Sunday, June 28, 2009


උත්සහය හා උනන්දුව.

මිට කලින් පල වුනු ලිපියකත් මෙගැන සදහන් වෙනවා, නමුත් අද සමාජය අන්දයන් ලෙස ක්‍රියා කරනවා දකිනවිට නැවතත් මේ ගැන සදහන් කිරීමට බලාපොරොත්තුවෙනවා.

අද සමාජයේ ගොඩක් පිරිස් උත්සහය, උනන්දුව, කැපකිරීම පැත්තකට දාලා යාග, යාච්ඤා, දුක් ගැනවිලි ඉතාමත් සතුටින බාරගන්නා බව පේනවා. බුදුදහමින් ඈත්වීම, නොදන්නා කම නිසයි මෙහෙම දෙවල් වෙන්නේ. මිනිසුන් හිතන්නේ සෑම දෙයක්ම ප්‍රාර්තනාවෙන් ඉටුකර ගැනීමට පුලුවන් කියලයි. ඒකත් එක අතකට කම්මැලි කමක්. දෙයක් ලබාගැනීමට උත්සගන්නවාට වඩා එම දේ ලැබෙවා කියලා ප්‍රාර්තනා කරලා උඩබලගෙන ඉදීම ලෙසි වැඩක්. හැබයි ඒක අසාර්ථක දෙයක් මයි.

මේක පොඩිළමයකුට පවා තෙරුම් ගත් හැකි කාරනාවක්. කෙනෙක් ලස්සන ගෙදරක් හදාගැනීමට කැමත්තෙන් ඉන්නවා නමුත් මෙකෙනා කම්මැලියෙක්, මොඩයෙක් ඉතින් මේ කෙනා මට ගෙයක් ලැබේවා ලැබේවා කිය කියා හිටියොත් මෙයාට ගෙයක් ලැබෙවිද...? දෙවියෙක් ගෙයක් අහසින් ගෙනත් දෙයිද...? ඇත්තටම මේ කෙනාට ගෙයක් හදා ගැනීමට උවමනා නම් කරන්න තිබුනේ රස්සාවක් කරලා මුදල් එක් රැස් කරගෙන ගෙයක් හදන එක නේද.

මේක ඇත්තක් බව දැන දැනත් අපි ඒක බාර ගන්න කැමති නෑ. මේක මොඩකමක් නෙමේද. මෙවන් මොඩ මිනිසකුට ලෙඩක් හැදුනම කරන්නෙත් අර මුලින් කරපු මොඩ වැඩම තමයි. ලෙඩේට බෙහෙත් ගැනිම වෙනුවට මෙය කරන්නේ දෙවියන්ට පොල් ගහනවා. දෙවියන්ට යච්ඤා කරනවා, ප්‍රාර්ත්නා කරනවා, අහිංසක සතුන්ව බිලි පුජා දෙනවා. බලන්න මොඩකම නිසා තව තවත් පවු රැස්කරගන්නවා.

සමහරක් මිනිසුන් සිතාගෙන ඉන්නේ දෙවියන් කොප වෙලා තමයි ලෙඩ දුක් හැදෙන්නෙ කියලා. මොන බොලද කතාද මෙවා. කියන්නේ නම් අපි ඉන්නේ 21 වෙනි ශතවර්ශයේ කියලා. එහෙම කිය කියා කරන්නෙම බාලාන්සෙ වැඩ. කෙනෙක් ඒ දෙ කරනවා කියලා අපි ඒ දේ එහෙමම කරන්න ඕනේ නෑ. කෙනෙක් ඒ දේ කියනවා කියලා අපි ඒදේ එහෙමම කරන්න උවමනා නෑ. අපිට මොලයක් කියලා දෙයක් තියෙන්න ටිකක් හිතලා ක්‍රියා කරන්නයි.

අපිට තව කෙනෙක් වෙනුවෙන් ප්‍රාර්තනා කරන්න පුලුවන්. නමුත් තමන්ට උවමනා දෙයක් පිලිබද ප්‍රාර්තනා කරලා තෙරුමක් නෑ. තමන්ට උවමනා දෙයක් ලබාගැනීමටනම් එයට උත්සහ කරන්න ඔනි. අපි මේ අනුවන ක්‍රියා මගහරවාගමු. ඔබ මේ අනුවන ක්‍රියා මගහරවා ගන්න ඔබට එවිට මේ සම්බුදු දහම ඔබට දැකගත හැකියි. හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

සැමට තෙරුවන් සරණයි...!