Friday, June 26, 2009


හිස් කුබුරක්...!

අපිට කිසියම් උපතක් ලබුනා කියන්නේ අපිට හිස් කුබුරක් ලැබුනා හා සමානයි. අපි මොකද කරන්නේ මේ කුබුර වපුරනවා. ජිවිතේ සාර්ථක කරගන්න උත්සහ ගන්න පුත්ගලයා මේ කුබුරේ වී වපුරනවා වී වපුරලා නිකම්ම බලාගෙන ඉන්නේ නෑ. ඒ කුබුරේ වල් පැල පැලවෙන්න පුලුවන් ඒවා ගලවන්න ඕනෑ. කුබුරට වතුර දාලා පොහොර දාලා හොදට බලා ගන්න ඕනෑ. එහෙම කලොත් තමයි හොද අස්වැන්නක් ලබා ගන්න පුලුවන් වෙන්නේ.

අන්න ඒවාගේ තමයි අපේ ජිවත වලත් හොද දේවල් කලොත් අපිට හොද ප්‍රතිඵල ලැබෙනවා. නරක දේවල් කලොත් නරක ප්‍රතිඵල ලැබෙනවා. අපේ ජිවිත තුල අපි කරන කියන දේ තමයි අපි අස්වැන්න කරගන්නේ. සමහරක් අය ලැබෙන කුබුර නිකම්ම තියෙන්න ඉඩ ඇරලා බලන් ඉන්නවා. ඉතින් මේ කුබුරේ වල් වැදිලා නාස්තිවෙලා යනවා. ඒ කියන්නේ අර පුත්ගලයා නිකන් කකා බිබී ඉදලා තිරිසනෙක් වගේ මැරිලා යනවා.

අපිට මේ ලැබිලා තියෙන්නේ ඉතාමත් කලාතුරකින් ලැබෙන උතුම් අවස්තාවක්. ලංකාව වගෙ රටක ඉපදුනා, සද්දර්මය අහන්න ලැබුනා ඉතින් මෙවගේ අවස්තාවක් මග හරිනවා නම් ඒක මහ මොඩ වැඩක්. ඊලග ආත්මයේ අපි කොහේ කොහොම ඉපදෙයිද කියන්න අපි දන්නේ නෑ. ඒක තීරනය වන්නේත් අපි මේ ආත්මයේ කරන කියන දේ අනුවයි. ඒක තමයි ඉස්සෙල්ලා කිව්වෙ අපි අස්වැන්න කර ගන්නේ අපි වපුරන දෙයමයි.

කෙනෙක් හොද ගති ගුන පුරුදු කරනකොට බාදා කම්කටලු ඇතිවන්න පුලුවන්. හරියට කුබුරක වල් පැල ඇතිවනවා වාගේ. ඒත් අපි ඒ වල් පැල උදුරා දමා සාර්ථක කුබුරක් කරගෙන යනව වගෙම අපි ජිවිත් තුල ඇතිවන බාදා කම්කටලු මැඩගෙන අපි ඉදිරියට යන්න ඔනේ. එහෙම කලොත් අපිට සාර්ථක ජිවිතයක් ගත කරන්න පුලුවන්. ඉතින් අපිට මේ ලැබිලා තියන උතුම් අවස්තාවෙන් අපි උපරිම ප්‍රයොජනය ගමු.

මේ සද්දර්මය අපේ ජිවිත වලට එක්කර ගනිමින්, හොද ගති ගුන පුරුදු කරමින් අපේ ජිවිත අපි ජය ගමු. හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්‍ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්‍රාත්නා කරනවා.

සැමට තෙරුවන් සරණයි...!

No comments:

Post a Comment