Wednesday, March 10, 2010

අදුර,බිය,දුක පිරුනු මෙවන් සසරක්...

මිනිස් ආත්මයක් ලබලා ඉපදෙනවා කියන්නේ ඉතාමත් කලාතුරකින් ලැබෙන අවස්තාවක්. අපේ සන්සාරේදී අපි කල විශාල පිනක් පලදීමෙන් ලැබෙන අවස්තාවක්. අද මේ ලිපිය කියවන අපි සියලුම දෙනා ඒ අවස්තාව උදාකර ගත් පිරිසක්. එහෙම විශාල පිනක් ලැබිලත් ලංකාව වැනි රටක ඉපදීමට ලැබීම තවත් වාසනාවක්. ගිනි කදු නැති, විශාල සුලිසුලන් කුනාටු නැති, විශාල භූමි කම්පා නැති මෙවන් ස්වාභාවික විපත් නැති රටක ඉපදීමට ලැබීම වාසනාක් නොවේද..?

මෙවන් වාසනාවන්ත රටක ඉපදිලත් බෞද්දයෝ විදිහට ජිවත් වීමට ලැබීම තවත් වාසනාවන් නේද..? ඒත අපි අද මොකද මේ කරන්නේ ඒ ලැබිච්ච දුර්ලභ අවස්තාවට පයින් ගහනවා නේද..? අද අපි දේශපාලනය, කවුද අපේ ඊලග පාලකයා කොහොමද අද දවස කාලා ඇදලා ඉන්නේ කියලා හිතනවා පමනයි නේද..? අපි තවමත සසරේ අතරමන් වෙලා කියලා මොහොතකටවත් සිතන්නේ නෑ. හිතන්න එපා මේ ආත්මයේ මිනිසෙක් වෙලා ඉපදුන පලියට ලබන ආත්මයෙත් මිනිසෙක්ම වෙලා ඉපදේවීයි කියලා. බල්ලෙක්,පූසෙක්,නරියෙක් වෙලත් ඉපදේවී ගෙම්බෙක්, සර්පයෙක්,පනුවෙක් වෙලත් ඉපදේවි ඒකයි සසරේ ස්බාවය. පින කියනදේ නිකම් ලැබෙන්නේ නෑ. පින අපි රැස්කර ගතයුතු දෙයක්. පින කියන්නේත් හ්‍රියට ඉන්ධන වගේ දෙයක් වාහනයක ඉන්ධන තියනකන් ඒක යනවා ඉන්ධන ඉවරවූ විගස එය නතර වෙනවා. පිනත් ඒ වගේ පින තඉයනකන් ඒ පින පලදෙනවා පින ඉවර උනාම රැස් උන පවුපලදෙනවා.

අපි හැමොම මේ ආපු සන්සාරේ පවු රැස්කරගත් අය කියලා මොහොතකටවත් අමතක කරන්න එපා. අපි විසින් රැස්කරගත් පින් නිසා පවු යටකරගෙන පින් පලදනවා. අවස්තාව ලද සැනෙන් පවුත් පලදෙනවා. එම නිසා අපි හැමෝම පුලුවාන්තරම් වැඩි වැඩියෙන් පින් රැස්කරගන්න වග බලාගත යුතුයි. ඒත් අද සමාජයේ වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් පින්,පවු පැත්තකට දාල පුලුවාන් තරම් මුදල් නම් රැස්කරගන්න දගලනවා. ඉතාමත් කලාතුරකින් ලැබුන මේ උතුම් අවස්තාවට පයින් ගහලා දුගතියේ වැටෙන අයුරින් කටයුතු කරනවා. මිනිස් ලොවට කියන්නේ සුගතිය කියලා මිනිස්, දිව්‍ය, බ්‍රහ්ම ලොක සුගතිය අනිත් ලෝක සියල්ලම දුගතිගාමී. ඉතින් ඇයි අපි මේ ලැබුන අවස්තාවෙන් ප්‍රයොජනය නොගන්නේ. මිනිස් ආත්මයක් ලැබුනා, හොද රටක ඉපදුනා, නිර්මල දහමක් ජිවිතයට එක්කර ගන්න ලැබිලත් එයින් ප්‍රයොජනය නොගන්නවා නම් අපිට වඩා අනුවත් පිරිසක් තවත් සිටිනවාද..?

මෙතෙක් කල් මේ ඉපදි ඉපදි මැරී මැරීයන සන්සාරේ අපි ඇවිදගෙන ආවා තවත් මේ විදිහට මේ සන්සාරයේ දුක් විද විද ඇවිදගෙන යනවාද..? අපේ සසරේ පටන් ගැන්ම දන්නෙත් නෑ අවසානය දන්නෙත් නැත්නම් අපේ මිනිසත් කමෙන් ඇති ප්‍රොයෝජනයක් තියනවාද..? මේ සසරෙන් මිදෙන්න මාර්ගය කියාදෙන නිර්මල දහමක් තියගෙන අන්දයෝ වගේ තවත් මේ සසරේ සැරිසරනවාද..? මේ සසරෙන් මිදෙනවාද..?
තීරනය ඔබේ අතේ...

සැමට තෙරුවන් සරණයි..!!!