබන සතුට නසා මොහොතින් මොහොත මිනිස් සිත නීවරණ තුළින් කිළිටි වන්නේ ය. එය මරණින් මතු සතර අපායෝත්පත්තියක් ලැබීමට හේතු කාරක වේ. එම නිසා සමථ විදර්ශනා වඩා දෙලොව සුව සලසා ගැනීමටත් කෙලවර නිවනින් සැනසෙන්නටත් පවිත්‍ර චේතනාව මූලාධාරයක් වේ.

අපි යම් කර්මයක් හෙවත් ක්‍රියාවක් කරන විට ඒ ගැන සොයා බලා නුවණින් මෙනෙහි කර කටයුතු කිරීම නිසම්මකාරිනෝ යන්නයි.සඤ්ඤතස්සච නම් සිත, කය, වචනය යන තිදොරෙ සංවර බවයි. ජීවිතයේ සාර්ථකත්වයට කය වචන දෙකේ සීල ගුණය ද මනසේ සමාධියද අත්‍යවශ්‍යය.

“ධම්මජීවිනෝ” යනු ධාර්මිකව ජීවිතය පවත්වා ගැනීමයි. බුදුදහමට අනුව පුද්ගල ජීවිතය පවත්වා ගැනීමට දැහැමින් උපයා සපයා ගත් ධනය ඉතා වැදගත් වේ. ව්‍යග්ඝ පජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය ආදී සූත්‍ර තුළින් බුදුපියාණන් වහන්සේ ඒ බව තහවුරු කර ඇත.

‘අප්ප මත්තස්ස’ යනු පමා නොවීමයි. මුලානොවී සිහියෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයා දෙලොව දියුණුව සලසා ගන්නා බවද දේශනා කර ඇති අතර, ඒ අයුරින් කටයුතු කරන පුද්ගලයාගේ යසස, කීර්තිය වර්ධනය වන බව ද මෙම ගාථා ධර්මයෙන් පැහැදිලි වේ.

මෙසේ දැක් වූ උතුම් සප්ත ගුණාංගයන්ගෙන් සම්පූර්ණ වූ පුද්ගලයාගේ භෞතික සම්පත් මෙන්ම කීර්තිය වර්ධනය වන බවත් පෙනී යයි. මෙම ධර්මය තුළින් ඔබ සැමට ජාති, ජරා මරණාදී සසර දුකින් මිදී නිවන් සුව අවබෝධ වේවා!...

(Group) http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts (Blog) http://saveourbuddhism.blogspot.com/ (e-mail) saveourbuddhism@gmail.com

Monday, November 16, 2009

යහපත් මිතුරා හා නූතන සමාජය


සමාජයේ බහුතරය ස්වාර්ථකාමීය. බොරු වෙස් මුහුණු බැඳ සමාජය රවටන්නාහු ය. අන්‍යයන් කෙරෙහි කිසිදු දයාවක්, අනුකම්පාවක්, සැලකිල්ලක්, නොදක්වන්නවුන්ය. ස්වභාව ධර්මයාගේ දායාදයක් වූ ඉර, හඳ, ජලය, වාතය, වැනි දේ පවා තමන්ට පමණක් ලැබීම ප්‍රමාණවත් යැයි සලකන පිරිසකි. මෙවැනි පරිසරයක් තුළ යහගුණ සපිරි මෙරට තරුණ පිරිසට ඇසුරු කිරීම සඳහා යහපත් කල්‍යාණ මිතුරන්ගේ බලවත් හිඟයක් පවති.

කිසිම පුද්ගලයෙකුට සමාජයේ හුදකලාව ජීවත්විය නොහැකි අතර, ස්වකීය අභිවෘද්ධිය මෙන්ම සමාජ අභිවෘද්ධිය උදෙසා, යහපත් ආශ්‍රය අවශ්‍ය වේ. එහෙත් නූතන සමාජයේ ආශ්‍රය සඳහා යහපත් මිතුරන් සොයා ගැනීම ඉතා කල්පනාකාරීව කළ යුතු වේ. විශේෂයෙන්ම මනුස්සකම, ගුණවත්කම, අධ්‍යාත්මික ගුණ වගාව, මිනිස් හදවත් තුළින් ඉවත්ව ගොස් රුපියල් ශත රජකරන යුගයක, මේ ගැන වඩ වඩාත් කල්පනාකාරීවීම අවශ්‍ය ය.

පුද්ගල අභිවෘද්ධිය මෙන්ම, සමාජ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය යහපත් ආශ්‍රය පිළිබඳ බුදු දහම තුළින් පෙන්වා දෙන උපදෙස් මාලාවක් වේ. මහා මංගල සූත්‍ර දේශනාවේ මංගල කරුණු අතුරින් මුලින්ම දක්වනු ලැබ ඇත්තේ ‘අසේවනාච බාලානංච’ නරක පුද්ගලයන් ඇසුරින් ඉවත්විය යුතු බවය. සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ දී අන්‍යොන්‍ය යුතුකම්, මිත්‍ර සම්බන්ධතා පවත්වා ගැනීම ඉතා උසස් ලෙස අවධාරණය කරනු ලැබ ඇත. එහෙත්, නූතන සමාජයේ යහපත් මිතුරන් අසුර සඳහා සොයා ගත්තේ කෙසේද? හඳුනාගත්තේ කෙසේද? යන ගැටලුව පැන නගියි. ඊට හොඳ පිළිතුරක් බුදු දහම තුළින් පෙනේ. එනම්

පියෝච ගරු භාවනීයෝ
වත්තාච වචනක්ඛඛෝ
ගම්භීරෝච කථං කත්තා
නෝවට්ඨානේ නියෝජයේ”

මෙහි දැක්වෙන අන්දමට යහපත් මිතුරකු සතු ලක්‍ෂණ හතක් වේ.

1. මනා ගතිපැවතුම් වලින් යුතු පි‍්‍රයජනක පුද්ගලයකු වීම.
2. ගරු බුහුමන් ලැබීමට සුදුස්සකු වීම.
3. වැරැදි නිවැරැදි බව මනාව පෙන්වා දෙමින් අවස්ථාවෝචිත උපදෙස් දීම.
4. මිතුරාට සාවධානව සවන් දෙන්නකුවීම.
5. ඉවසීම
6. ගැඹුරු ගැටලු පිළිබඳ මනා ලෙස කරුණු පහදා දීම.
7. අයහපත් ක්‍රියාවන්ගෙන් මිතුරා වළක්වාලීම.

නමුත්, නූතන සමාජයේ ඇසුරු කිරීම සඳහා සුදුසු ගුණාංගයන්ගෙන් සපිරි පුද්ගලයන් සෙවීම අසීරු ය. නූතනයේ බොහෝ කණ්ඩායම් තුළ, යහපත් පැවතුමෙන් යුත්, හරි වැරැද්ද පෙන්වාදීමට සමත්, සාමජයේ පිළිගැනීමට ලක් වූ, ඉවසීමේ ගුණයෙන් සපිරි පුද්ගලයන් සෙවීම ඉතා පරිස්සමින් කළ යුතුව ඇත. සමාජයේ බහුතරය ස්වාර්ථකාමීය. බොරු වෙස් මුහුණු බැඳ සමාජය රවටන්නාහු ය. අන්‍යයන් කෙරෙහි කිසිදු දයාවක්, අනුකම්පාවක්, සැලකිල්ලක්, නොදක්වන්නවුන්ය. ස්වභාව ධර්මයාගේ දායාදයක් වූ ඉර, හඳ, ජලය, වාතය, වැනි දේ පවා තමන්ට පමණක් ලැබීම ප්‍රමාණවත් යැයි සලකන පිරිසකි. මෙවැනි පරිසරයක් තුළ යහගුණ සපිරි මෙරට තරුණ පිරිසට ඇසුරු කිරීම සඳහා යහපත් කල්‍යාණ මිතුරන්ගේ බලවත් හිඟයක් වෙති.

මේ අනුව, ඇසුරට නොගතයුතු මිත්‍ර ප්‍රතිරූපකයන් සිවු දෙනෙකු පිළිබඳව සිඟාලෝවාද සූත්‍රයේ මෙසේ දක්වනු ලැබ ඇත.

1. අඤ්ඤදත්ථුහර
2. වචීපරම
3. අනුප්පියභාණී
4. අපාය සහාය යනුවෙනි.

අඤ්ඤදත්ථුහර

විවිධ ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් පැමිණෙන මිතුරන් ය. නූතන සමාජයේ මෙවැනි පුද්ගලයන් බහුලය. ඔවුන්ගේ අපේක්‍ෂාව විවිධ තනතුරු, මිල මුදල්, ඉඩකඩම් ආදී තම අවශ්‍යතා ඉටු කර ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ඇසුර පතයි. මෙම පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා යාමේ දී විවිධ දූෂණ, දේපොළ හානි, ජීවිත හානි පවා සිදුවීමට පුළුවන. මෙවැනි මිතුරන් හා සබඳකම් පැවැත්වීම මගින් තමාද අනාරක්‍ෂිත තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැකි ය. පුද්ගල හා සමාජ සංවර්ධනයක් අපේක්‍ෂා කරන්නේ නම්,මෙසේ ලාභ අපේක්‍ෂාවෙන් ඇසුර පතන්නන්, දුරු කොට, හුදකලාව වුව ජීවත්වීම යහපත්වේ.

වචීපරම

මෙම ගණයට අයත් වන මිතුරන් ඕනෑම කටයුත්තකදී වචනයෙන් පමණක් සුහදව සංග්‍රහ කෙරේ. තම මිතුරා වෙනුවෙන් යම් අවස්ථාවක් උදා වූ විට හොඳයි සලකා බලන්නම් කිසි දේකට බියවන්න එපා. ඕනෑම දේකට මම ඉන්නවා. ආදී වශයෙන් පවා රැවටීමට සලස්වයි. ලාබ ප්‍රයෝජනයක් අත්වුවහොත් ඉන් උපරිම ඵල විඳ සතුටට පත් වෙයි. වචී පරම ගණයට අයත් වන මිතුරන් එදා මෙන්ම අද සමාජයේ ද බහුල වශයෙන් දැකිය හැකි ය. මෙවැනි මිතුරන් ඇසුරින් දුරුකිරීම බුද්ධිමතාගේ ලක්‍ෂණයකි.

අනුප්පියභාණී

මිතුරා කරන හොඳ දේවල් මෙන්ම නරක දේවල් ද අනුමත කිරීම අනුප්පියභාණිගේ ස්වභාවයයි. එය යහපත් කල්‍යාණ මිත්‍රයකුගේ ලක්‍ෂණයක් නොවේ. නිරතුරුවම සමජයට අවශ්‍ය වන්නේ හොඳ දේ අගය කරමින් ඒ අනුව ඹ්වත්වන මිනිසුන් ය. නූතන සමාජයේ බහුතරය අවංක මිතුරන් යැයි විශ්වාස කොට කරන හොඳ දේ මෙන්ම නරක දේවල් ද වේ. මින් නරක දේ අනුමත කිරීම තුළින් තමා හොඳ වූවත් එය පිරිහීමට ලක්වනු ඇත. අනුප්පියභාණි මිතුරන් ඇසුරින් දුරුකොට හුදකලාව ජීවත්වීම වුව යහපත් වේ.

අපාය සහායක

මිතුරු වෙසින් සිට මෙලොව පරිහානිය මෙන්ම පරලොව පරිහානිය උදාකරවන පුද්ගලයා අපාය සහායක ගණයට වැටේ. මත්කුඩු, සුරාව, සූදුව, පරස්ත්‍රී සේවනය ආදී දුසිරිත්වල යෙදෙන හෝ තම මිතුරා ද ඊට යොමු කරවයි. පොළඹවයි. නොදැනුවත්වම මෙයින් සිදුවන්නේ මහා විපතකි. සමස්ත ජීවිතයම අඳුරට හෙළා දැමීමකි. එබැවින් අපාය සහායක මිතුරු, මිතුරියන්ගෙන් වෙන්ව ජීවත්වීම යහපත් වේ.

මෙසේ ඇසුරින් වෙන් කළ යුතු, මිතුරු වේශයෙන් පෙනී සිටින මිත්‍ර ප්‍රතිරූපකයත් පිළිබඳ මනා පැහැදිලි කිරීමක් කරන, සිඟාලෝවාද සූත්‍ර දේශනාව, ඇසුරට සුදුසු යහපත්, කල්‍යාණ මිතුරන් සිවු දෙනෙකු, පෙන්වා දෙනු ලැබ ඇත.

1. උදව් උපකාර කරන උපකාරක මිත්‍රයා 2. දුක සැප දෙකේදීම කිසිදු වෙනසක් නොමැතිව එක්ව සිටින සමාන සුඛ දුක්ඛ මිත්‍රයා 3. දියුණුවට අත හිත දෙනා අත්ථක්ඛායි මිත්‍රයා 4. කරුණාවන්තව හා අනුකම්පාවෙන් ක්‍රියා කරන අනුකම්පක මිත්‍රයා යනුවෙනි. මෙකී, කල්‍යාණ මිතුරන් හතර දෙනා මැනවින් අවබෝධ කර ගෙන, ඇසුරට ගැනීම කළ යුත්තේ, සෙනෙහෙබර අම්මා කෙනෙකු ළයෙන් දරු සෙනෙහසින්, තම පුත්‍රයා රැක බලා අන්දමට බවට වදාළ සේක.

එතෙපි මිත්තෙ චත්තාරො
ඉති විඤ්ඤාය පණ්ඩිතො
සක්කච්චං පයිරුපාසෙය්‍ය
මාතා පුත්තංච ධරසං

මේ අන්දමට ඇසුරු නොකළ යුතු පාපකාරී මිත්‍ර ප්‍රතිරූපයන් ඇසුරෙන් බැහැර කර යහපත් කල්‍යාණ මිත්‍රයන් පමණක් ඇසුරු කිරීම ප්‍රඥාවන්තයාගේ ස්වභාවයයි. කල්‍යාණ මිත්‍රයන් ඇසුරට ලැබීම මහා පිනකි. මහා භාග්‍යයකි. මහා සම්පතකි. බුදු දහම පිළිනොපදින ජීවිත පරිඥානය, අඩු, බොහෝ තරුණ තරුණියන් පාපකාරී මිත්‍ර ප්‍රතිරූපකයන් ඇසුරට පත්වීම නිසා, ජීවිත විනාශ කර ගත් අවස්ථා වර්තමානයේ සුලභව දක්නට ලැබේ. බන්ධනාගාරගතව සිටින රැඳවියන් පිළිබඳව කළ සමීක්‍ෂණයන්ගෙන් හෙළි වී ඇත්තේ, ඔවුන්ට එම තත්ත්වය අත් වූයේ පාප මිත්‍ර සේවනය නිසා බවය.

මානව පරිණාමයේ අතීත යුගයේ සිටම මිනිසා සමූහ වශයෙන් ජීවත් වූ බව පෙනේ. එය අතීතයට මෙන්ම වර්තමානයට ද පොදු ය. ඒ අනුව මිනිසාට කල්‍යාණ මිත්‍ර සේවනය ලැබීම අත්‍යවශ්‍ය වේ. මීට ඇති හොඳම විසඳුම වන්නේ අධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරි සමාජයක් ගෙැඩනැඟීමය.එය එක් රැයක් පහන් වෙද්දී කළ හැකි හාස්කමක් නොවේ. මෙය සමාජයේ වැඩිහිටි සෑමදෙනා විසින්ම ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කර ගත යුතු ය. තම දූ දරු සහෝදර සහෝදරියන්ට යහපත් මිනිසුන් ඇසුරු කිරිමට අත්‍යවශ්‍ය නිසා සැම දෙනාම එක්ව, අධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරුණු, යහපත් සමාජයක් බිහිකිරීම සඳහා අත්වැල් බැඳ ගත යුතු ය. මේ සඳහා ගරුතර මහා සංඝරත්නය, පූජක පක්‍ෂය, උගතුන්, බුද්ධිමතුන්, සමාජ සේවකයන් මූලික වීම අත්‍යවශ්‍ය වේ.

“න භජේ පාපකේ මිත්තේ
න භජේ පුරිසාධමේ
භජේථ මිත්තෙ කල්‍යාණේ
භපේථ පුරිසුත්තමෙ (ධම්මපදය)

(Group)
http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts


(Blog)
http://saveourbuddhism.blogspot.com/


(e-mail)
saveourbuddhism@gmail.com

Friday, November 13, 2009

මිනිසත් බව දුබලය


උසස් මිනිසෙකුවීමට ඇති කරගත යුතු ගුණාංග බොහොමයි. එයින් ප්‍රධානම ගුණාංග තමයි ලෝක පාලක ධර්ම යනුවෙන් සඳහන් කරන ‘හිරි ඔතප්’ (ලැජ්ජා භය) දෙක .එයින් තොර මිනිසාගෙන් පලක් නෑ. එසේ නොවුවහොත් කොපමණ වටිනා ජීවිතයක් ලැබුණත් ඔහුට ලෞකික ලෝකෝත්තර වශයෙන් ලැබිය යුතු මොනම ඵලයක්වත් ලබාගත නොහැකිව අන්ධකාර ලෝකයක ගමන් කරන්නට සිදු වනවා.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
කිචෙඡා මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං
කිචෙඡා බුද්ධානං උප්පාදොති

පින්වත්නි,

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ඒරතපන්න නාගරාජයා අරභයා දේශනා කරන ලද ගාථා ධර්මයකි ඉහත සඳහන් කෙළේ. එහි සරල අදහස නම් ‘මිනිසෙකුව ඉපදීමත්, මිනිස් ජීවිතයක් මනාව පාලනය කිරීමත්, බණ අහන්න ලැබීමත් ලොවුතුරා බුදුවරයකුගේ ඉපදීමත් යන කරුණු සතර ලෝකයෙහි ඉතාම දුර්ලභ අමාරු කලාතුරකින් සිදුවෙන දේවල් යන බවයි.’ පින්වත! මිනිස් ජීවිතයක් ලබා ගැනීම ඉතාම අපහසු කාරණාවක්. එය කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවාටත් වඩා අපහසුයි.

අප එම අපහසු, දුර්ලභ කරුණු ඉටුකරගෙන හමාරයි. ඔබ සහ මම මේ ගෞතම සම්බුදු සසුන පවතින යුගයක මිනිසුන්ව ඉපදීමත්, සියලු ඉන්ද්‍රිය ඇතිව ඉපදීමත්, එයටත් වැඩිය දුර්ලභයි. එය සම්පත්තියක්. එයට කියන්නේ ‘ක්‍ෂණ සම්පත්තිය’ කියලයි. බුදු වීමට, පසේ බුදුවීමට, රහත්වීමට පළමුව මිනිස් බවක් ලබා ගත යුතුමයි. එම දුර්ලභ කරුණු අප ඉටුකරගෙන හමාරයි. එය රැක ගැනීම මගෙත් ඔබගෙත් වගකීමක් බව නිතර සිතන්න.

ලෝකයෙහි පහළවන සත්වයන් අතුරෙන් මිනිසා උසස්කොට සැලකිය යුතු යි. උසස් නිර්මාණශීලී මනසක් ඇත්තේ මිනිසාට පමණයි. මිනිස් ජීවිතය පහත් තත්ත්වයට ඇද වැටෙන්න දෙන්න හොඳ නැහැ. එසේ වුවහොත් ඔහු පහත් මිනිසකු වෙනවාමයි. මිනිස්කම රැක ගැනීම ඔබගේ පරම වගකීමක්. උසස් මිනිසෙකුවීමට ඇති කරගත යුතු ගුණාංග බොහොමයි. එයින් ප්‍රධානම ගුණාංග තමයි ලෝක පාලක ධර්ම යනුවෙන් සඳහන් කරන ‘හිරි ඔතප්’ (ලැජ්ජාභය) දෙක තිබිය යුතු යි.

එයින් තොර මිනිසාගෙන් පලක් නෑ. එසේ නොවුවහොත් කොපමණ වටිනා ජීවිතයක් ලැබුණත් ඔහුට ලෞකික ලෝකෝත්තර වශයෙන් ලැබිය යුතු මොනම ඵලයක්වත් ලබාගත නොහැකිව අන්ධකාර ලෝකයක ගමන් කරන්නට සිදු වනවා. යමෙකුට පුණ්‍ය සම්පත්තිය තිබේනම් ඔහුට පී‍්‍රතිමත් ජීවිතයක් ගත කරන්නට අවකාශ තිබෙනව. පැවිදි, ගිහි, ස්ත්‍රී, පුරුෂ, දේව, බ්‍රහ්ම ආදීන්ට පමණක් නොව, තිරිසන් ආත්මයක ඉපදුණත් පින අවශ්‍ය බව පෙනේ. බොහෝ සැප විඳින තිරිසන් සතුන් සිටින බවද ඔබට දැකිය හැකි ය.

පෙර ජාතිවල කරන ලද දානාදි පින්කම් වල ප්‍රතිඵලයක් ලෙස රූප සම්පත්තියෙන් හා පරිවාර සම්පත් සහිතව දෙවියන් වුවත් මනුස්සයෙකුව වුවත් ඉපදී සැප විඳිනවා. පින් කළ මවුපියන් කී දෙය කරන, තමන් දුර්වල කාලයේ දී කෑම් බීම් ආදිය සපයාදී පෝෂ්‍ය කරන පාරම්පරික සිරිත් කඩ නොකරන ආගම දහම කෙරෙහි ශ්‍රද්ධාව ඇති පන්සිල් රකින ලෝකයාගෙන් ප්‍රසංසා ලබන යහපත් දරුවො ලබා පී‍්‍රතිමත් වන බව දහමේ දැක්වේ. ඒ බව ලෝකය දෙස බැලීමෙන් ඔබට දැනගත හැකි වන වා ඇත. කරුණු මෙසේ හෙයින් පින නොපමාව කර ගන්නා ලෙස ඔබට සිහිගන්වමි. පින කාටත් උපකාර වන දෙයක් බව සලකා දෙලොව දියුණුව ඇතිකර ගැනීමට උත්සාහවන්ත වන්න.

ඔබ පුරුෂයකු හෝ ස්ත්‍රියක වුවත් එය ජීවිතයට බාධාවක් නොවේ. ඉතා සතුටින් යුක්තව කටයුතු කිරීමට උත්සාහවන්ත වන ලෙස කාරුණිකව සිහිගන්වමි. ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් සැමට සෙත සැලසේවා.!


(Group) http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts (Blog) http://saveourbuddhism.blogspot.com/ (e-mail) saveourbuddhism@gmail.com

Monday, November 9, 2009

භව දුක බිහි කරන උපාදානය


භවය තුළ සිටින සත්ත්වයාගේ ස්වභාවය නම්, භවය තුළ යථොක්ත ආදීනව විඳිමින් භවයටම ඇලුම් කිරීමයි. අරියපරියෙසන සූත්‍රයෙහි මෙය බුදුන් වහන්සේ පැහැදිලි කළහ. ජාතිය ජරාව මරණය ස්වභාව කොට ඇති සත්වයා ජාති ,ජරාව හා මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයන බවත් මෙය අනාර්ය පර්යේෂණයක් බවත් ,එහි පෙන්වා දී ඇත. මේ නිසා ඊට ප්‍රතිවිරුද්ධ ධර්මතා සෙවීම ආර්ය පර්යේෂණයකි.

බු දුරජාණන් වහන්සේගේ පටිච්ච සමුප්පාද දේශනාවට අනුව භවයක් ලැබීමට හේතු වන ප්‍රධානතම කරුණ උපාදානය බව ‘උපාදාන පච්චයා භවො’ යනුවෙන් සූත්‍ර දේශනාවල දැක්වේ. මෙහි ‘උපාදානය’ යනු, දැඩිව අල්ලා ගැනීම යි. කවරක් දැඩිව ගනී ද යන්න විග්‍රහ කිරීම සඳහා උපාදාන හතරක් දක්වා ඇත. 1. කාම උපාදානය, 2. දිට්ඨි උපාදානය, 3. සීලබ්බත උපාදානය, 4. අත්තවාද උපාදානය යනුවෙනි. රන්, රිදී, මුතු, මැණික්, පුත්‍ර, දාරාදී කාම වස්තුන් මාහැඟි වස්තුන් ලෙස දැඩිව සිතින් අල්වා ගැනීම, කාම භවයක් ලැබීමට හේතුවෙයි. එකී කාම වස්තුන් භුක්ති විඳීමේ ආශාවෙන් අකුසල කර්ම කරන අය අපායෙහි උපදිති. එසේම එකී කාම වස්තූන් පතා පින් කරන අය මනුෂ්‍ය හා දිව්‍ය ලෝකවල උපත ලබති. රූපාවචර ධ්‍යාන වඩා එකඟ වූ සිත් ඇති ඇතැම්හු මිනිස් ඇස ඉක්ම වූ දිව්‍ය චක්‍ෂුසය උපදවා අතීතයෙහි ආත්මභාව හතළිස් දහසක් පමණ ද අනාගතයෙහි ආත්ම හතළිස් දහසක් පමණ ද දකිති. මෙසේ දකින ඔවුහු ලෝකය ශාස්වත හෙවත් සදාකාලික බව සිතා එයම දැඩි කොට ගනිති. මෙය වූ කලී මිථ්‍යා දෘෂ්ටියකි. එම මිථ්‍යා දෘෂ්ටියෙන් යුතු වූවෝ දුන් දෙයෙහි විපාක නැත. යනාදී වශයෙන් සිතා කරනු ලබන කර්ම අනුව භවයක් ලැබේ. මෙය දෘෂ්ටි උපාදානය යි. මෙයින් ශුද්ධිය වේ යැයි සිතා, ශීල ව්‍රත, ගෝ ව්‍රත අජ ව්‍රත ආදිය අනුගමනය කිරීම, සීලබ්බත උපාදාන නම් වෙයි. එකී ව්‍රත අනුගමනය කිරීමෙන් මේ ලෝකයෙහි හෝ වෙනත් රූප හෝ අරූප භවයක සැප ලැබේ යැයි සිතා කර්ම කිරීමෙන් ලබන භවය කර්ම භවය යි. එයින් ලබන උපත භව උප්පත්තියයි. රූපය ආත්මය ආදී වශයෙන් විසි වැදෑරුම් ලෙස ගැනීම නැතහොත් සත්ත්වයා මියයන විට පරලොව ඉපදීමට යන ආත්මයක් ඇත යන ආදී වශයෙන් ආත්ම සංකල්පයක් දැඩිව සිතින් අල්වා ගැනීම, අත්තවාද උපාදනයයි. මේ නිසා මෙකී උපාදානය හෙවත් දැඩිව සිතින් අල්වා ගැනීම නිසා කර්මානුරූප ලෙස සත්ත්වයාට ඉහත විස්තර කළ පරිදි වූ භවයක් හිමි වෙයි.

දීඝ නිකායේ මහානිදාන සූත්‍රය බුදුදහමේ වැදගත්ම සූත්‍රයක් ලෙස සැලකෙයි. එම සූත්‍රයෙහි බුදුන් වහන්සේ මෙසේ වදාරා ඇත. ‘ආනන්දය, එහෙයින් යම් මේ උපාදානයක් වේ ද, මෙයම භවයට හේතුව ය. මෙයම නිදානය ය, මෙයම සමුදය ය, මෙයම ප්‍රත්‍යය (තස්මාතිහානන්ද, එසෙව හෙතු, එතං නිදානං එස සමුදයො එස පච්චයො භවස්ස, යදිදං උපාදානං) මේ නිසා උපාදාන නැති කිරීමෙන්ම භව නිරෝධය කළ යුතු වෙයි. උපාදානය නැති කිරීමට නම් රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, ස්පර්ශ තෘෂ්ණාව හා ධර්ම තෘෂ්ණාව නැති කිරීම අවශ්‍ය ය. මෙසේ හේතුඵල න්‍යාය අනුව කල්පනා කිරීමේදී දුක නැති කිරීමේ ක්‍රමවේදය සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතු වෙයි.

මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයකින් ද භව සංකල්පය පිළිබඳ හැදෑරීමක් කළ හැකි ය. එනම් බුද්ධ දේශනාවල බොහෝ තැන්වල දක්නට ලැබෙන ‘එතං මෙ එසො හමස්මි එසො මෙ අත්තා’ යන ප්‍රකාශය අනුව සිතීමෙනි. මෙහි තේරුම වන්නේ මෙය මගේ ය. මේ මම වෙමි, මේ මගේ ආත්මය’ යන්න යි. මෙම පද පිළිවෙළ ත්‍රිපිටකයේ කිසිදු තැනක වෙනස් නොවෙයි. ඒ අනුව සත්වයකුගේ චින්තන රටාව තුළ මුලින්ම ඇතිවන්නේ මගේ යන සංකල්පනාව යි. උපාදානය යනු ද, මගේ් යන හැඟීමයි. තෘෂ්ණාව ඇති කවර කෙනකුට හෝ මගේ යන ආකල්පයෙන් බැහැර විය නො හැකි ය. මගේ අත, මගේ පය, මගේ් මුහුණ, මගේ බිරිය, මගේ පුතා, මගේ රැකියාව, මගේ තත්ත්වය, මගේ ගෞරවය යනාදී මෙම සංකල්ප, තෘෂ්ණාවේ ඵලය. මගේ යන සංකල්පය තහවුරු වූ තරමට ‘මම’ යන හැඟීම තීව්‍ර වේ. තවත් විධියකින් කිවහොත් මගේ යන හැඟීමෙන් දැඩිව අල්ලා ගත් දේ ශක්තිමත් ලෙස පවතින විට ‘මම’ වශයෙන් සමාජය ඉදිරියේ පෙනී සිටීමට උත්තේජනයක් ඇති වෙයි. මෙය තමා විසින්ම කරන ලද්දක් ලෙසයි බාලයා සිතන බවත්, එහෙයින්ම ඔහුගේ ඉච්ඡාව හා මානය වැඩෙන බවත් ධර්මයෙහි සඳහන් වේ. අනෙක් අතින් කෙනෙකුට මගේ යැයි ගතයුතු යමක් නැති කල්හි මම කුමට ද? යන හැඟීම උපදී. නිදසුනක් ලෙස සුනාමිය වැනි උපද්‍රවයක් හෝ නාය යාමක් සුළි සුළඟක් වැනි ස්වභාවික උපද්‍රවයක් නිසා ගේ දොර දූ දරු ආදී මගේ යැයි ගතයුතු වූ වස්තු අහිමි වූ පුද්ගලයකු ගැන සිතමු. එබඳු අත්දැකීමකට මුහුණ පෑ පුද්ගලයකුට මම යන හැඟීමෙහි සාරවත් බවක් නො පෙනෙයි. මම වශයෙන් ගත හැකි යමක් නැති බව වැටහෙයි. මේ පිළිබඳ ඉතා පැහැදිලි හා වටිනා විස්තරයක් මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයෙහි දක්නා ලැබේ. එම සූත්‍රයෙහි බුදුන් වහන්සේ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් හා හිස අත් බැඳ හැඬීම් වැළපීම් ආදිය මගේ යැයි ගැනීම නිසා ඇතිවන බව වදාරති. එසේ නො වන උපාදානයක් ලෝකයෙහි ඇත්නම් එය ගැනීමට උපදෙස් දෙන උන්වහන්සේ, එනමුත් එබඳු උපාදානයක් ලෝකයෙහි විද්‍යමාන නොවන බව පෙන්වා දෙති. එබැවින් යමක් මගේ් යැයි ගැනීම උපාදානය ලෙසත් එයින් ශක්තිමත් වන මම යන හැඟීම භවය ලෙසත් අර්ථකථනය කළ හැකි ය. මම යන හැගීම තහවුරු වූ විට ආත්මීය වශයෙන් ගැනීමේ උත්තේජනය ඇති වෙයි. එබඳු තැනැත්තා භවයෙන් නිදහස් නොවෙයි. ‘දීඝරත්තං හෙතෙ භික්ඛවෙ අස්සුතවතො පුථුජ්ජනස්ස අජ්ෙක්‍ධාසිතං මමායිතං පරාමට්ඨං - එතං මම එසො හමස්මි එසො මෙ අත්තාති තස්මා

තත්‍රාස්සුතවා පුථුජ්ජනො නාලං නිබ්බින්දිතුං නාලං විරජ්ජිතුං නාලං විමුච්චිතුං’ යනුවෙන් අශ්‍රැතවත් පෘථග්ජනයා මෙය මගේය. මේ මම වෙමි, මේ මගේ ආත්මය යැයි බැසගන්නා ලද මමායනය කරන ලද පරාමර්ශනය කිරීමක් ඇති හෙයින් ඔහු සංස්කාර කෙරේ කළකිරීමට, එහි නො ඇලීමට හා ඉන් නිදහස් වීමට නුසුදුසු බව දක්වා ඇත. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුදු බව පසක් කිරීමත් සමගම වයස අවුරුදු තිස් පහේදී තමන් වහන්සේ ජාතිය, ජරාව, මරණය හා පුනර්භවය නැති කළ බව ප්‍රකාශ කළේ, මෙම මගේ් යන සංකල්පයත් මම යන හැඟීමත් දුරුකළ හෙයිනි. එහෙයින්ම උන්වහන්සේ ආත්මීය වශයෙන් ගත හැකි ස්වල්ප මාත්‍ර වූ ද දෙයක් ලෝකය තුළ විද්‍යමාන නො වන බවද වදාළහ. සාමාන්‍ය මිනිසෙක් තමා අවට දේ ආත්මීය වශයෙන් ග්‍රහණය කරන්නේ මම යන සංකල්පය ඔහු තුළ තහවුරු වී ඇති හෙයිනි.

භවය තුළ සිටින සත්ත්වයාගේ ස්වභාවය නම්, භවය තුළ යථොක්ත ආදීනව විඳිමින් භවයටම ඇලුම් කිරීමයි. අරියපරියෙසන සූත්‍රයෙහි මෙය බුදුන් වහන්සේ පැහැදිලි කළහ. ජාතිය ජරාව මරණය ස්වභාව කොට ඇති සත්වයා ජාති ,ජරාව හා මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයන බවත් මෙය අනාර්ය පර්යේෂණයක් බවත් ,එහි පෙන්වා දී ඇත. මේ නිසා ඊට ප්‍රතිවිරුද්ධ ධර්මතා සෙවීම ආර්ය පර්යේෂණයකි.

දුක නැති කිරීම සියලු සත්ත්වයන්ගේ අපේක්ෂාවයි. ඒ සඳහා භවය නැති කිරීමත් භවය නැති කිරීම සඳහා මගේ් යැයි දැඩි ලෙස ගැනීම නම් වන උපාදානය දුරු කිරීමත් කළ යුතු වේ.

මෙසේ හෙයින් භවය වූ කලී, දුක විඳීම ය, සැකසුණු නවා තැනක් වැනිය. අපාය මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක හා බ්‍රහ්ම ලෝක යනාදිය අබලන් වූ හා මනරම් ලෙස ඉදි කරන ලද නවාතැන් වැනි ය. බාහිර ආකෘතිය කෙසේ වෙතත් මේ සියල්ලම සැකසී ඇත්තේ දුක් දොම්නස හඬා වැළපීම සඳහාම වේ. එහෙයින් භවයට ඇලුම් කිරීම වූ කලී මායාවකට හසුවීමකි. භවයක් කෙරේ ඇල්මෙන් කුසල් හෝ අකුසල් සිදු කිරීම මුග්ධ ක්‍රියාවකි. බුදු දහමේ භවය හඳුන්වන්නේ, භව චක්‍රය නමිනි. ඊට හේතුව, එය හුදු තනි ඒකකයක් නොවීමයි.

පටිච්ච සමුප්පාද න්‍යායෙන් හෙළි පෙහෙළි කොට ඇත්තේ මෙම චක්‍රය සැකසී ඇති ආකාරයයි. ඉපදීමෙන් වන දුක නැති කිරීමට භවය නැති කළ යුතු ය. භවය නැති කිරීමට මගේ යැයි ගැනීම අත්හළ යුතුය. මගේ යැයි ගැනීම නැති කිරීමට තෘෂ්ණාව නැති කළ යුතුය. තෘෂ්ණාව නැති කිරීමට වේදනා නැති කළ යුතුය. මේ ආදී වශයෙන් ප්‍රතිලෝම නයින්, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණ, සංස්කාර, අවිද්‍යාව යනාදිය නැතිකළ යුතු වෙයි. මෙම භව චක්‍රයෙහි අග මුල කොතැනක දැ යි නිශ්චය කළ නො හැකි ය. කවර හෝ තැනකින් මෙම චක්‍රය කැඩිය යුතුය. එකල්හි යථාර්ථමය වශයෙන් දුක නැති කළ හැකි ය. එය භව නිරෝධය යි. දුක්ඛ නිරෝධය යි.

(Group) http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts (Blog) http://saveourbuddhism.blogspot.com/ (e-mail) saveourbuddhism@gmail.com

Thursday, November 5, 2009

නිවන් දකින්නට මොනවද බාධා


මිනිසා හැර අන් සියලු සත්ත්වයෝම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම මගින් සෑහීමට පත් වෙති. එහෙයින් කාමභෝගී ජීවිතය තුළ වූවද ඔවුන්ගේ අසහනය හා අතෘප්තිය අවම වෙයි. මිනිසා තුළ පවතින තරගකාරී, අනුකරණවාදී අතෘප්තිමය අසහන රැල්ල, සමස්ත ජන සමාජයටම සිදු කර ඇත්තේ, බරපතල විනාශයකි.

සංසාර විමුක්තියට බාධා කරන ධර්ම පහක් බුදුපියාණන් වහන්සේ හඳුන්වා දී තිබෙනවා. ඒවා පංච නීවරණ හැටියටයි හඳුන්වන්නේ. ‘නී’ යනු නිවනයි. ආවරණය යනු බාධා කිරීම යි. නැතහොත් වසා තැබීම යි. නිවන යනුවෙන් අර්ථ දක්වා ඇත්තේ, ‘වාන’ නම් වූ තෘෂ්ණාවෙන් නික්මීම යි. තමන්ගේ පරමාර්ථ හා අරමුණු සියල්ල නිවන කේන්ද්‍ර කොටගෙන පවතින්නේ යැයි යමෙක් ප්‍රකාශ කරන්නේ නම්, ඔහු බෞද්ධයෙකි. මේ සදාචාර සම්පන්න බුද්ධි සන්ධානය තුළ අනිවාර්යයෙන්ම අත්හළ යුතු සතුරු සංකල්ප පහක් ලෙස, නීවරණ ධර්ම සැලකිය හැකි ය.

කාමච්ඡන්ද

කාමච්ඡන්ද මෙයින් අදහස් කැරෙන්නේ අසීමිත ආශාවයි. ජීවත්වීම සඳහා වුවමනා කරන මූලික ප්‍රත්‍ය කිහිපයක් ඇත. ඇඳුම්, ආහාර පාන, නිවාස, ඖෂධ යනු ඒවා ය. මීට අමතරව අධ්‍යාපන, සන්නිවේදන, ගමනාගමන ආදී අවශ්‍යතා ද ඇත. එම මූලික අවශ්‍යතා මට්ටම ඉක්මවා ගිය අසීමිත ආශා රැසකින් මිනිසා පීඩා විඳියි. කාම යනු කැමැත්ත යි. කැමති දේ නොලැබීම දුකක් ලෙස ද හඳුන්වා ඇත. (යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං) කැමැති දේ ලබා ගන්නා ඉඳුරන් පහකි. (චක්ඛු, සොත, ඝාණ, ජීව්හා, කාය) ඇස, කන, නාසය, දිව, ශරීරය වශයෙනි. මෙම ඉන්ද්‍රිය පංචකයට අරමුණු වන්නා වූ පංච කාම (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ) සත්වයා සසර බැඳ තබන රසාලිප්ත තෝතැන්න යි. මෙම පස්කම් සැපතට දැඩි ලෙස ගිජුවීම, කාමච්ඡන්දය ලෙස සැළකෙයි. කාමසුඛල්ලිකානු යෝගය ලෙස, නිවන ලැබිය නොහැකි අන්තගාමී ප්‍රතිපදාවක් ලෙස ද හඳුන්වා ඇත්තේ, මෙම පිළිවෙත යි. මෙලොව ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය; මූලික අවශ්‍යතා සියල්ල සපුරා ගැනීමට විශ්වය හා මිනිසා අතර පවතින සම්බන්ධතාව තේරුම් ගැනීම ප්‍රමාණවත් ය. මිනිසා හැර අන් සියලු සත්ත්වයෝම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම මගින් සෑහීමට පත් වෙති. එහෙයින් කාමභෝගී ජීවිතය තුළ වූවද ඔවුන්ගේ අසහනය හා අතෘප්තිය අවම වෙයි. මිනිසා තුළ පවතින තරගකාරී, අනුකරණවාදී අතෘප්තිමය අසහන රැල්ල, සමස්ත ජන සමාජයටම සිදු කර ඇත්තේ, බරපතල විනාශයකි. අප්පිච්ඡතා හෙවත් කැමැතිකම් අඩුවීමෙන්, ලද්දා වූ ස්වල්පයකින් හෝ සතුටක් ගොඩ නඟා ගැනීමේ හැකියාව සන්තුට්ඨි අතින් වත්මන් මිනිසා දුබල ය. ඉන්ද්‍රිය ගෝචර වන සියලු සුන්දර දෑ තමන් සතු කර ගැනීමේ ප්‍රබල සටනක යෙදී සිටින මිනිසා, ඊට ප්‍රතිවිරුද්ධ සියලු බලවේග හා අභියෝග සමග සටන් කරයි. ගැටුම්කාරී මේ තරගය සමස්ත ජන සමාජය කෙරෙහි බලපෑම් ඇති කරයි. සුඛෝපභෝගී ජන රැල්ලට හසු වී කාම වස්තු පසුපස හඹා යන මිනිස් සිතට, ජීවිතය විඳින්නට, ලෝකය දකින්නට කාලය හරස් වෙයි. පලතුරකින්, මල් පැණි බිඳකින් හෝ වෙනත් ගොදුරකින් කුස පුරවාගෙන අත්තක වාඩිවී තම පි‍්‍රයාවිය හා පෙමින් බැඳී ගීතයක් ගයන පුංචි කුරුල්ලකුට තරම්වත් ලෝකය විඳින්නට විවේකයක්, මේ කාමභෝගී ධාවනය තුළ මිනිසාට නැති තරම් ය. කාමච්ඡන්දය ඒ තරමටම, නිවී සැනසිල්ලේ දිවි ගෙවීමට බාධා කරයි.

ව්‍යාපාදය

සිත කෝප කිරීම, ව්‍යාපාදයයි. සිතට මෙම සිතිවිල්ල ඇතුළු වූ වහාම දැවීම ඇති කරවයි. දැවෙන සිත රෝගී සිතකි. එය උමතුවීමක් යැයි පැවසීම වරදක් නොවේ. සිත කෝපවීම පුහුදුන් ස්වභාවයක් වූවද, බුද්ධියට තැන දෙන පුද්ගලයා තුළ කෝපයට වැඩි ආයුෂක් නැත. හැඟීමට වහල් වු පුද්ගලයා සිතට ව්‍යාපාදය පැමිණිවිට උමතුවෙන් ක්‍රියා කරයි. නිවනට බාධා කරන ස්වභාවය ව්‍යාපාදය තුළ ඇත. ලෝකෝත්තර වීමට පමණක් නොව ලෞකික වශයෙන් හෝ නිවීමක් එයින් බලාපොරොත්තු විය නොහැකි ය.

ථීන මිද්ධ

ථීන යනු සිතේ කම්මැළි කමයි. මිද්ධ යනු සිතිවිලි කම්මැලිවීමයි. පොදුවේ විමසන විට මෙම නීවරණයේ අදහස මැළි බවයි. සසරින් මිදීමේ විමුක්ති මාවත බොහෝ උත්සාහයෙන් ගොඩ නඟාගත යුතු එකකි. ඒ සඳහා පිරිය යුතු පිළිවෙත් බොහෝ ය. කම්මැළි පුද්ගලයා යම් වැඩ පිළිවෙළක කෙළවර දක්වා ගමන් කරන්නේ නැත. උදාසීන අලස මනස සැනසීමට වඩා ලබා දෙන්නේ, වැනසීමයි.

උද්ධච්ඡ කුක්කුච්ච

උද්ධච්ඡ යනු සිතේ නොසන්සුන් කම යි. හෙවත් අසංවරකම යි. කුක්කුච්ච යන්නෙන් අදහස් කරන්නේ පසු තැවීමයි. මෙය චෛතසික දෙකකි. අකුසල පක්‍ෂයේ චෛතසික දෙකක් වන මෙම සිතිවිලි නිවන ආවරණය කිරීම සඳහා එක්ව ක්‍රියා කරයි. නොසන්සුන් කම හා පසුතැවීම දුරු කරගත හැකි ක්‍රමය සීල යි. සිල්වතාගේ සිත, සංවරය , එම සංවරය, පසුතැවීමට හේතු ඇති නොකර යි.

තුන් දොර (සිත කය වචනය ) සංවර කරගැනීමට සමත් පුද්ගලයා, වැරදි ක්‍රියාමාර්ග අතහැර දමයි. එම ජීවිතය නිරවද්‍ය ජීවිතයක් ලෙස සැළකෙයි. එවිට ඔහුට සුවයක් දැනෙයි. (අනවජ්ජ සුඛ) ඒ සුවය, නිවනට මාවත යි.

සංවර සිතකට පශ්චාත්තාපයට හෙවත් පසු තැවීමට හේතුවක් නැත.

පුහුදුන් සිතට නිතර වැරැදි චේතනා පහළ වෙයි. පුහුදුන් සත්වයා අතින් වැරැදි සිදුවෙයි. වැරැදි සිදු වූ තරමට ඒවා මෙනෙහි කරමින් පසුගාමි විය යුතු නැත. සිදුවන වැරැදි පිළිබඳ අවබෝධ කරගනිමින් ඒවා ජීවිතයට ඉගැනීමක් කරගත යුතුය. පියුමක් පරවී වැටුණු විට මඩදියට එකතු වී නෙලුම් පඳුරටම පොහොර වෙයි. ඉන් අලුත් මලකට පොහොරක් ලැබෙයි. මේ ලෙස වැරදුණු තැන් ජීවිතයට පාඩමක් කර ගැනීමෙන්, අලුත් මගක යා හැකි ය.

විචිකිච්ඡා

විචිකිච්ඡා යන්නෙන් සැකය අදහස් කැරෙයි. සැක කිරීම හොඳ ප්‍රවේශයකි. නමුත් ඉන් ප්‍රත්‍යක්‍ෂය ලබා ගැනීම තෙක් එය ඉදිරියට යා යුතුය. ඇතැම් අය සැකය තුළ සදාකල් රැඳී සිටීමට පි‍්‍රය වෙති. රසවත් යම් යම් සිද්ධාන්ත මනසට ඇතුළත් කරගෙන රස විඳිමින් සිටින අනුවණයෝ ප්‍රත්‍යක්‍ෂය කරා යෑමට උත්සුක නොවෙති. නිවන් දැකීමට නම්, නිවන් මඟ පිළිබඳ කිසි සැකයක් නෙ‍ාපැවැතිය යුතු ය. ජීවිතය පිළිබඳ යථාවබෝධය ඇති කර ගැනීම සඳහා විශ්වාසනීයත්වයෙන් හා සම්මා සතියෙන් යුතුව අවබෝධය සඳහා වු මඟෙහි ගමන් කළයුතු වෙයි.

මෙම පංච විධ නීවරණ දුරු කර ගත් සිත, නිවනට පත් වෙයි. නිවන් දකින තුරු සසර මඟ හමුවන සියලු දුක් වේදනා නිවා ගැනීමට ද මෙම සිතිවිලි පහ දුරු කිරීම, අවශ්‍ය වෙයි.


(Group)
http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts


(Blog)
http://saveourbuddhism.blogspot.com/


(e-mail)
saveourbuddhism@gmail.com


Tuesday, November 3, 2009

සසර බැමි සිඳ දමන පිළිවෙත් හතක්


සබ්බාසව සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට ඇත්තේ සසරින් නිදහස් වීමට පිළිවෙත් පුරන ශ්‍රාවකයා ඔහුගේ මනසෙහි උපන්නා වූ කෙළෙස් ප්‍රහාණය පිණිස ද, නූපන්නා වූ කෙළෙස් නූපදීමට ද වග බලා ගත යුතු බව ය. එසේම කෙළෙස් ප්‍රහීණ කිරීම, දර්ශනයෙන්, සංවරයෙන්, පටිසේවනයෙන්, නිසි පරිහරණයෙන්, ඉවසීමෙන්, වර්ජනයෙන් සහ භාවනාවෙන් යනුවෙන් ආකාර 7 කින් කළ යුතු බව දේශනා කොට ඇත.

සත්වයා නැවත නැවත සසර ඉපදීමට හේතුව වශයෙන් බුදුදහමෙහි දක්වා ඇත්තේ සත්ත්වයාගේ මනසෙහි මුල් බැස ඇති කෙළෙස් සමුදායයි. පුද්ගලයාට සසර නැවත උපතක් ඇති කර දෙමින් නිමක් නොපෙනෙන මරු කතරක් හා සමාන සංසාරයට ඇද දමන කාරණා 4 ක් පිළිබඳ තථාගතයන් වහන්සේ පැහැදිලි කොට ඇත.

මේවා ‘ආශ්‍රව යැයි’ හඳුන්වනු ලැබේ. මෙම ආශ්‍රව ධර්ම 4 නම්, කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව හා අවිච්ඡාශ්‍රව වන්නේ ය. මෙහි දී කාමාශ්‍රව වශයෙන් හඳුන්වා ඇත්තේ කාමයන් පිළිබඳව ඇති දැඩි බැඳීමය. භවශ්‍රව යනු කාම - රූප අරූප යන ලෝකත්‍රයට ඇති බැඳීම බව දත යුතු ය. දිට්ඨාශ්‍රව යනු පුද්ගලයා විසින් ගොඩනගා ගෙන ඇති විවිධ දෘෂ්ටි ය. අවිච්ඡාශ්‍රව යනු පුද්ගල මනසෙහි හටගන්නා මුලාව යැයි දත යුතුය. මෙසේ කියන ලද ආශ්‍රව පිළිබඳ සහ මෙම ආශ්‍රව ක්ෂය කිරීමේ පිළිවෙළ පිළිබඳ පැහැදිලි කරන ලද දේශනයක් ලෙස මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රය හැඳින්විය හැකි ය.

දිනක් තථාගත බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කල්හි භික්ෂූන් වහන්සේ අමතා ‘මහණෙනි, ආශ්‍රව ක්ෂය කිරීම දන්නා අයට හා දක්නා අයට පමණක් සිදුකළ හැකි දෙයක් වන්නේ ය. කුමක් දන්නා හා දක්නා අයට ද? යෝනිසෝමනසිකාරය හා අයෝනිසෝමනසිකාරය දන්නා අයට ය. අයෝනිසෝමනසිකාරය ඇති තැනැත්තා තුළ නිතර නිතර නූපන් කෙළෙස් හට ගන්නේ ය. යෝනිසෝමනසිකාරය ඇති තැනැත්තාගේ නූපන් ;කළෙස් හට නොගන්නේ ය. තථාගතයන් වහන්සේ මෙම ආශ්‍රව ධර්ම 4 ප්‍රහාණය කළ යුතු ආකාරය පැහැදිලි කරමින්,

මහණෙනි! දර්ශනයෙන් පහ කළ යුතු කෙලෙස් ඇත. සංවරයෙන් පහ කළ යුතු කෙළෙස් ඇත. පටිසේවනයෙන් (ප්‍රයෝජනයට ගැනීමෙන්) පහ කළ යුතු කෙළෙස් ඇත. පරිහරණයෙන් පහ කළ යුතු කෙළෙස් ඇත. ඉවසීමෙන් පහ කළ යුතු කෙළෙස් ඇත. වර්ජනයෙන් පහ කළ යුතු කෙළෙස් හා භාවනාවෙන් පහ කළ යුතු කෙළෙස් ඇත ආදී වශයෙන් විවිධ කෙළෙස් නැති කළ යුතු විවිධ පිළිවෙත් ඇති බව දේශනා කළහ.

මෙහිදී දර්ශනයෙන් පහ කළ යුතු කෙළෙස් කවරෙද යත්, ධර්මය නූගත් පෘතග්ජන තැනැත්තා මෙනෙහි කළයුතු දෙය නොදකි යි. මෙනෙහි නොකළ යුතු දෙය ද නොදකියි. එබැවින්, ඔහු මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරයි. මෙනෙහි කළයුතු දේ මෙනෙහි නොකරයි. ඒ කෙසේද යත්, යම් දෙයක් මෙනෙහි කිරීමෙන් නූපන් කාමාශ්‍රව (කාමයන්ට ඇති බැඳීම්) උපදීද, උපන් කාමාශ්‍රව ප්‍රගුණ වෙයි ද, නූපන් භවාශ්‍රව (භවයට ඇති තෘෂ්ණාව) උපදියිද, උපන් භාවශ්‍රව වැඩෙයි ද, නූපන් අවිජ්ජාශ්‍රව (මුලාව) උපදියි ද, උපන් අවිජ්ජාශ්‍රව ප්‍රගුණ වෙයිද, ධර්මය නොදත්තා වූ පුද්ගලයා මෙසේ මෙනෙහි නොකළ යුතු දෙයම මෙනෙහි කරන්නේ ය.

එසේම මෙම අශ්‍රැතවත් තැනැත්තා විසින් මෙනෙහි නොකරන්නා වූ ද එහෙත් මෙනෙහි කළ යුතු දෙය කුමක් ද යත්, යම් දෙයක් මෙනෙහි කිරීමෙන් නූපන් කාමාශ්‍රව හට නොගනීද, උපන් කාමශ්‍රව දුරු වෙයි ද, නූපන් භවාශ්‍රව හට නොගනී ද, උපන් භවාශ්‍රව දුරු වී යයි ද, නූපන් දිට්ඨාශ්‍රව හට නොගනී ද, උපන් දිට්ඨාශ්‍රව දුරු වෙයි ද, නූපන් අවිජ්ඡාශ්‍රව හට නොගනීද, උපන් අවිජ්ඡාශ්‍රව දුරු වෙයි ද, මෙය ඔහු විසින් මෙනෙහි කළ යුත්තේ ය. එහෙත් ඔහුගේ මෝහයේ ඇති බලවත්කම නිසාම එසේ මෙනෙහි නොකරන්නේ ය. ඔහු අයෝනිසෝමනසිකාරයම දිගින් දිගටම ප්‍රගුණ කරන්නේ ය. ඔහුගේ මෙම අයෝනිසෝමනසිකාරය නිසා විවිධාකාර දෘෂ්ටි ඇති කරගන්නේ ය. එනම් අතීතයේ මම සිටියේ ද? නැද්ද? අනාගතයේ දී මම කවුරුන් වන්නෙමි ද? කෙසේ සිටිම්ද? ආදී වශයෙන් තුන් කාලය පිළිබඳ විවිධාකාර දෘෂ්ටි ඇතිකර ගන්නේ ය. එසේම මේ ආකාරයට වැරැදි සංකල්පනා ගොඩනගන මොහුට, හය ආකාරයකින් දෘෂ්ටි ඇති වන්නේ ය. එනම් 1. මට ආත්මයක් ඇත, 2. මගේ ආත්මය නැතිවෙලා යන එකක්, 3. ආත්මයකින් තමයි මම ආත්මය හඳුනාගන්නේ, 4. ආත්ම නොවන දෙය මම හඳුනාගන්නේ ආත්මය තුළින්, 5. මාආත්මය හඳුනාගන්නේ , අනාත්මයක් (ආත්ම නොවන දේ) තුළින්, 6. කථා කරන, සැපදුක් විඳින ආත්මයක් මා තුළ තියෙනවා. තථාගතයන් වහන්සේ ;මම දේශනයෙදී පැහැදිලි කරනුයේ අශ්‍රැතවත් තැනැත්තා තුළ මේ ආකාරයට දෘෂ්ටි හටගන්නා බව ය. මෙය දෘෂ්ටි කාන්තාරයකි. දෘෂ්ටි හුලකි, දෘෂ්ටි කම්පනයකි, එසේම මෙය දෘෂ්ටි බන්ධනයකි. වශයෙන් උන්වහන්සේ පැහැදිලි කළ සේක. මෙසේ දෘෂ්ටි බන්ධන එකතුවීම නිසා, ඔහු ඉපදීමෙන් නිදහස් නොවන්නේ ය. ජරා මරණවලින් නිදහස් නොවන්නේ ය. ශෝක වැළපීම්, කායික මානසික දුක් වලින් නිදහස් නොවන්නේ ය. කෙටියෙන් කියතොත් සසර බන්ධනයට ඔහු හසු වන්නේ ය.

එහෙත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා නිරන්තරයෙන්ම උත්සාහ කරනුයේ නුපන්නා වූ ආශ්‍රව හට නොගැනීමට හා උපන්නා වූ ආශ්‍රව දුරු කිරීමට ය. ඔහු මෙනෙහි කළ යුතු දෙය හා මෙනෙහි නොකළ යුතු දෙය පිළිබඳ මනාව හැඳින, සතර ආකාරයක ආශ්‍රව දුරු කරන්නේ ය. එවිට ඔහු තුළ සසරට බැඳ තබන ලෙස සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය යන සංයෝජන 3 සිඳී යන බව, තථාගතයන් වහන්සේ මෙහිදී දේශනා කළ සේක. මේ ආකාරයට දර්ශනයෙන් ඇතැම් කෙළෙස් බැහැර කළ යුතු බව දත යුතු ය. එසේම සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කෙළෙස් පිළිබඳ විස්තර කරන බුදුන් වහන්සේ, නුවණින් මෙනෙහි කොට චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාණ ඉන්ද්‍රිය, ජිව්හා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනින්ද්‍රිය යන මෙම ඉන්ද්‍රිය සංවර කර වසන්නා වූ ශ්‍රාවකයාගේ ඒවා නිසා හට ගන්නා කෙළෙස් නිසා විඩාව, දැවිල්ල දුරු වන්නේ ය. මෙය, සංවරයෙන් ආශ්‍රව පහකිරීම යැයි දත යුතු ය.

එසේම පරිහරණයෙන් දුරුකළ යුතු ආශ්‍රව ඇත්තේ ය. ශාසනයේ පැවිදි භික්ෂුව තමා පරිහරණය කරන සිවුරු සීත උෂ්ණය වළක්වා ගැනීමට යැයි සිතයි. ලබන ආහාර කුසගිනි වේදනා දුරු කර ගැනීමට යැයි ද පරිහරණය කරන සේනාසන සර්ප ආදී සතුන්ගෙන් ආරක්ෂාව සඳහා යැයිද, ලබන බෙහෙත් නිරෝගී භාවය පිණිස යැයිද කල්පනා කරයි. මෙසේ යෝනිසෝමනසිකාරයෙන් සියල්ල පරිහරණය කරන විට නූපන් ආශ්‍රව නූපදියි. හටගත් ආශ්‍රව දුරුවෙයි. මෙසේ කිරීම, පරිහරණයෙන් ආශ්‍රව දුරු කිරීම යැයි දත යුතුය.

එසේම ඉවසීමෙන් දුරුකළ යුතු ආශ්‍රව ඇත්තේ ය. යමෙක් සීතල උෂ්ණ, මැසි මදුරු පීඩා, සා පිපාසා, නින්දා අපහාස, මාරාන්තික ශාරීරික වේදනා, උපේක්ෂාවෙන් ඉවසා දරා ගන්නේ ද, ඔහුට ඒවා නො ඉවසීම නිසා ඇතිවන කෙළෙස් නිසා හටගන්නා වූ වෙහෙස හා දැවිල්ල නැතිවී යන්නේ ය. මෙය, ඉවසීමෙන් ආශ්‍රව පහ කිරීම යැයි දත යුතු ය.

එසේම වර්ජනයෙන් පහ කළ යුතු ආශ්‍රව ඇත. නුවණැත්තා නපුරු සතුන් ඇති ස්ථාන මඟ හැර යයි. උල්කටු ලැහැබ් සහිත ස්ථාන මඟ හරියි. තමාගේ සීලයට චෝදනා කළ හැකි (සීලය බිඳෙන) ස්ථාන මඟ හැර යයි.

තමාට නුසුදුසු ස්ථාන ඇසුරු නොකරමින්, පාප මිත්‍රයන් දුරු කරයි. මෙමගින් එකී කාරණාවලින් එළඹෙන වෙහෙස දුරු වී යයි. පීඩාව නැති වී යයි. මෙය වර්ජනයෙන් කෙළෙස් දුරුකිරීම යැයි දත යුතු ය. එමෙන්ම, ඉවත් කිරීමෙන් ආශ්‍රව දුරු කිරීමක්ද ඇත. එනම් යම් අවස්ථාවක කෙනෙක් කාම සිතිවිලි, ව්‍යාපාද සිතිවිලි, හිංසා සිතිවිලි, තම සිතෙන් වීර්යයෙන් දුරුකරයි ද, අභාවයට පත් කරයි ද, ඉවත් කරයිද, එය ඉවත් කිරීමෙන් ආශ්‍රව දුරුකිරීම යැයි දත යුතු ය.

අවසාන වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරනුයේ භාවනාවෙන් ආශ්‍රව පහ කිරීම ගැනය.

යම් ශ්‍රාවකයෙක් විවේකය, විරාගය, නිරෝධය ආධාර කොට, සති සම්බොජ්ඣංගය, ධම්ම විචය සම්බොජ්ඣංගය, වීර්ය සම්බොජ්ඣංගය, පී‍්‍රති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපේක්ඛා සම්බොජ්ඣංගය වඩන්නේ ද ඔහුට නූපන්නා වූ ආශ්‍රව නූපදින්නේය, උපන්නා වූ ආශ්‍රව දුරු වී යන්නේය.

මේ ආකාරයෙන් යම් ශ්‍රාවකයෙකු විසින් දර්ශනයෙන් සංවරයෙන් නිසි පරිහරණයෙන්, ඉවසීමෙන්, වර්ජනයෙන්, බැහැර කිරීමෙන් හා භාවනාවෙන් යන ආකාර 7 කින් ආශ්‍රව ප්‍රහාණය කිරීමට දක්ෂ වන්නේ ද, හෙතෙම තෘෂ්ණාව සිඳ දමන අයකු වන්නේ්ය. සියලු සංයෝජන පහ කරන ලද වන්නේ ය. ඔහු මානය විනිවිද දැකීමෙන් සසර දුක කෙළවර කළ අයකු වන බව, තථාගතයන් වහන්සේ දේශනා කළ සේක.

තෙරුවන් සරණයි (Group) http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts (Blog) http://saveourbuddhism.blogspot.com/ (e-mail) saveourbuddhism@gmail.com

Wednesday, October 28, 2009

දහමෙහි අගය


දහමෙහි අගය

විවිධ විසමතා වලින් නූතන සමාජය සංකීර්ණව ධර්මයේ අවශතාව තව තව ද වැඩි වෙමින් පවතින බව නොරහසකි. ධර්මයෙන් තොරවෙත්ම ජීවිතයේ, හා ලෝකයේ ඇති නිස්සාරත්වය, අස්ථිර බව, වෙනස්වන සුළු බව ආදිය නොවැටහෙයි. සම යථාත්ථිවබෝධය නැති වීම නිසා, කුඩා කුඩා ගැටලු වලට ද ඔරොත්තු නොදෙන බවක් ඇති වෙයි. දුර්වල මනසක් ඇති වෙයි. දිනෙන් දින ඇති වන විවිධ අභියෝගවලට ශක්තිමත් මනසකින් මුහුණ දීමට හැකි වන්නේ ද ධර්මයෙන් පදම් වූ මනසක් ඇති විටෙකයි.

“නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස”

“සොතානුධතානං භික්‍ඛවෙ ධම්මානං වචසා පරිචිතානං මනසානුපේක්ඛිතානං දිට්ඨියා සුප්පටිවිද්ධානං චත්තාරො ආනිසංසා පාටිකංඛාති...”

පින්වත්නි,

ධර්මය ඇසීම, ඉගෙනීම, දැරීම හා එය වනපොත් කොට අනුන්ට හැදෑරවීම යන කරුණු සද්ධර්මයාගේ චිර පැවැත්ම පිණිස හේතුවන බවත් එසේ නොකිරීම සද්ධර්මයේ පරිහානියට හේතුවන බවත් මහාකාරුණික බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ සද්ධම්ම සම්මෝස සූත්‍රයේ දී දේශනා කළහ.

ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ සිව්වනක් පිරිස වන භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා යන හැම දෙනා විසින්ම බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මය මැනවින් ඉගෙන ගත යුතු ය. ඉගෙන ගත් ධර්මය මැනවින් වාචොද්ගත කළ යුතු ය. එසේම එම ධර්මය සජ්ක්‍ධායනා, කිරීම ද කළ යුතු ය. එපරිද්දෙන්ම අන්‍යයන්ට එම ශ්‍රී සද්ධර්මය ඉගැන්වීමද කළ යුතු ය.

ශ්‍රී සද්ධර්මය යනු බුද්ධ වචනයයි. බුද්ධවචනය නිවැරැදි ලෙස දැන ගැනීමට නම් ත්‍රිපිටක ධර්මයම හැදෑරිය යුතු යි. එයට හේතුව වන්නේ ශ්‍රී මුඛ පාඨය සුරක්‍ෂිත ලෙස තැන්පත්ව ඇති ඉපැරැණි ග්‍රන්ථ සමූහය ත්‍රිපිටකය වීමයි. ථෙරවාද ත්‍රිපිටක ධර්මයට හිමිකම් කියන ශ්‍රී ලාංකික අප මහා භාග්‍යවන්තයෝ වෙමු. එබැවින් ම ඒ භාග්‍යයට උරුමකම් කියන අප හැම දෙනාම සෙසු විෂයන්ට අතිරේකව ප්‍රමුඛත්වයෙහිලා ත්‍රිපිටක ධර්මය ඉගෙන ගත යුතු ය. ඕනෑම විෂයයක් හදාරන්නෙකුට වූවද බුද්ධ වචනයෙන් හෙවත් ත්‍රිපිටකයෙන් ලැබෙන පිටුවහල අති මහත් ය.

‘සීලෙන අනුපෙකස්ස සුතේනෙත්‍ථා න විජ්ජති’ යනුවෙන් දේශනාවෙහි සඳහන් වන්නේ ද එයයි. හික්මීමෙන් තොර උගත්කම නිරත්ථිකි වූවකි. හික්මීම පුද්ගලයෙකුට ලැබෙන්නේ ධර්මයෙනි. ධර්මයෙන් තොර වූ උගත්කම තමාට මෙන්ම අන්‍යයන්ට ද හානි කර වූවකි.

සංවේදී බව නූතන සමාජයෙන් ඇතැම් විට තොර වීම ඇත්තේ ද ධර්මයෙන් ලද පහස අඩු වී ඇති හෙයිනි. සමාජයේ පැවැත්මට සංවේදී බව ඉතාම අවශ්‍ය වූවකි. සාක්‍ෂරතාවෙන් ජන සමාජය ඉහළ ගියද, තොරතුරු තාක්‍ෂණයෙන්ද සම්පූර්ණ වුවද, ගොඩනැඟිලි හා වෙනත් ශිල්පීය තාක්‍ෂණයෙන් පරිපූර්ණ වූවද මිනිස් මනසේ ගුණ ධර්ම පිරිහීමක් දක්නට ලැබෙන්නේ එහෙයිනි.

කුඩා කල සිට ධර්මයෙහි පිහිටා ධර්මය හදාරා ගත සිත දෙක ගුණ, නැණ දෙකෙන් සමබර කරගත් අනුපාතයට ගුණවත්, සිල්වත්, පින්වත් පුද්ගලයෙක් නිර්මාණය වෙයි. දෙමාපියන්ගේ වගකීමද එය බව පාපා නිවාරෙන්ති, ‘කළාණෙ නිවෙසෙන්තී’ යන සිඟාලෝවාද සූත්‍රා ගත දේශනා පාඨ වලින් පෙනේ. මෙ කරුණු කෙතෙක් දුරට ඉටුවේදැයි තම තමා විසින්ම පරීක්‍ෂා කොට බැලිය යුතු යි.

එබැවින් සමාජගත අප හැම දෙනාටම ධර්මය තුළින් යහපත් සමාජයක් ගොඩ නැඟීමේ වගකීම පැවරී ඇත.

ධර්මයෙන් තොර වූ විට පිරිහීම ඇති වන බව ‘අස්සවණ්තා ධම්මස්ස පරිහායන්ති’ යන දේශනා පාඨයෙන් ද පෙනේ. “ධම්මකාමො භවං හෝති ධම්ම දෙස්සී පරාභවො” යන පරාභව සූත්‍ර පාඨයෙන් ඉගැන්වෙන්නේ ද ධර්මයට කැමැති තැනැත්තා පුරපස සඳමෙන් දියුණු වන බවත්. ධර්මයට ද්වේශ කරන තැනැත්තා පිරිහෙන බවත් ය. විවිධ විසමතා වලින් නූතන සමාජය සංකීර්ණව ධර්මයේ අවශතාව තව තව ද වැඩි වෙමින් පවතින බව නොරහසකි. ධර්මයෙන් තොරවෙත්ම ජීවිතයේ, හා ලෝකයේ ඇති නිස්සාරත්වය, අස්ථිර බව, වෙනස්වන සුළු බව ආදිය නොවැටහෙයි. සම යථාත්ථිවබෝධය නැති වීම නිසා, කුඩා කුඩා ගැටලු වලට ද ඔරොත්තු නොදෙන බවක් ඇති වෙයි. දුර්වල මනසක් ඇතිවෙයි. දිනෙන් දින ඇතිවන විවිධ අභියෝගවලට ශක්තිමත් මනසකින් මුහුණ දීමට හැකි වන්නේ ද ධර්මයෙන් පදම් වූ මනසක් ඇති විටෙකයි.

ඒ බව අංගුත්තර නිකායේ එන නන්දධාතු සූත්‍රයෙන් පැහැදිලි වෙයි. තම එකම පුතු බලෙන් පැහැරගෙන ගොස් වධ දී මරා දැමූ විටත්, තම සැමියා අඩු වයසින් ද මැරී යක්‍ෂයෙක්ව ඉපිද පෙර සැමියා මෙන්ද දිනපතා සිහිනෙන් පෙනී සිටියද වෙළුකණ්ඨකී නන්ද මාතාවගේ හිත, දාරක ප්‍රේමයෙන්ද හෝ ස්වාමියා පිළිබඳ කාම සංඥාවකින් හද කම්පනය නොවූයේ ද ධර්මානුකූල පැවැත්මකට තම මනස හුරු කරගත් බැවිනි. එය වෙළුකණ්ඨකි නන්ද මාතාවගේ ආශ්චර්යමත් හා අද්භූත කාරණාවක් ලෙස ද ධර්මයේ සඳහන්ව ඇත.

නූතන සමාජයේ ජීවත්වන අපට ද නන්දමාතාවගෙන් ද ලද හැකි ආදර්ශය අති විශාල බව පෙනේ. මෙසේ ධර්මයෙන් ලැබිය යුතු ඔරොත්තු දෙන මනසක් නැති නිසාම සමාජයේ බොහෝ දෙනෙක් සුළු සුළු ප්‍රශ්නවලට පවා සිය දිවි හානි කර ගනිති. පවුල් අවුල් ඇතිකර ගනිති. එබැවින් ද වාසයට සුදුසු සාමකාමී පරිසරයක් ගොඩ නැගෙන්නේ ද ධර්මයෙන් ගොඩ නඟාගත් මනසක් ඇතිතාක් පමණි.

එබැවින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, ධර්මය මැනවින් ඉගෙන ගෙන ඒ අනුව ක්‍රියා කළ යුතු බවයි. බෞද්ධ අධ්‍යාපනයේ මූලධර්මයක් ලෙස සැලකිය හැකි විවිධ ක්‍රමයක් ද ධර්මය ඉගෙනීම සඳහා භාවිතා කළ බව ඉහත කී මාතෘකාවෙන් පැහැදිලි වෙයි.

සුත – මැනවින් ඇසීම

ධත – ඇසූ ධර්මය මැනවින් සිත්හි තබා ගැනීම.

වචසා පරිචිත අසා සිත්හි තබාගත් ධර්මය මැනවින් උච්චාරණය කිරීම, හෙවත් සජ්ඣායනා කිරීම.

මනසානු පෙක්ඛිත – එම සද්ධර්මය තවදුරටත් මනසින් දැකීම.

දිට්ඨියා සුප්පටිවිද්ධ – මනසින් ද දුටු එම ධර්මය තමාගේම දෙයක් බවට (ස්වායක්ත) පත් කර ගැනීම.

යනු ඒ කරුණු පහයි. පෙර අපේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමය ඉහත කී ක්‍රමයට එසේම තිබුණි. සංවේදී බවක් ඇති වීමට ඇති ඉඩ ප්‍රස්තා අඩුවන බවක් ම පෙනේ. අප ජීවත්වන ලෝකය හා පරිසරය අපටම එරෙහිව නැඟී සිටින්නේ ද ධර්මයෙන් ඈත් වීම නිසාම බව පෙනේ.

එබැවින් ද 2011 වසරේදී එළඹෙන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු යන තේමා යටතේ ද ක්‍රියාත්මක වන ජාතික වැඩ පිළිවෙළ සක්‍රීය කොට තව දුරටත් ශ්‍රී සද්ධර්මය ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙළකට අවතීර්ණ වීද ගුණවත් සිල්වත් පින්වත් සමාජයක් ගොඩ නැඟීමට දායක වෙමු.

තිසරණ සරණයි

(Group)
http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts

(Blog)
http://saveourbuddhism.blogspot.com/

(e-mail)
saveourbuddhism@gmail.com

Thursday, October 22, 2009

මළ ගිය අයට ඔබ දෙන පින් ලැබෙනවා ද..?


උන්න මේ උදකං වට්ඨං යථා නින්නං පවත්තති
එව මේව ඉතො දින්නං පේතානං උපකප්පති
යථා වාරීවහා පුරා පරිපුරෙන්ති සාගරං
එව මේව ඉතෝ දින්නං පේතානං උපකප්පති
(ඛුද්දක නිකායේ තිරෝකුඩ්ඪ සූත්‍රය)

මළගිය ඤාතීන් පිළිබඳ සලකා බලන කල්හි, ඒ පිළිබඳ සමාජයේ විවිධ මිථ්‍යා මත රාගීයක් ගොඩ නැඟී ඇති බව පෙනෙයි. ඤාතිවර යකු මිය පරලොව ගිය විට ඔහු දින 7 ක් යන තුරු නිවසේ රැඳී සිටියි යන අදහස ඇතැම් අය විශ්වාස කරති. එමෙන්ම ඤාතිවරයෙකු මිය ගිය විට ඔහුට පින් අනුමෝදන් කිරීම නිවසේදීම කළ යුතු ය. නැත්නම් නිවසේ දී නොකළ යුතුය යනාදී වශයෙන් ඇතැම්හු විශ්වාස කරති.

මේ අතර සමාජයේ පවතින තවත් මිථ්‍යා මතයක් නම්, උදේ සවස ඤාතීන්ට නිවසේ දී පින් අනුමෝදන් කිරීම නිවැසියන්ට බොහෝ කරදර ඇති වීමට හේතු වන්නේය යන අදහස ය. මළගිය ඤාති මිත්‍රාදීන් උදෙසා පින් අනුමෝදන් කිරීම පිළිබඳ සලකා බලන කල්හි, ඒ පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක්, ඛුද්දක නිකායට අයත් තිරෝකුඩ්ඪ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ විසින් සිදුකර ඇත. මෙහිදී තිරෝකුඩ්ඪ යනුවෙන් හඳුන්වන්නේ බිත්තියෙන් පිටත, නැතහොත් බැම්මෙන් පිටත යන අර්ථය යි. අප බිත්තියක් හෝ බැම්මක් අසලට ගොස්, ශබ්ද නඟා කථා කළ විට, බිත්තියෙන් එපිට සිටින තැනැත්තාට ඉතා හොඳින් එය ශ්‍රවණය වන්නේ ය. එහෙත් බිත්තියෙන් එපිට සිටින තැනැත්තා අපට නොපෙනෙන්නේ ය. මෙහි දී තිරෝකුඩ්ඪ සූත්‍රයෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කොට ඇත්තේ අපට නොපෙනෙන මිය පරලොව ගියා වූ ඤාතීන් හා සම්බන්ධ ලෝකය පිළිබඳව ය. බුදු දහමේ මළ ගිය සියලු ඤාති වර්ගයා හඳුන්වන එකම නාමය, (ඤාති ප්‍රේත) යන වචනය යි. මෙම යෙදුම තථාගතයන් වහන්සේ විසින් යොදා ඇත්තේ දිවංගත වූ සියලු ඤාති වර්ගයා ප්‍රේත ලොව ඉපිද ඇත යන අර්ථයෙන් නොවන බව දත යුතු ය. කිසියම් ඤාතිවරයකුගේ මරණයෙන් පසු බෞද්ධයන් හැටියට, අපි දින හතකින් මාස 3 කින් හා වර්ෂ පූර්ණ වශයෙන් පින්කම් සිදු කොට, මළ ගිය පුද්ගලයා සිහි කොට පින් අනුමෝදනා සිදු කරමු.

මෙය චාරිත්‍රයක් වශයෙන් වර්තමානයේ සිදු කළ ද, දිවංගත ඤාති වර්ගයා උදෙසා එයින් සිදු වන අස්වැසිල්ල වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් ය. තථාගතයන් වහන්සේ මෙම තිරෝකුඩ්ඪ දේශනයේ දී මේ පිළිබඳ මෙසේ විස්තර කොට ඇත. ඤාති ප්‍රේතයෝ වනාහි තමන් පෙර විසූ ගෙය කරා අවුත්, බිත්තියෙන් පිටත ද, ගෘහ සන්ධි හා බිත්ති සන්ධි සතරමං සන්ධි, තුන්මං සන්ධි යන ස්ථානයන්හි සිටිත්. බොහෝ වූ ආහාර පාන පිළියෙල කොට ඇති කල්හි පවා ප්‍රේතව උපන් සත්වයන්ගේ අකුසල කර්මයේ ඇති බලවත්කම නිසා කිසි ඤාතිවරයකුට ඔහු සිහිපත් නොවන්නේ ය.

මෙම කාරණයෙන් පැහැදිලි වන්නේ කිසියම් ඤාති පිරිසක් දිවංගතව ඇත්නම්, ජීවත්ව සිටින ඤාතිවරුන්ට ඔවුන් සිහිපත් වන්නේ, පින් ලැබීමට තරම් දිවංගත වූ පිරිස භාග්‍යවන්ත වීම නිසා බව ය. මියගිය තැනැත්තා සඳහා පින් අනුමෝදන් කිරීමේ දී අප කොතැනක හෝ සිට ඔවුන් සිහිපත් කොට, පින් අනුමෝදන් කළ ද ඔවුන්ට එම පින අනුමෝදන් විය හැකි බව දත යුතු ය. මෙහිදී මිය පරලොව ගිය සියලු ඤාතීන්, මිනිස් ලොව සිට අප සිදු කරන්නා වූ පින් අනුමෝදන් නොවන බව ද දත යුතු ය. දිවංගත ඤාතීන්ට පින් ලැබීම හා නොලැබීම යන කාරණය පිළිබඳ, මිලින්ද ප්‍රශ්නයෙහි දී මිළිඳු රජතුමා විසින් අසන ලද පැනයකට නාගසේන රහතන් වහන්සේ මෙසේ ප්‍රකාශ කොට ඇත. මහ රජතුමනි, එක සිය තිස් හතක් වන නිරයෙහි කිසිවකු උපන්නේ නම් ඔහුට දුන් පින් පෙත් නොලැබෙන්නේ ය. ස්වර්ග ලෝකයට ගියා වූ දෙවියෝ ද පින් නොලබති. තිරස්චාන යෝනි ගත වූවෝ ද පින් නොලබති. මිනිස් වාසයෙහි ඉපිද ඇත්තෝ ද පින් නොලබති යනුවෙනි. එහෙත් ප්‍රේත ලොව උපන් සත්වයෝ, මෙහිදී පින් අනුමෝදන් වන අතර එහි උපන්නා වූ සියලු ඤාති ප්‍රේතයෝ ද පින් නොලබන බව දත යුතු ය. අනේක වර්ෂ ශකසහස්‍රයෙහි මහා දුක් අනුභව කරමින්, ඒ ඒ ස්ථානයන්හි වමනය ගර්භමලාදීය අනුභව කරමින් වසන්නා වූ (වන්තාසික) නම් ප්‍රේත කොට්ඨාසයක් ඇත. එසේම අනේක බුද්ධාන්තර මුළුල්ලේ කිසිම ආහාර පානාදියක් නොලබමින් සා පිපාසයෙන් පෙළෙමින්, හඬ හඬා දිව යන්නා වූ (ඛුප්පිපාසික) නම් ප්‍රේත කොටසක් ඇත.

ජීර්ණ වූ රුක් සිදුරු ඇසුරු කරමින් ඇවිල ගත්තා වූ ගිනි සහිත ශරීර ඇති (නිජඣාසික) නම් ප්‍රේත කොටසක් ඇත. එසේම ස්වකීය පෙර භවයන්හි ඤාතීන් විසින් අනුමෝදන් කරන්නා වූ පින් ලබා යැපෙන, (පරදත්තුපජීවී) නම් ප්‍රේත කොටසක් ද ඇත. මෙම චතුර්විධ ප්‍රේතයන් අතර පරදත්තුපජීවී ප්‍රේතයන් හැර ඉතිරි ප්‍රේත කොටස් තුන් වර්ගයකට පින් ලබා දිය නොහැකි අතර, ඔවුන් විසින් කරගන්නා ලද කර්මය අවසන් වනතුරුම, සා පිපාසා සහිත රෞද්‍ර දුක් විපාක විඳීමට ඔවුනට සිදු වන බව දත යුතු ය. එසේම පරදත්තුපජීවී ප්‍රේත කොටසට තමා උපන් ලොවෙහි ආයු ප්‍රමාණය කොතෙක්දැයි ගණනය කළ නොහැකි ය. තම ඤාති පිරිසක විසින් සසර කෙදිනක හෝ මළ ගිය ඤාතීන් සිහිපත් කොට පින් අනුමෝදන් කරනතුරු ඔවුනට දුක් සහිත එම භවයෙහි විසීමට සිදු වන්නේ ය. බුද්ධාන්තර 4 කට ප්‍රථම ප්‍රේත ලොව උපන් බිම්සර රජුගේ ඤාතීන්, මෙයට උදාහරණ ලෙස සඳහන් කළ හැකි ය.

මෙහි දී අපට ගැටලුවක් පැන නගින්නේ ය. එනම් කිසියම් ඤාතිවරයෙකු පින් නොලබන ස්ථානයක ඉපිද ඇත්නම්, මෙලොව ඇත්තන් විසින් ඔවුන් වෙනුවෙන් දුන් දානයෙන් කිනම් ප්‍රයෝජනයක් වන්නේ දැයි යන්න ය.

මෙම ගැටලුවට පිළිතුරක්, මිළින්ද ප්‍රශ්නයේ දී නාගසේන රහතන් වහන්සේ විසින් මිළිඳු රජතුමාට ප්‍රකාශ කොට ඇත. එනම් මහ රජතුමනි කිසියම් පිරිසක් කැවිලි පෙවිලි රැගෙන, ස්වකීය බන්ධු වර්ගයා හමුවීමට ගිය විට තම, ඤාති පිරිස හමු නොවුයේ නම් එම කැවිලි ආහාරය ඔවුන් විසින් ඉවත නොදමනු ඇත. එහිදී ඔවුන් විසින් පිළියෙල කරන ලද එම ආහාර ඔවුන් විසින් ම අනුභව කරනු ලබන්නේ යම් ආකාරයෙන් ද, ඤතීන් විසින් අනුමෝදන් නොවූ මෙම කුසල කර්ම, තම තමන්ගේ යහපත පිණිසම හේතු වන්නේය, යනුවෙනි.

තථාගතයන් වහන්සේ මෙම තිරෝකුඩ්ඪ සූත්‍ර දේශනාවේ දී පැහැදිලි කරන ආකාරයට නෑයන් අතරින් යම් අයකු මියගිය ඤාතීන්ට අනුකම්පා කරන්නාහු වෙත් ද ඔවුන් වනාහි මේ පින පරලොව ගියා වූ අප නෑයන්ට අත්වේවා. එම නෑයෝ සුවපත් වේවා යැයි කියමින්, ප්‍රණීත වූ ආහාර පාන දන් දිය යුතු බව ය. එවිට එම ඤාති ප්‍රේතයෝ දන් පිරිනමන්නා වූ ස්ථානයට නොයෙක් දිසාවන්ගෙන් පැමිණ රැස් වන්නාහ. තමන් උදෙසා කර්ම ඵල අදහන විශ්වාසය ඇතිව සිදු කරන්නා වූ මෙම පින්කම දැක, ඔවුහු සතුටු වෙති. අනතුරුව පින් අනුමෝදන් වූ මෙම ඥාතිප්‍රේතයෝ සම්පත් ලබා ඔවුන් සුවපත් කළ සියලු ඤාතිනට ස්තුති කරති. එසේම මෙම ප්‍රේත ලෝකයෙහි සී සෑමක් නැත්තේ ය. ගව පාලනයක් නැත්තේ ය. වෙළෙඳාමක් නැත්තේ ය. මෙහි රන් රිදියෙන් කරන ගනුදෙනුවක් නැත්තේ ය. හුදෙක් මරණයට පත්ව ප්‍රේත විෂයට පැමිණ, මිනිස් ලොව වසන නෑ මිතුරන් විසින් දෙන ලද පිනකින්ම ඔවුහු යැපෙන්නාහ. යම් සේ උස් බිමක ඇති ජලය පහත් ප්‍රදේශයකට ගලා බසී ද එපරිද්දෙන් මිනිස් ලොව ඤාත්‍යාදීන් විසින් දුන් දානයෙහි විපාකය ප්‍රේතයන්ට ලැබෙන බව මෙහිදී තථාගතයන් වහන්සේගේ දෙසුම වන්නේ ය.

තවද මහ ගං¼ගා, කුඩා ගං¼ගාවන්ගෙන් රැස් වන ජලයෙන් පිරී යන්නේ ය. අනතුරුව මහා සාගරය පිරී යන්නේ ය.එපරිද්දෙන් මිනිස් ලොව ඤාත්‍යාදීන් විසින් දුන් දානයෙහි විපාකය මෙසේ ඤාති ප්‍රේතයන්ට ලැබෙන්නේ ය. තථාගතයන් වහන්සේ ඤාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීම කෙසේ කළ යුතු ද යන්න තවදුරටත් පැහැදිලි කරමින්, ‘මට මෙබඳු ධනයක් හෝ ධාන්‍යයක් දුන්නා වූ ද මොහු වනාහි මාගේ නෑයෝ යැයි ද, මිත්‍රයෝ යැයි ද, අසවලා වැලි කෙළියේ පටන් මාගේ යහළුවා යැයි ද වශයෙන් සිහි කොට තමා වෙත ඔවුන් විසින් කරන ලද උපකාර සිහි කොට, මිය පරලොව ගිය පුද්ගලයන් උදෙසා සකසා දන්දිය යුත්තේ යැයි දේශනා කරති. යම් හැඬීමක්, ශෝක කිරීමක් හෝ වැළපීමක් ඇත් ද, එය පරලොව ගිය අය කෙරෙහි ප්‍රයෝජන නොවන්නේය යනුවෙන් ද දේශනා කරති. මෙම කරුණු අතර ඇති ඉතා වැදගත් දෙයක් පිළිබඳ අප විසින් සිහියේ තබාගත යුතු ය. එනම්, මළගිය පිරිස සිහි කොට පින් අනුමෝදන් කරන අවස්ථාවෙහි දී එම ප්‍රේතයන් එම භවයෙන් නිදහස් වෙත්වා යනුවෙන් ප්‍රකාශ කිරීම, එතරම් සුදුසු යැයි කිව නොහැකි ය. මක්නිසා ද යත් ප්‍රේතයන් එම භවයෙන් නිදහස් වීමට නම්, එම ස්ථානයෙන් මරණයට හෝ චුත වීමට සිදු වන්නේ ය.

සියලු සත්වයෝම මරණයට බිය වෙති. එසේ නම් එසේ කළ විට සමහර අවස්ථාවන්හි දී මෙම පින් ඔවුන් විසින් බාර, නොගැනීමට ද ඉඩ ඇතැයි සිතිය හැකි ය. එම නිසා පින් අනුමෝදන් කිරීමේ දී සියලු ඤාති ප්‍රේතයන් සැප ඇති සත්වයෝ වෙත්වා යැයි පැතීම ම යහපත් බව දත යුතු ය.

තෙරුවන් සරණයි.

Monday, August 17, 2009

බෞද්ධයින් බෞද්ධකම රැකගත යුතුයි..!


බෞද්ධයින් බෞද්ධකම රැකගත යුතුයි..!

අපේ රටේ වැඩි කොටසක් බෞද්ධයින් උනත්. ඒ අය තමන්ගේ ආගමේ මුලික හරයෙන් ඉවත්වී ඊට සම්පූර්නයෙන්ම විරුද්ද දේ කරමින් සිටින බව පැහැදිලිවම පෙනෙනවා. බෞද්ධයෙකුගේ වගකීම පන්සිල් රැකීම යන දේත් අමතක කර දමමින් කටයුතු කරන අයටද අද අපිට බෞද්ධයෝ කියා කියන්න වන්නේ.

මෙහෙම බෞද්ධ පිරිසකගෙන් බිහිවන මීලග පරම්පරාවට අනේ ඉතින් දෙයියන්ගෙම පිහිටයි. මොකද ඉතින් තිසරනේ පිහිටයි කියන්න බෑනේ මේ බෞද්දයෝ වැඩිපුරම දුවන්නේ දේවාලටනේ. ඒක හරිම ලෙසි වැඩක්නේ පන්සිල් රකිනවාට වඩා. ඔනි ජරා වැඩක් කරලා ඇවිත් පාට පාට දෙවියෙක් ගාවට ගිහින් පොල් ගෙඩියක් ගැහුවහම ඔක්කොම ඉවරයි. අනික බුදු දහමේ තියෙන්නේ හැම දෙයක්ම තමන්ගේ උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් ලබාගත් යුතුයි කියන කාරනාවයි. ඒත් දෙවාලේ එහෙම එකක් නෑනේ. පලතුරු වට්ටියක් දුන්නානම් ඔක්කොම ඉවරයි. එතින් ඉතින් උප්පැන්නේට බෞද්ද වෙච්චි අයට මෙක හරි ලෙසි වැඩක්. මෙහෙම බෞද්දයින්ට නම් කොච්චර බණ කිවුවත් වැඩක් නෑ. ඔන්න දැන් ලොකයේ විද්වතුන් කියනවා ලොකයේ තුන්වන තැනට වදවෙන ජාතිය සිංහල ජාතිය කියලා.

01. ඕස්ට්රේලියවේ ඇබර්ජින්ස්ලා.
02. ඇමරිකාවේ රෙඩ් ඉන්දියන්ස්ලා.
03. ලංකාවේ සිංහලයෝ.

දැන් ඉතින් බණ කිය කියා ඉමු. දැන් බන අහන එකත් ස්ටයිල් එකක්නේ. කවුරු හරි කියනවා මම සතියෙන් සොවහන් කරනවා එන්න මගෙ ලගට, ඔන්න දුවනවා එතනට තව කෙනෙක් කියනවා එන්න මම සතියෙන් රහත් කරන්නම් ඉතින් දුවනවා ඉතනට. බලන්න කොච්චර බුද්දිමත්ද දැන් ඉන්න බෞද්දයෝ නෙද..? ඉතින් වදවෙන එක අහන්නත් දෙයක්ද.

ඉපදුන ගමන් ලමයට පොවනවා ම්වුකිරි වෙනුවට ගොන් කිරි, අකුරු කියවනවා අලි ඔලුවක් තියන පිලිමයක් ලග ඉතින් ලොකු වෙද්දී මෙයා ගොන් අලියෙක් වෙන එක නවත්තන්න බෑනෙ. මෙහෙම අයට ධර්මයේ වටිනාකමක් තියෙයිද..? ඉතින් මේ ලංකාවේ තව අවුරුදු 2500ක් බුදුදහම රැකිලා තියෙයිද. අපේ අය හිතන්නේ බුදුදහම රකින්න කියලා සමන් දෙවියන්ට බාර දුන්නා කියලානේ. ඉතින් මිනිසුන්ට බුදුද්දම රකින්න කිසිම උවමනාවක් නෑ.

රටක ජාතියක මිනිසුන් එම ආගම රකිනවා නම් ගරුකරනවා නම් එම ආගමට අනුවම කටයුතු කරනවා නම් අන්න ඒ ආගම අවුරුදු 20000ක් උනත් රැකෙනවා නොඅනුමානයි. එත් ඒ අය ඒ ආගම රැකීම නොපෙනෙන දෙවියකුට බාරදීලා ඇග බේරගන්න හදනවානම් ඒ ආගම අවුරුදු 2500ක් නෙමෙයි අවුරුදු 100ක්වත් පවතින්නේ නෑ. ඔන්න අපේ ජාතියට ආගමට උදාවෙන ඉරනම දැන් හිතාගන්න පුලුවන් නේද..?

බෞද්ද අපේ යුතුකම පන්සිල් රැකීම බවත් අමතක කර කටයුතු කරන අපේ බෞද්දයන්ට නම් කාගේ සරණක්ද...?

(Group)
http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts

(Blog)
http://saveourbuddhism.blogspot.com/

(e-mail)
saveourbuddhism@gmail.com

Tuesday, August 4, 2009

මෙන්න නියම බෞද්දයෝ...!


මෙන්න නියම බෞද්දයෝ...!

අපි අතරේ තියන මිත්‍යා මත නිසා බුදු දහම වෙන හානිය නම් සුලුපටු හානියක් නෙමෙයි. මේ මිත්‍යා මත වලින් එකක් තමයි. අලුතින් ගෙදරක් හදලා ඉස්ස ඉස්සල්ලාම ස්වාමින්ව වහන්සේ නමක් ගෙනල්ලා පිරිතක් කියන්න හොද නෑ ඉස්සල්ලාම ගිහි පිරිතක් කියන්න ඔනි කියන කාරනාව.

මෙවගේ කතාවක් කොයි බුද්ද දෙශනාවෙද තියෙන්නේ...? අපි බුද්ද දෙශනා වෙනුවට එක එක්කෙනාගේ මති මතාන්ත්‍ර අහන්න ගිහින් කල ගත්ත වින්නැහියක් තමයි මේකත්. තමන්ගේ වාසිය තකා හදා ගන්න මේවගේ මිත්‍යා විශ්වාස නිසා අපි අපේම බුදු දහමට කොච්චර හානියක් කරගන්නවාද කියලා අපි පොඩ්ඩක්වත් හිතන්නේ නෑ. මේකෙන් වක්‍රව කියන්න හදන්නේ ස්වාමින් වහන්සේ නමකගේ පිරිත් වලට වඩා පලයක් ගිහි පිරිතේ තියනවා කියලා නෙමෙයිද..?

අපි බෞද්දයෝ හැටියට ඒක පිලි ගන්න පුලුවන් කාරනාවක්ද..? නොදැනුවත් කම නිසා ඒක පිලිගෙන තියන එකයි දුක. ගිහි අපි රකින්නේ පන්සිල් පද පහයි ඒත් ස්වාමින් වහන්සේ නමක් සිලි පද දහයක් රකිනවා නෙද..? තව විර්ය, සමාධි, සති, පඤ්ඤා ගිහියේකුට වඩා හොදින් ගෞරවයෙන් රකිනවා නෙද..? ඉතින් හිතලා බලන්න මේ දෙපාර්ශවයෙන් කොයි කෙනා සෙත් පැතුවොත්ද වැඩි ප්‍රතිඵල ලැබෙන්නේ.

ගිහි කෙනෙක්ගෙ හිතේ ලෝභ, ද්වෙශ, මොහ ප්‍රහානය වෙලාද තියෙන්නේ..? ඉතින් ගිහි කෙනෙක්ට වඩා වෙහෙස මහන්සි ගනිමින් ලෝභ, ද්වෙශ, මොහ ප්‍රහානය කිරීමට වෙර වඩන ස්වාමින් වහන්සේ නමක් සච්ජායනා කරන පිරිතේ කොපමන බලයක්, පිහිටක්, සෙතක්, ශාන්තියක් තිබෙන්වාද යන්න කාරනාව අපිට හොදහැටි තෙරුම් ගත හැකියි නෙද..? අදින් පසුවවත් මෙවනි මිත්‍යා මත වලට රැවටී නිකරුනේ නොවටිනා දේවල නොකර ඉදිමු.

හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

සැමට තෙරුවන් සරණයි...!

(Group)
http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts

(Blog)
http://saveourbuddhism.blogspot.com/

(e-mail)
saveourbuddhism@gmail.com

Tuesday, July 21, 2009

බියකරුය සසර ගමන.


බියකරුය සසර ගමන.

මේ සසර ගමනේ තිබෙන බියකරු භාවය ගැන අපි තවමත් හරි හැටි දන්නේ නෑ දන්නවානම් මේ භයානක සසර ගමන නිමා කරගන්න ඔබ නොපමාව කටයුතු කරන බව නොඅනුමානයි. අපි තවම පෘතක්ජන භාවයෙන් අත්නොමිදුනු පුත්ගලයින් අපි අතින් පාප කර්ම සිදුවීමට සැම විටම අවස්ථා තිබෙනවා. අපි මේ ආත්මභාවයේ මෙවන් රටක බුදුදහමේ පිහිටත් ලබා ඉපදුනා. අපිට බුදු දහම ජිවිතයට එක් කර ගැනීමට හැකිඋනා. ඒ උතුම් භාග්‍යය අපි සතු වූ නිසා අපි දැන් දන්නවා පාප කර්ම මොනවාද කුසල කර්ම මොනවාද යන වග.

අපි මේ ජිවිතයේ අපේ ආද්‍යයාත්මික වරධනයක් සිදු නොකර ගතහොත් අපේ ඉලග උපත කොහේ කොතන කොහොම ඉපදෙයිද යන වග අපි හරි ආකාරව දන්නේ නෑ. නිකමට හිතලා බලන්න අපි අද දියුනුයි කියන ඇමරිකාව වගේ රටක අපි ඉපදුනොත් අපිට කිසිම සරනක් නෑ. ඒ වගේ රටක මේ බුදුදහම මෙලෙසම අපිට හමු වෙන්න තියන ඉඩකඩ ඉතාමත් සීමිතයි. ඉතින් එතකොට අපිට පින් පව්, කුසල් අකුසල් කිසි දෙයක් දැන ගන්න අවස්ථාවක් නෑ. අපි අතින් ආනන්තරීය පාප කර්මයක් උව්ද සිදුවිය හැකිය.

අපෙ අප්තින් අපෙ අම්මා මැරෙන්න පුලුවන් අපෙ තාත්තා මැරෙන්න පුලුවන්. එවැනි රටවල් වල මෙවනි සිදුවීම් ඉතාමත් සුලබ සුදුවීම්ය. මිනිස් ජිවිතයකට ආගමක ඇති වටිනාකම අන්න ඒකයි. අපිව දුගතියෙන් වලක්වා සුගතියක පිහිටුවීම ආගමකින් ඉටුවන විශේශම කාරනය වෙයි. බුදුදහම ඒ අතින් ඉතාමත් වැදගත්ය. බුදුදහමේ හුදෙක් යැදීම, ප්‍රාර්ථනා නැත. ක්‍රියාවෙන් උත්සහයෙන්, කැපවීමෙන්මයි මේ සසර ගමන කෙටිකරගත යුත්තේ.

අපි මේ ආත්මභවයේ මෙහෙම ඉදලා ලබන ආත්මභවයේ ඇමරිකාව වගේ රටක ඉපදිලා පෙර කියූ පරිදි අපි අතින් ආනන්තරීය පාප කර්මයක් සිදිවුවහොත් අපේ සන්සාරෙම විනාසයි. නිරයේ ඉපදිලා කල්ප ගනනාවක් අසීමිතවූ දුක් විදීම් විදීමට සිදුවෙනවා නොඅනුමානයි. එන්න එන්නම මේලොකයේ මිනිසුන් විනාසයට ඇදීයන බව අපිට දැක ගත හැකී. සැම තැනම යුදකෝලාහල, මිනීමැරුම්, මන්කොල්ලාකෑම්, ස්ත්‍රී දූශන මේවා මිනිසුන් විනාශයට යන බවට තිබෙන පෙරනිමිතිය.

එන්න එන්නම මේලොකයේ ඉපදුනත් අපිට සරනක් නොමැතිවීගෙන යනවා. එම නිසා අපි වහා ක්‍රියාත්මක විය යුතුයි. අපි කුසට ආහාර වගේම රූප,ශබ්ද,ගන්ධ,රස,ස්පර්ශ,අරමුණු කියන්නේ සසර ගමනට අවශ්‍යය කරන ආහාරයන්ය. අපි අවිද්‍යාවෙන් ඒම ආහාරද එක් රැස් කරගෙන මේ සසර ගමන තවත් දික්කර ගන්නවා. මෙන්න මේ ආහාර ටිකෙන් ටික අදුකරගෙන සසර ගමන කෙටිකර ගතයුතුයි. අපේ සිත අකුසල් වලින් බැහැර කොට කුසලයෙ පිහිටුවා ගතයුතුයි.

මෙලොවට වඩා ඉතාමත් හොදට දිව්‍ය ලෝකවල මේ බුදුදහම රැකීතිබෙනවා. එම ලෝකවල නිතර බුදුදහම කතාකෙරෙනවා එවායේ හැසිරෙනවා. අපිත් මීලග ආත්ම භවය එවන් දිව්‍ය ලොකයක ඉපදීමට සිත පුරුදුකල යුතුයි. මේක තමන්විසින්ම කරගත යුතු දෙයක් තවකෙනෙකුට කල හැකිදෙයක්වත් ප්‍රාර්ථනාවෙන්, යැදීමෙන් ඉටුවන දෙයක් නොවෙයි. මේක හරියට සැඩපහර සහිත ගගක පීනනවා වගේ වැඩක්. අත්වැල් අල්ලාගෙන පීනන්න බෑ ඒවගේ අපිට කල හැක්කේ ඔබව මේ භාධක හමුවේ ඔබව මේ ගංගාව ලගට ගෙන ඒම පමනි. ඒකෙන් ඒතරවීම ඔබ තනිව කලයුතු දෙයකි. එම නිසා තවත් පමා නොවන්න. සිත කුසයේ පිහිටුවා ගන්න අකුසල මූල සිදබිද දමන්න. භාවනාව එයට කදිම උපකාරයෙකි.
හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

සැමට තෙරුවන් සරණයි...!

(Group)
http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts

(Blog)
http://saveourbuddhism.blogspot.com/

(e-mail)
saveourbuddhism@gmail.com

Wednesday, July 15, 2009

ධනාත්මක චින්තනය.


ධනාත්මක චින්තනය.

මිත්‍යා මතදාරීන් බුදු දහමට පහර ගහන්න හදන තව එක් හේතුවක් කර ගන්නේ මේ ධනාත්මක චින්තනයයි. මේ අය කියන්නේ බුදු දහම තුල කතාකරන්නේ නැති බණේමයි ඍණාත්මක දේවල්මයි ධනාත්මක දේවල් නෙමෙයි කියලා. ජිවිතයේ ඇත්ත තත්වය පෙන්නා දීම ඍණාත්මක දෙයක්ද..? ජිවිතයේ ඇත්ත තත්වය බොරුවෙන් වහගෙන ජීවත් වීමද ධනාත්මක චින්තනය කියන්නේ..?

මේ මොඩ මිනිසුන් දන්නවා අපි හැමෝම කවදා හරි කොහෙදි හරි කොතන හරි කොහොම හරි මැරෙනවා කියලා ඒත් අපි කිවුවහම සියලු දේ අනිත්‍යයි කියලා ඒක ඍණාත්මක දැකීමක්ලු. මේ වාගේ මොඩ මිනිසුන්ට අහුවෙන මොඩ බෞද්දයුනුත් අපේ සමාජයේ ඉන්නවා. ඒ අය කියන විදිහට මැරෙන මැරෙන අය දෙවියන් අතර ඉපදෙනවානම් අද දිව්‍යය ලොකේ ඉඩ නැතිව ඇති. එතකොට ප්‍රභාකරනුත් දැන් දිව්‍යලොකේ ගිහින් ඇතිනේද..?

මේ වගේ බොලද ඉගැන්වීම බුදුදහමේ නෑ. අන්න ඒකයි ඒ අයට ගොඩාක් හිතට අමාරු. අනික අපේ බෞද්ද සියලුම දෙනා බුදුදහම ගැන මහත් ශ්‍රද්දාවකින් පැහැදුනොත් ඒ අයට උවමනා කරන පරිදි බෞද්දයෝ හසුරවා ගන්න බැරි වෙන බව ඒ අය දන්නවා ඒකයි මෙතරම් නීජ ලෙස බුදුදහමට පහර ගහන්න උත්සහ කරන්නේ.

බුදුදහමේ තරම් ධනාත්මක චින්තනය ගැන කතාකරපු තැනක් වෙන නෑ. බුදුරජානන් වහන්සේ අපේ ජිවිතය සාර්තක කරගන්න මන්ගල කරුනු 38ක් ගැන දෙශනා කලා අපි ඒ ගැන මීට කලින් පල වුනු ලිපියකින් දැන ගත්තා තව දෙමාපියන්ගෙන් දරුවන්ට, දරුවන්ගෙන් දෙමාපියන්ට, ගුරුවරුන්ගෙන් සිසුවන්ට සිසුවන්ගෙන් ගුරුවරුන්ට ඉටුවිය යුතු යුතුකම් රාශියක් ගැන දෙශනා කලා මෙන්න මේවා තමයි ජිවිත්යට ව්ටිනා ධනාත්මක චින්තන කියන්නේ.

තමන්ගේ විනෝදය තකා දඩයමේ යනවා නම් සතුන්ට හින්සා කරනවා නම් ඒක ධනාත්මක චින්තනයද..? බුදුරජානන් වහන්සේ අපිට දෙශනා කරලා නෑ විනොද වෙන්න එපා කියලා. තව කෙනෙකුට හින්සාවක් පිඩාවක් නොවන විදිහට සතුටු වෙන්නයි අපිට කියලාදිලා තියෙන්නේ ඒතකොට මොකක්ද ඔතන හරි ධනාත්මක චින්තනය. මෙන්න මේවගේ කරුනු රාශියකින් ඔය මිත්‍යා මතදාරීන් පවසන සියලු දේ අසත්‍යක් බවට ඔප්පු කල හැකී.

එමනිසා අපිත් මේ බොලද ක්‍රියා වලට නොරැවටී සිටිමු ඒවගේම අපේ අහිංසක බෞද්ද ජනතාවත් වැටෙන්න යන විපතෙන් අපි ඒ අයව බේරාගමු. ඒ දේ කල හැක්කේ නියම බුදුදහම ඒ අයට කියාදීමෙන් පමනි. ඒ නිර්මල වූ බුදුදහම අපිත අපේ ජිවිතයට එකතු කරගෙන මේ ඉපදි ඉපදි මැරි මැරී යන සසරෙන් එතෙර වෙමු. හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

සැමට තෙරුවන් සරණයි...!

(Group)
http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts

(Blog)
http://saveourbuddhism.blogspot.com/

(e-mail)
saveourbuddhism@gmail.com

Friday, July 10, 2009

මරනය...

"මරනය" කියපු ගමන්ම කවුරුත් කැමති නැති වචනයක් ඒක, අපි මරනය ගැන කත කරන්න ගියපු ගමන් "ඔන්න මූසල කතා කියනව" කියල සමහර අය කියනව ඇයි අපි මරනය කියන වචනයට කැමති නැත්තෙ..? මොකද අපිට නොදනීම අපෙ හිතෙ මරනයට තියන බය නිසයි. අපේ හිතෙ තියන සොභාවයක් තමයි මේ සන්සාරේ පැවැත්මටයි අපේ හිත හැදිල තියෙන්නේ.

අපි අපේ හිත එකග කරගෙන තමයි සන්සාරෙන් මිදෙන්න ඔනි අපි අපෙ හිත එකග කරගන්නකන් අපෙ හිත හදන්නෙ අපිට ඊලග සන්සාර උපතට කර්ම රැස් කරල දෙන එකයි. අපි අපේ හිතට ඔනි දේවල් හිතට එන්න දෙන්න නැතිව මරනය ගැන හරියට හිතල බැලුවොත් ඒ ගැන බය වෙන්න දෙයක් නෑ.

හැබයි ඒ හැමෝටම නෙමයි. හොදයි ඒ මොකද කියල අපි බලමු. අපි තාම සන්සාරෙන් මිදිච්ච නැති පෘතක්ජන මිනිස්සු ඉතින් අපෙ මරනය කියන්නෙ අපෙ ඊලග සන්සාර උපතෙ මුල් ආරම්භය ඊලග ආත්මයේ උපත තීරනය වෙන්න අපි මේ ජීවිතයෙ කරන කියන දේවල් වලිනුයි. අපි මේ සන්සාරයේ කරපු කියපු දේවල් සහ මේ ජීවිතයෙ කරන කියන දේවල් එකතුවෙන් අපි රැස් කරගන්න කුසල් අකුසල් වලින් තමයි අපේ ඊලග සන්සාර උපත තීරනය වෙන්න.

එක නිකන් අපිට තියන බැංකු ගිනුම් දෙකක් වගේ. මේ බැංකු ගිනුම් දෙක අපි කවද හරි මේ විශ්වයට ඉපදුනදා එදාම අපිට ලැබුන බැංකු ගිනුම් දෙකක්. අපි තවත් කරන්නේ මේ බැංකු ගිනුම් දෙකම වර්ධනය කරගෙන යන එකයි. මේ එක බැංකු ගිනුමකට කුසල් කියනව. අනිත් බැංකු ගිනුමට අකුසල් කියනව.

අපි ගිය ආත්මේ මරනයට පත් වෙනකොට අපෙ කුස්ල් කියන ගිනුම පිරිලා තිබුනා අකුසල් කියන ගිනුම වඩා ඒ නිසා අපි මනුස්ස ආත්මයක් ලබලා බුදුදහම හොදින් රැකිල තියන මේ වගේ රටක ඉපදුනා. ඉතින් අපි මේ ආත්මයත් කුසල් කියන ගිනුම තවත් වැඩිපුර පුරවගන්නවනම් අකුසල් කියන ගිනුමට වඩා එහෙනම් මරනය ගැන බය වෙන්න දෙයක් නෑ.

මොකද ඊලග සන්සාර උපත මීටත් වඩා හොද තැනක ඉපදෙන්න පුලුවන්. හැබයි ඔයාලට හිතෙනවනම් අනේ මගේ කුසල් ගිනුමට වාඩා මම මේ ආත්මයේ අකුසල් ගිනුම පුරවගත්තා නේද කියලා එහනම් ඉතින් මරනයට බය උනාට කමක් නෑ මොකද අපිට අපි මැරෙන මොහොත කාටවත් කියන්න බෑ.

අද විද්‍යාව කොච්චර දියුනු උනත් කාටවත් කියන්න බෑ අපි මැරෙන මොහොත ගැන. ඉතින් මේ අපි ජීවිතය ගෙනියන හැම මොහොතකම අපි කුසල් එක් රැස් කරන්නත් අකුසල් නොකර ඉන්නත් කටයුතු කරන්න ඔනි. එතකොට අපේ මරනය ගැන බය වෙන්න දෙයක් නෑ. අපි ඉපදෙන එක කියන්නේ ගොඩාක් ගැබුරු දෙයක්.

එත් මම මේ සරලව ඒ ගැන පොඩි දෙයක් ඔයගොල්ලොන්ට කිවුවා විතරයි. අපි මේ ගැන පසුව ගැබුරුව කතාකරමු. මරනය ගැන බය නොවන පිරිස් තුනක් ඉන්නව. ඒ තමයි රහතන්වහන්සෙල, සොවහන් උන පින්වතුන් සහ කුසල් රැස්කරගත්ත පුත්ගලයන්. ඔයගොල්ලෝ කැමති මරනයට බය වෙන්නද බය නොවි ඉන්නද.

බය නොවී ඉන්න නම් ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න. හැමෝටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්ය අවබෝදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

සැමට තෙරුවන් සරණයි...!

මරනයට බය වෙනවද...?
මරනයට බය නොවී ඉන්නවද...?
තීරනය ඔබෙ අතේ...!

(Group)
http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts
Align Center
(Blog)
http://saveourbuddhism.blogspot.com/

(e-mail)
saveourbuddhism@gmail.com


Sunday, July 5, 2009


this letter is type in sinhala unicode so if you have some problem to read this letter i'm realy sorry for that and try Mozilla Firefox web browser for some solution. and u can download sinhala unicode font from this link.

http://www.ucsc.cmb.ac.lk/ltrl/downloader.php?resource=fntsrsv

thank you very much.(Administrator)

බුද්දිය

බුද්දිය කියන්නේත් අපි උපතෙදී ලබන මහගු දායාදයක්. බුද්දිය කියනදේ මිනිසුන්ට පමන්ක් නොවේ සතුන් හටත් පිහිටන දෙයක්. ඒ නිසා තමයි සතුන් ගොදුරු සොයන විට එක එක උපායන් යොදා ගන්නේ. එහෙත් සතුන්ගේ බුද්දියයි මිනිසුන්ගේ බුද්දියයි අතර එක වෙනසක් තිබෙනවා. ඒ තමයි මිනිසුන්ට පුලුවන් ලොකොත්තර සැපය සදහා තමන්ගේ බුද්දිය මෙහෙය වන්න. මිනිසුන් එක එක නිර්මාන කලාට ඒක සතුන්ගේ බුද්දිය ඉක්මවා යාමක් නොවෙයි. සතුනුත් එක එක නිර්මාන ඔවුන්ට හැකි පමනට කරනවා. වඩු කුරුල්ලාගේ කූඩුව, මී වදය මේවා සතුන්ගේ බුද්දිය මෙහෙයවා කරන අපුරු නිර්මාන. ඒ වගේ තමයි මිනිසුනුත් තමන්ට හිමිවී ඇති බුද්දිමට්ටමට අනුව එක එක නිර්මාන කරනවා රූප වාහිනිය නිර්මාන කලා, වාහන නිර්මාන කලා ඒත් මේ එකක් වත් සතුන්ගේ බුද්දිය ඉක්මවා ගියා යැයි කිව නොහැකියි.

කෙනෙක් දැන් අහන්න පුලුවන් එහෙනම් මොකද සතුන් මෙවා නිර්මානය කලේ නැත්තේ කියලා. සතුන් එහෙම කලේ නැත්තේ ඔවුන් හට ඒ දේවල් ඔවුනේ ජිවිතේ ගෙවා ගැනීමට වැදගත් නොවීමත් ඒ ඒ නිර්මානයන් සදහා ඔවුන්ගේ ශරීර අන්ගයන් හසුරුවා ගැනීමට අපසුතාවත් යන කාරනා වෙන්න පුලුවන්. මිනිසාට තිබෙන ලොකුම ගැටලුව තමයි මිනිසා කිසිම දේකින් සෑහීමකට පත් නොවීමයි. මිනිසාට කොච්චර තිබුනත් මදි.

දැන් බලන්න මිසුන් සද තරනය කලා කියලා මොනතරම් උඩ පනිනවාද කෑගහනවාද ලොකූ දෙයක දිනුවා වගේ මේ මොඩයො කෑගහනවා ඒත් හදට ගියා කියලා මේ ඒ කෙනා මරනයෙන් බෙරෙනවාද..? ඒ හදට ගියපු කෙනා සන්සාරයෙන් මිදුනාද..? ලෞකික ජයක් ලබලා සතුටක් ලබනවා නම් ඒ සතුටත් තාවකාලික සතුටක්. ඒ සැමදෙයක්ම අනිත්ය ප්රත්යෙන් නැතිවෙලා යනවා.

මේ මිනිසුන්ට හදට ගියා කියලා ඇති උනාද..? මෙන්න දැන් අගහරු තරනය කරන්න සුදානම් වෙනවා. මේ ලෞකික ආශාවන් ම තමයි මේ මිනිසුන්ගේ සන්සාර ගමන දිග් ගස්සන්නේ කියලා මේ අය දන්නේ නෑ. මේ මිනිසුන් අදුරෙන් අදුරටම යනවා කියලා ඔවුන්වත් දන්නේ නෑ. ඒත් බෞද්දයො වුන අපි හැමෝම මේ ගැන දැනගත් යුතුයි. සන්සාරේ තව දුරටත් ගමන් කරනවා කියන්නේ ඉතාමත් භයානක කාරනාවක්.

මොකද සිත කය වචනය සන්වර නොකර ගත්ත අපි හැමෝම නිරයේ දොර ලග සිටගෙනයි සිටින්නේ නිරයට වැටුනොත් නම් අයේ ගොඩ එන්න ලෙසි වෙන්නේ නෑ. ඒ නිසයි මේ සසර ගමන මෙතරම් භයානක වෙලා තියෙන්නේ. සමහරක් කියනවා වාගේ සුරංගනා ලෝක, මැරෙන මැරෙන අය දෙවියන් අතර ඉපදෙන මොඩ ඉගන්වීම අපේ දහමේ නෑ. අපි කරන කියන දේ ඵලය හැටියට ඉදිරියට ගෙනයනවා කියන එකයි බුදු දහමේ තියෙන්නේ. මේ ගමන් කරන භයන්කාර වූ සන්සාරයෙන් මිදීමට නම් අපි සිත කය වචනය කියන තුන් දොර සන්වර කර ගමු. මේ ජිවිතය තුලම චතුරාර්ය සත්ය අවබෝද කර ගැනීමට උත්සහවන්ත වෙමු. හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්රාත්නා කරනවා.

සැමට තෙරුවන් සරණයි...!

(Group)
http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts

(Blog)
http://saveourbuddhism.blogspot.com/

(e-mail)
saveourbuddhism@gmail.com