Friday, June 26, 2009

නව අරහාදී බුදුගුන...!

අපි පන්සල් ගිහිල්ලා නිකාම්ම ගාථා ටික මන්තරයක් වගේ කියාගෙන යනවා එත මේවාගේ තෙරුම අපි දැනගෙන නෙමෙයි නෙද එහෙම කියන්නේ. මේ විදිහට කියන්නන නම් ගිරවෙකුට උනත් පුලුවන්. ඒත් මනුස්ස අපිට විතරයි ඒකෙ තෙරුම දැනගෙන අවබෝදයෙන් ඒ ගාථා සච්ජායනා කරන්න පුලුවන්. ඒ නිසා අපි එම ගාථාවල තෙරුම ඉතාමත් කෙටියෙන් හරි දැන ගනිමු.

"ඉතිබිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරන සම්පන්නෝ සුගතො ලොකවිදු අනුත්තරො පුරිසදම්ම සාරථී සත්ථා දේවමනුස්සා නං බුද්ධෝ භගවාති"

අරහං - අරහං කියන වචනයේ තේරුම සුදුස්සා කියන එකයි. කෙනෙක් නුවනින්, ශ්‍රද්ධාවෙන් පිලිගන්වන පුජාවන් ලැබීමට බුදුරජානන් වහන්සේ සුදුසුයි.

සම්මා සම්බුද්ධ - සම්මා සම්බුද්ධ කියන්නේ කිසිම ගුරුවරයකුගේ මගපෙන්වීමක් නොමැතිව කිසිම උපදෙශයක් නොමැතිව, කිසිම උපකාරයක් නොමැතිව සියලුම ධර්මයන් සහ සියල්ල ඉතිරි නැතිවම නමන් වහන්සේම අවබොද කලා කියන එකයි.

විජ්ජාචටණ් සම්පන්න - විජ්ජාචටණ් සම්පන්න කියන්නේ චතුරාර්ය්‍ය සත්‍ය නිවරදිව අවබොද කරගෙන ඒ අවබොද කරගත් ධර්මය පැහැදිලිව දෙශනා කිරිමට ඇති හැකියාවයි.

සුගත ගුණය - සුගත කියලා කියන්නේ ශරීර්යට අධික ලෙස සැප දීමත් අධික ලෙස දුක් දීමත් අත් හැරලා මධ්‍යම ප්‍රතිපදා මාර්ගයේ ගමන්කල නිසයි.

ලොක විදු ගුණය - සංස්කාර ලෝකය, අවකාශ ලෝකය හා සත්ව ලොකය කියන තුන්ලොව ගැනම මැනවින් දැනගත් නිසා බුදුරජානන් වහන්සේගේ ඒ ගුණයට ලොකවිදු කිලා කියනවා.

අනුත්තර පුරිසදම්ම සාරථී ගුණය - පුත්ගලයන්ව ධර්මයේ පිහිටුවලා දමනය කිරීමට උන්වහන්සෙට තිබූ හැකියවට අනුත්තර පුරිසදම්ම සාරථී ගුණය කියලා කියනවා.

සත්ථා දේවමනුස්සානං ගුණය - මෙලොවත්, පරලොවත් සුගතිගාමී කරගෙන මේ සසර දුකින් මිදීමට මිනිසුන්ටත්, දිව්‍ය බ්‍රහ්මයන්ටත් අවබොද අනුසාසනා කරන නිසා බුදුරජානන් වහන්සේගේ එම ගුණයට සත්ථා දේවමනුස්සානං ගුණය කියලා කියනවා.

බුද්ධ ගුණය - ලෝකයේ යථාර්ථය තමා විසින්ම දැකලා චතුරාර්ය‍ය සත්‍ය අවබොද කල නිසා බුද්ධ කියලා කියනවා.

භගවා ගුණය - ඕනෑම පුත්ගලයෙක් හෝ වස්තුවක් සිත් පරිදි මෙහෙයවීමට ඇති හැකියාවත් ලෝකයෙන්ම උතුන්ම ශීලාදි ගුණ ධර්ම වල භාග්‍ය ලබූනිසත් බුදුරජානන් වහන්සෙගේ එම ගුණයට භගවා කියා කියනවා

ඉතින් මින්පසු මෙම බුදුගුණ අවබොදයෙන් අපි සජ්ජායනා කරමු.

සැමට තෙරුවන් සරණයි...!

1 comment:

  1. ඉතිබිසෝ නොවේ.
    ඉතිපිසෝ

    ReplyDelete