Friday, June 26, 2009

අරියසාවකෝ සංඝං අනුස්සරති...!

අරියසාවකෝ සංඝං අනුස්සරති කියලා කියන්නේ මාර්ගඵල ලාබී ආර්ය ශ්‍රාවකයා විසින් බුදුරජානන් වහන්සෙගේ ආර්ය ශ්‍රාවක සංඝයාව සිහිකරනවා කියන එකයි. ඒ කොහොමද කියලා අපි බලමු.

"සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නො භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමිචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිධන් චත්තාර් පුරිසයුගානි අඨ්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ අහුනෙයියෝ පාහුනෙයියෝ දක්ඛිනෙයියෝ අඤ්ජලිකරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති"

සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - රාග, ද්වේශ, මෝහ නසන ප්‍රතිපදාවේ සංඝරත්නය සිටින බව සිහිකරනවා

උජුපටිපන්නො භගවතෝ සාවක සංඝෝ - ආර්යශ්ඨාංගික මාර්ගය නම් වූ සෘජු ප්‍රතිපදාවේ සංඝරත්නය සිටින බව සිහිකරනවා

ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - චතුරාර්ය සත්‍යය අවබෝධ වෙන වැඩ පිලිවලක සංඝරත්නය සිටින බව සිහිකරනවා.

සාමිචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - බුදුරජානන් වහන්සෙගේ සංඝරත්නය ඒ ධර්ම මාර්ගය ම මේ ලෝකයේ පතුරනබව සිහිකරනවා.

යදිධන් චත්තාර් පුරිසයුගානි අඨ්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ - මේ ප්‍රතිපදා වලින් යුතු බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවක පිරිස

අහුනෙයියෝ - දුර සිට ගෙනෙන දන් පැන් පුජා කරන්න සුදුසුයි.

පාහුනෙයියෝ - ආගන්තුක ව වැඩම කළ විට උපස්ථාන කරන්නට සුදුසුයි.

දක්ඛිනෙයියෝ - පින් සලකා ගෙන දන් පැන් කරන්නට සුදුසුයි.

අඤ්ජලිකරණියෝ - වැදුම් පිදුම් කරන්නට සුදුසුයි.

අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස - ලෝකයට උසස් වූ පින් කෙතයි.

මේ ආකරයට අපිත් මෙවායේ තේරුම අවබෝදයෙන් සච්ජායනා කරමු.

සැමට තෙරුවන් සරණයි...!

No comments:

Post a Comment